නුගේගොඩ රැස්වීමට නොඑන අයව විවේචනය කරන්න එපා.. - උදය ගම්මන්පිල
පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
"සමහර දේශපාලන පක්ෂ විවිධ හේතුන් මත නුගේගොඩ රැළියට සහභාගි වෙන්නේ නෑ කියලා ප්‍රකාශ කර තිබෙනවා. සමහරු ඒ පිළිබඳ කර්කශ විවේචනත් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් රැළියට සහභාගි වෙන සියළුම පාර්ශව වලින් ඉල්ලා සිටින්නේ ඒ අයව විවේචනය කරන්න එපා. ඒ අයට සරදම් කරන්න එපා. අද එකතු නොවන අයව හෙට මේ මහ ප්‍රවාහයට එකතු එකතු කර ගන්න එක තමයි අපේ ඉලක්කය වෙන්න ඕනි. හැමදාමත් සංධාන ගොඩ නගන්න ඉන්නේ ටික දෙනයි. නමුත් ඒක අවසානයේ ආණ්ඩු පෙරලන මහ බලවේගයක් වෙනවා. ඒක හරියට පුංචි දිය පාරක් සෙමින් සෙමින් ඉදිරියට ඇදිලා මහ ගංගාවක් වෙනවා වගේ. කොහොමත් බස් එක කොට උඩ තිබෙන කොට ඒක හදන්න එකතු වෙන්නේ ටික දෙනෙක් වුණාට බස් එක පාරට දැම්මාම ඒකේ නැගලා යන්න ගොඩ දෙනෙක් ඉන්නවා. ඒක තමයි ලෝක ස්වභාවය.
දේශපාලන උපාය මාර්ගවල දැවැන්තයෙකු වන මහත්මා ගාන්ධි වරක් අපූරු උපදෙසක් දුන්නා. ඔබ අළුත් ව්‍යාපෘතියක් පටන් ගත්තාම මුලින්ම, ඔබව ගණන් නොගෙන ඉඳීවි. දෙවනුව, ඔබට සරදම් කරාවි. තුන්වෙනුව, ඔබව සැක කරාවි. සිව්වෙනුව, ඔබව විවේචනය කරාවි. පස්වෙනුව, ඔබට අපහාස කරාවි. හයවෙනුව, ඔබට බාධා කරාවි. මේ සියල්ලෙන්ම ඔබ නොසැලී ඉදිරියට ගියොත් ඒ සියළුදෙනාම ඔබත් සමග එකතු වේවි. අපි මේ වන විට ඉන්නේ ගාන්ධිතුමා කියූ සරදම් කරන සැක කරන අපහාස කරන අවධිවල. ඊලඟට බාධා කරන අවධිය ඒවි. ඒ සියල්ලටම අපි අධිෂ්ඨානයෙන් මුහුණ දුන්නාම අවසානයේ දී ඒ සියල්ලම මේ ආණ්ඩුවට එරෙහිව අපත් සමග එකතු වේවි. එදා දවස උදාවන තුරු අධිෂ්ඨානයෙන් සිටීමත් විපක්ෂයේ අන් බලවේග වල මත ඉවසීමත් අපි කළ යුතු වෙනවා.
එකම එක පක්ෂයක් විතරක් අපේ අතර ආණ්ඩුවේ ඔත්තුකරුවන් සිටින නිසා අපෙත් සමග එකතු වෙන්නේ නෑ කියලා ප්‍රකාශ කරලා තිබුණා. පසුගිය සතියේ මම උත්තර දුන්නේ ඒ ප්‍රකාශයට. අපේ ගමන ගැන සැකයන් මතු කරන ප්‍රකාශයන්ට අපි පිලිතුරු දුන්නත් අන් කිසිවෙකු සමග ගැටුම් ඇති කර ගෙන අනාගතයේ අපෙත් එක්ක එකතු වෙන්න තිබෙන අවස්ථාව අහිමි කර ගන්න අපි කැමැති නෑ. වත්මන් ආණ්ඩුවට දුන් පොරොන්දු ඉටු කරනු කියලා පොරොන්දු සිහිපත් කළ යුතුයි කියා ඔබ හිතනවා නම් හොරු අල්ලන්න ඇවිත් කම්බ හොරුන් බවට මාලිමාව පත් වෙලා කියන එක රටට හෙලි කළ යුතුයි කියා ඔබ හිතනවා නම් වැඩ බැරි නම් කයියෙන් ඇති වැඩක් නෑ කියලා ආණ්ඩුවට කියන්න ඕනි කියලා ඔබත් හිතනවා නම් ඔබ මේ මොහොතේ විශ්වයේ කොතැනක හිටියත් නොවැම්බර් 21 සවස ඔබ සිටිය යුතු එකම තැන නුගේගොඩ පමණමයි කියන එක අපි නැවත වතාවක් සිහිපත් කරනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..