නවදිල්ලියේ සිදුවූ පිපිරීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි..
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අදාළ විමර්ශන ක්‍රියාත්මක බව ආරක්ෂඅංශ දැනුම් දී තිබේ.
මෙම පිපිරීමෙන් පුද්ගලයින් නව දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.
ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන 17 වැනි සියවසට අයත් රතු බලකොටුව ආසන්නයේ ප්‍රබල පිපිරීමක් සිදුවුණේ ඊයේ (10) පස්වරුවේදීය.
චාන්දනී චෝක් මෙට්‍රෝ දුම්රිය ස්ථානය ආසන්නයේ මංසන්ධියක සෙමින් ගමන්කරමින් පැවති සුදු පැහැති හයිහුන්ඩායි අයි 20 මාදිලියේ මෝටර් රථය තුළ මෙම පිපිරීම සිදුව ඇති බව අනාවරණය වී තිබේ.
මියගිය පිරිසට අමතරව විස්සකට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් බහුතරය ආසන්නයේ පිහිටි ලෝක් නායක් ජායි ප්‍රසාද් රෝහලේ මේ නවන විට ප්‍රථිකාර ලබමින් සිටියි.
ඊයේ පස්වරු 6.52කට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට නම් කර ඇත.
ප්‍රහාරයට පැය තුනකට පෙර මරාගෙන මැරෙන ප්‍රහාරයේ සැකකාර රියදුරු එම මෝටර් රථය රතු බලකොටුව ආසන්න රථගාලක් වෙත පැමිණි අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.
ඔහු පස්වරු 6.30 දක්වා එහි රැඳී සිට ඇති අතර, අනතුරුව රථය රථ ගාලෙන් ඉවතට පැමිණ දිල්ලි හි ජනාකීර්ණ මාර්ගය වෙත පිවිස පසුව කෙටි වේලාවකින් එය පුපුරවා හැර ඇති බව ඉන්දීය පොලීසිය පවසයි.
සිදුවීමෙන් මාර්ගයේ ගමන් කරමින් පැවති රථ වාහන රැසකට හානි වී තිබුණි.
ඒ සමඟම විශාල ගින්නක් ද හටගත් අතර එය පාලනයට ගිනි නිවන රථ විස්සක් පමණ යොදවා දැඩි වෙහෙසක් දැරීමට බලධාරීන්ට සිදුව තිබුණි.
මෙම පිපිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය සහ ජාතික ආරක්ෂක බලකාය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මේ සමඟ අනීතික ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත යටතේ ප්‍රති ත්‍රස්ත නීතිය බලාත්මක කිරීමට දිල්ලි පොලීසිය පියවර ගෙන ඇත.
දිල්ලි ප්‍රාන්තයටත්, මුම්බායි, කොල්කටා, බැංගලූරු, ජායිපූර්, හර්යානා, පන්ජාබ්, හයිද්‍රාබාද්, උත්තර් ප්‍රදේශ්, උත්තරාකන්ද් යන නගර සහ ප්‍රාන්තවලට ආරක්ෂාව තර ඇති අතර ඉන්දියාවේ සියලුම දුම්රිය ස්ථානවල සහ ගුවන් තොටුපොළවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
මෙම සිදුවීමට පෙර යම් ප්‍රහාරයක් එල්ලකිරීමට පවතින සූදානමක් සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණ වී ඇත.
ඒ අතරින් ආසන්නම සිදුවීම වූයේ නවදිල්ලි අගනුවරට කිලෝ මීටර් 50ක් පමණක් දුරින් පිහිටි හර්යානා හි ෆරීදාබාද් නගරයේ නිවසක තිබී පුපුරන ද්‍රව්‍ය කිලෝ 2,900ක් පමණ හමුවීමය.
ජම්මු කාෂ්මීර පොලීසිය ඊයේ (10) උදය කාලය තුළ මෙම සොයාගැනීම සිදුකර තිබුණේ, ජයිෂ් ඊ මොහොමද් නම් ත්‍රස්තවාදී කල්ලියට සහාය පළකරන පෝස්ටර් ප්‍රචාරය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් අදිල් අහ්මද් නම් කාෂ්මීර වෛද්‍යවරයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් ලබාගත් තොරතුරු මත බව සඳහන් වේ.
දිල්ලි ප්‍රහාරය සහ මෙම ෆරීදාබාද් ත්‍රස්ත ජාලය අතර සබඳතාවක් තහවුරු කරගැනීමට පොලීසියට හැකිව ඇත්තේ, පුපුරාගිය මෝටර් රිය දකුණු කාෂ්මීරයේ පුල්වාමා හි වෛද්‍යවරයෙකුට අයත් එකක් බවට හඳුනාගැනීමත් සමඟිනි.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්