මන්ත්‍රීලාට වාහන ගේන්න මිලියන ගණන් වෙන් කළත් රටේ රෝහල් සේවා නැංවීමට අයවැයෙන් කිසිම අවධානයක් නෑ - GMOA චෝදනා කරයි
මෙවර අයවැයෙන් ජනතා බදු මුදලින් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට වාහන ගෙන්වීමට රුපියල් මිලියන 12,500ක් වෙන් කළ රජය, වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන ගැටලු විසඳීමට කිසිම අවධානයක් යොමු කර නැතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
එමෙන්ම පවතින ඖෂධ ගැටලුවට හෝ ප්‍රමිතිගත ඖෂධ රටට ගෙනඒමට අවශ්‍ය විද්‍යාගාරයක් ඉදිකිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිල නිවාස නිල කාමර සම්බන්ධ ගැටලු විසඳීම ඇතුළු ප්‍රධාන ප්‍රශ්න කිසිවක් පිළිබඳව යෝජනාවක් හෝ අවධානයක්, අයවැයෙන් කර නොමැති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙරේදා (09දා) පැවසීය.
දීර්ඝ කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවය මුහුණ දී තිබෙන ගැටලු අද විශාල අර්බුදයක් වී තිබෙන බවත් මේ හේතුවෙන් රෝහල් සේවා බිඳවැටීමේ අවදානමක් මතුවී ඇති බවත් හෙතෙම කීය.
බිඳවැටෙන රෝහල් සේවා රැකගැනීමට සිය සංගමය අයවැයට පෙර අටවැදෑරුම් යෝජනාවලියක් රජයට ඉදිරිපත් කළත්, ඒ පිළිබඳව රජයේ අවධානය යොමු නොවීම දැඩි කනගාටුවක් බව පැවසූ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා, මෙවර අයවැය මගින් සෞඛ්‍ය පද්ධතියේ සැමදා ප්‍රශ්නය හඳුනාගෙන තිබේ ද යන්නත් ප්‍රශ්නයක් බව වැඩිදුරටත් සඳහන් කළේය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ