News Category
From Date
To Date
Maximum Number of Result

රජයට “සැබෑ අභියෝගයක් නොවන” 21 නුගේගොඩ රැළියට ජාතික නිදහස් පෙරමුණ සහභාගි වන්නේ නෑ..

Nov 11, 2025 at 06:25 AM
|

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (10) බත්තරමුල්ල සිය පක්ෂ කාර්යාලයේ පුවත්පත් සාකච්ඡාවක් කැදවමින් විශේෂ කරුණු දෙකක් හෙළිදරව් කළේය. ඉන් පළමුවැන්න වූයේ ලබන 21 වැනිදා නුගේගොඩ මංසන්ධියේ පවත්වන “විපක්ෂයේ ඒකාබද්ධ රැලියට” ජාතික නිදහස් පෙරමුණ හැටියට තම පක්‍ෂය සහභාගි නොවන බවට මේ වන විටත් නිවේදනයක් නිකුත් කරමින් රටට දන්වා ඇති බවයි.

එම රැස්වීම සංවිධානය කරන විපක්ෂයේ පොදු එකමුතුවේ සංවිධායකවරුන් වෙත “ජාතික වශයෙන් ඉතා වැදගත් ප්‍රතිපත්තිමය කරුණු” කිහිපයක් අඩංගු ලිපියක් ඉදිරිපත් කරමින් තම පක්ෂය මෙම රැලියෙන් අපේක්ෂා කරන ක්‍රියාන්විතය හා මේ වෙලාවේ රටට අවශ්‍ය ස්ථාවරය කුමක්දැයි පැහැදිලි කළ බව පෙන්වා දුන්නේය. එහෙත් ඒ පිළිබඳව පක්ෂ අතර පුළුල් එකඟතාවක් නොමැති වීමේ ප්‍රතිඵලයක් හැටියට තම පක්ෂය මෙම රැළියට සහභාගි නොවන බව විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

  ''ඒ ලිපියේ අපි ඉතාම මැනවින් අවධාරණය කොට තිබෙනවා. ආණ්ඩුවට එරෙහිවීම යනු, ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තීමය ගමන් මගට නිශ්චිතව අභියෝග එල්ල කිරීම මිස, ජනප්‍රිය හා සරල කාරණාවලින් ආණ්ඩු විරෝධය කුළුගැන්වීම නෙවෙයි කියන එක.

මොකද එවැනි කුළුගැන්වීමකින් ඵලදායී ප්‍රතිඵලයක්, ඒ කියන්නේ මහජනයාට සෑහීමකට පත්විය හැකි ප්‍රතිඵලයක් නිර්මාණය කර ගන්න පුළුවන් වෙන්නේ නෑ කියන එක තමයි ජාතික නිදහස් පෙරමුණේ අපේ මතය. ඒ නිසා තමයි අපි ඒ අදාල සංවිධායක කමිටුවට යෝජනා කළේ, නිශ්චිත කාරණා ගණනාවක් ඉදිරිපත් කරලා, මෙන්න මේ කරුණු මත පදනම් වෙලා මේ විරෝධතා පවත්වන්න. 

අන්න ඒ අතර තියනවා බෙදුම්වාදයට අදාළ කරුණු, ඒ වගේම ආරක්ෂක හමුදා විරුවන් රණවිරුවන් දඩයම් කිරීමට අදාළ කරුණු, ඒ වගේම “ඒ. ජී. බී. ටී. කිව්” වැනි සුළුතර ලිංගික ප්‍රවණතා ප්‍රවර්ධනය කෙරෙන ආණ්ඩුවේ ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු, ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ඒවා ප්‍රවර්ධනය කරන්න අදාළ සූදානමට සම්බන්ධ කරුණු, ඒ වගේම මේ රටේ සභ්‍යත්වයට ගහන ගැහිල්ල ගැනත් ඒකේ කරුණු සදහන් කරලා තියනවා. 

ඒ නිසා අපි ඒ සංවිධායක කමිටුවට යෝජනාවක් හැටියටත් ඉදිරිපත් කරලා තිබෙනවා. එබඳු කරුණු පිළිබඳ, ගැඹුරු සංවාදයක්, සාකච්ඡාවක් සිදු කිරීම අවශ්‍යයි. ඒ වගේම එවැනි කරුණු පිළිබඳව මුළු එකඟතාව ඇතිවීමෙන් පමණයි සැබෑ ආණ්ඩු විරෝධී අරගලය කුළුගැන්වෙන්නේ. සැබෑ ආණ්ඩු විරෝධී අරගලය කුළුගැන්වීමේ වැදගත්කමත් අපි ඒකෙන් පෙන්නවා දීලා තිබෙනවා. 

ඉතින් මේ ආදී කරුණු මත තමයි අපි ලබන 21 වැනිදා පැවැත්වෙන රැලියට ජාතික නිදහස් පෙරමුණ හැටියට සහභාගී නොවීමට තීරණය කර තිබෙන්නේ.

 ඊට අමතරව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් ඇමතිවරයා ලෙස 2026 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් ද උණුසුම් අදහසක් ඉදිරිපත් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය, තමන් මීට පෙර දිනක “පාර්ලිමේන්තුවේදී බොරු කියන බවට කළ ප්‍රකාශය” සනාථ කිරීමට ගෙන ආ ලියවිල්ලක් මිස, මේ අසීරු අවස්ථාවේ රට ගොඩ ගැනීමට හෝ රටේ ආර්ථික හා සංවර්ධන ඉලක්ක ජය ගැනීමට ආලෝකය ලබාදෙන කිසිදු යෝජනාවක් මේ තුළ නොමැති “තොරොම්බල් කරන ලද ව්‍යාජ ලියවිල්ලක්” බව බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය. 

නොවැම්බර් 10 වැනිදා බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, මෙම අයවැය තුළ රටේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහ 2028 දී මුහුණ දීමට ඇති දැවැන්ත ණය අභියෝගයට විසඳුම් දෙන කිසිදු “ආලෝකයක් හෝ දැක්මක්” මෙම අයවැයේ නොමැති බවයි.

නව අයවැය ඉදිරිපත් කර දිනක් දෙකක් ගතවීමටත් පෙර මධ්‍යම පළාතේ එළවලු හා අල ගොවියන් මෙන්ම ලොකු ලූණු සහ බඩ ඉරිඟු ගොවියන් සිය නිෂ්පාදන වෙළඳපොළට නොයවා අද මහපාරට බැස විරෝධතා දැක්වීමෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල ඇති අවුල මනාව පැහැදිලි වන බව වීරවංශ මහතා ප්‍රකාශ කළේය. ගොවීන්ගේ ජීවිත අසරණ භාවයට ඇද දමා, ඔවුන්ගේ නිෂ්පාදනවලට මිලක් හෝ වෙළඳපොළක් අහිමි කර ඇත්තේ ගොවියන්ගේ කරමතින් බලය ගත් මෙම ආණ්ඩුව බවට ඒ මහතා චෝදනා කළේය.

වීරවංශ මහතාගේ විවේචනයේ ප්‍රධානතම උණුසුම් කරුණ වූයේ, විදේශ විනිමය සංචිත අඩුවන පසුබිමක, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්, ප්‍රාදේශීය සභා නියෝජිතයින් හා චක්ගෝලයන්  පිනවීම සඳහා අලුත්ම අලුත් ඩීසල් ඩබල් කැබ් 1775ක් මිලදී ගැනීමට රුපියල් බිලියන 40ක් වෙන් කිරීමයි. මෙය කර්මාන්ත ප්‍රවර්ධනයට වෙන් කරන ලද රුපියල් බිලියන 19.2 වැනි සොච්චම් මුදලට සාපේක්ෂව බරපතළ වරදක් හා අපරාධයක් බව පෙන්වා දුන් ඒ මහතා, 2028 වන විට ඩොලර් බිලියන 15ක විදේශ වත්කම් සංචිතයක් ගොඩනැගීමේ අභියෝගයට මේ ආකාරයෙන් මුහුණ දිය නොහැකි බව සඳහන් කළේය.

තවද, ඩබල් කැබ් රථ මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය දූෂණවලින් පිරී ඇති බවට වීරවංශ මහතා චෝදනා කළේය. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ අනුව දින 42ක් හෝ අවම දින 21ක් ලබා දිය යුතු ටෙන්ඩරයට වැඩ කරන දින හතක් (7) වැනි කෙටි කාලයක් පමණක් ලබා දී ඇති බවත්, එක් සමාගමකට පමණක් වාසි වන පරිදි කොන්දේසි සකසා ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. “මේක මහ දවල් කරන හොරකමක්” යැයි ප්‍රකාශ කළ ඒ මහතා, අදාළ ප්‍රසම්පාදන මූලධර්ම කඩ කරමින් අත්සන් තබන ඕනෑම නිලධාරියෙකුට අනාගතයේදී හිරේ යන්නට සිදුවන බවට තදින්ම අනතුරු ඇඟවීය.

අයවැය තුළ රාජ්‍ය සේවකයන්ට ණයක් දෙන බවට සඳහන් වුවද, වෙන් කර ඇති මුදල අනුව එය සිය ගණනකට පමණක් සීමා වන “ටොපියක්” බවටද ඒ මහතා උපහාසාත්මකව ප්‍රකාශ කළේය. අවසාන වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ “ඇත්ත මුදල් ඇමති” වන බවත්, ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනා “පියන්වරුන්ගේ” රාජකාරිය පමණක් කරන බවත් අවධාරණය කළ විමල් වීරවංශ මහතා, මෙම අයවැය 2028 අභියෝගයට මුහුණ දීමට හැකි කිසිදු සූදානමක් නොමැති වචනවලින් රට රවටන “තොරම්බොල්” අයවැයක් බවට සිය ස්ථාවරය ප්‍රකාශ කළේය.  

මෙම පුවත්පත් සාකච්ඡාවේ දී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය ඉදිරියේ කරන ලද  සම්පූර්ණ කතාව මෙසේය

"සුභ මධ්‍යහනයක් වේවා කියලා පළමුවම ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට. ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් අද මේ මාධ්‍ය සාකච්ඡාවට මා සමඟ සම්බන්ධ වෙනවා. ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, ඒ වගේම දේශපාන මණ්ඩල සභික ජයන්ත සමර වීර සහෝදරයා. ඒ වගේම ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කරුණාතිලක හේරත් සහෝදරයාත්. 

අපි ඔබට, ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳව ඔබ මගින් මේ රටේ පොදු ජනතාවගේ අවධානය යොමු කරවීම සඳහා තමයි මේ මාධ්‍ය සාකච්ඡාව විශේෂයෙන්ම කැඳවන්න කල්පනා කළේ. පළවෙනි කාරණය තමයි දැනටමත් අපි මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා, විරුද්ධ පක්ෂයේ නියෝජනය කරන සමහර දේශපාලන පක්ෂ ලබන 21වෙනිදා පැවැත්වීමට සූදානමින් සිටින නුගේගොඩ රැලිය සම්බන්ධයෙන් අපි දරන ස්ථාවරය දැනටමත් අපි ලිඛිත නිවේදනයක් මගින් සමාජය හමුවේ, ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. 

ඒකෙදී අපි ඉතාම මැනවින් අවධාරණය කොට තිබෙනවා. ආණ්ඩුවට එරෙහිවීම යනු, ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තීමය ගමන් මගට නිශ්චිතව අභියෝග එල්ල කිරීම මිස, ජනප්‍රිය හා සරල කාරණාවලින් ආණ්ඩු විරෝධය කුළුගැන්වීම නෙවෙයි කියන එක.

මොකද එවැනි කුළුගැන්වීමකින් ඵලදායී ප්‍රතිඵලයක්, ඒ කියන්නේ මහජනයාට සෑහීමකට පත්විය හැකි ප්‍රතිඵලයක් නිර්මාණය කර ගන්න පුළුවන් වෙන්නේ නෑ කියන එක තමයි ජාතික නිදහස් පෙරමුණේ අපේ මතය. ඒ නිසා තමයි අපි ඒ අදාල සංවිධායක කමිටුවට යෝජනා කළේ, නිශ්චිත කාරණා ගණනාවක් ඉදිරිපත් කරලා, මෙන්න මේ කරුණු මත පදනම් වෙලා මේ විරෝධතා පවත්වන්න. 

අන්න ඒ අතර තියනවා බෙදුම්වාදයට අදාළ කරුණු, ඒ වගේම ආරක්ෂක හමුදා විරුවන් රණබිරුවන් දඩයම් කිරීමට අදාළ කරුණු, ඒ වගේම “එ්. ජී. බී. ටී. කිව්” වැනි සුළුතර ලිංගික ප්‍රවණතා ප්‍රවර්ධනය කෙරෙන ආණ්ඩුවේ ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු, ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ඒවා ප්‍රවර්ධනය කරන්න අදාළ සූදානමට සම්බන්ධ කරුණු, ඒ වගේම මේ රටේ සභ්‍යත්වයට ගහන ගැහිල්ල ගැනත් ඒකේ කරුණු සදහන් කරලා තියනවා. 

විශේෂයෙන්ම බුදු දහමත් එක්ක බැඳුනු අපේ සභ්‍යත්වයට.... එයට වෛර කරමින්, එයට රැහැණිව යන ගමන පිළිබඳව කරුණු අපි ඒ ලිපියෙ දක්වලා තියනවා. මේ ආදී වශයෙන් ඉතාම වැදගත් කරුණු, ආණ්ඩුවේ ගමන සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක අත්වැල් බැඳගෙන මහජනයා මත බර පටවමින්, මේ “භාණ්ඩාගාරය උතුරලා යනවයි කියලා සතුටින් පිනා යන ගමන” ගැන අපි විරෝධය දක්වලා තියෙනවා. 

භාණ්ඩාගාරයෝ උතුරලා යවනද නැද්ද කියන එක නෙවෙයි වැදගත්... මහජනයාගේ රීරිමාංසේ හූරගෙන කාලා තරවෙන අයි. එම්. එෆ් වට්ටෝරුව තියාගෙන යන ගමනට, මේ සෑම කාරණයක් පිළිබඳව මූලික ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් ප්‍රකාශිතව තිබමයි ඉතා වැදගත්. 

එසේ තිබුනොත් තමයි ඒ ඕනම වේදිකාවක, අපේ මතය, අපදරන මතය නිදහසේ ඉදිරිපත් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ. එහෙම නැතුව ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනකාරී භාවිතය පිළිබඳව පමණක් “ෆෝකස් වෙලා”, ඒකට පමණක් අවධානය යොමු කරලා, මහජනයට බලපාන වැදගත් තීන්දු තීරණ කෙරෙහි ප්‍රතිපත්තීමය එරෙහිවයාමක් සහ ඊට විකල්ප ප්‍රතිපත්තිමය කරුණු දැක්වීමක් සිදු නොවන වේදිකාවක මම හිතන්නේ නෑ, ආණ්ඩුවට එරෙහිව සැබෑ අභියෝගයක් එල්ල කරන්න පුළුවන්කමක් තිබෙයි කියලා. 

ඒ නිසා අපි ඒ සංවිධායක කමිටුවට යෝජනාවක් හැටියටත් ඉදිරිපත් කරලා තිබෙනවා. එබඳු කරුණු පිළිබඳ, ගැඹුරු සංවාදයක්, සාකච්ඡාවක් සිදු කිරීම අවශ්‍යයි. ඒ වගේම එවැනි කරුණු පිළිබඳව මුළු එකඟතාව ඇතිවීමෙන් පමණයි සැබෑ ආණ්ඩු විරෝධී අරගලය කුළුගැන්වෙන්නේ. සැබෑ ආණ්ඩු විරෝධී අරගලය කුළුගැන්වීමේ වැදගත්කමත් අපි ඒකෙන් පෙන්නවා දීලා තිබෙනවා. 

ඉතින් මේ ආදී කරුණු මත තමයි අපි ලබන 21 වැනිදා පැවැත්වෙන රැලියට ජාතික නිදහස් පෙරමුණ හැටියට සහභාගී නොවීමට තීරණය කර තිබෙන්නේ.

අනිත් කරුණු තමයි පහුගියදා අනුර දිසානායක මුදල් ඇමැතිවරයා...., අනුර කුමාර ජනාධිපතිවරයා අනුර කුමාර මුදල්මතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා තමන්ගේ ආණ්ඩුවේ දෙවෙනි අයවැය 2026 ව ට අදාළව. 

එතුමා කියන විදිහට එතුමා පාර්ලිමේන්තුවේදී කියන්නේ බොරු, එළියේදී කියන්නේ ඇත්ත. ඒ අනුව ගත්තම අපට කියන්න වෙන්නේ 2025ට ඉදිරිපත් කරපු අයවැයත් පට්ට බොරු. 2026ට ඉදිරිපත් කර තිබෙන, පැය හතරහ මාරක් කරයි කියලා කියන අයවයත් පට්ට බොරුවක් හැටියට තමයි අපිට භාරගන්න වෙන්නේ. ජනාධිපතිවරයාම තමන් පාර්ලිමේන්තුවේ කරන කතා පිළිබඳව මීට කලින් කියා තිබෙන දේ අනුව. 

ඒ නිසා මේක බැරෑරුම්ව සාකච්ඡා කළ යුත්තක්ද කියන ප්‍රශ්නය මුලින්ම පැන නගිනවා ඉතාම පැහැදිලිව. අනිත් අතට අපි තේරුම් ගන්න ඕනේ, මේ අයවැය මගින් “භාණ්ඩාගාරය උතුරනවයි කියලා පාරම්බෑමක් හැර” අපිට 2028 වෙනකොට මුහුණ දෙන්න තියෙන අභියෝගයට මොකක්ද පෙන්නලා තියෙන ආලෝකය? 2025 අයවැයෙන් එහෙම ආලෝකයක් පෙන්නුවෙත් නෑ. 2026 අයවැයෙන් එහෙම ආලෝකයක් පෙන්නලත් නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලනේ ඇත්ත මුදල් ඇමති. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තමයි ඇත්ත භාණ්ඩාගාර ලේකම්. ඔය මුදල් ඇමතිකම, භාණ්ඩාගාර ලේකම්කම නමට තියෙන ඒවා.

දැන් රටේ ආර්ථිකයේ සියලුම වැදගත් කරුණු තීරණය කරන්නේ මූල්‍ය අරමුදල. බදු කොච්චර ගහනවද ? විදිලිබිල කොච්චරකින් නග්ගනවද.... මේ ඔක්කොම තීරණය කරන්නේ මූල්‍ය අරමුදල. එතකොට මේ ගොල්ලොන්ට තියෙන්නේ පියන්ලගේ වැඩේ. මුදල් ඇමතිට තියෙන්නේ පියන් කෙනෙක්ගේ වැඩේ. භාණ්ඩාගාර ලේකම්ට තියෙන්නේ පියන් කෙනෙක්ගේ වැඩේ. ඒගොල්ලෝ හදලා දෙන විදිහට මේක ඉදිරිපත් කරන එක.

අද මේ රටේ පීඩාවෙන් පීඩාවට පත්වෙලා ඉන්න මහජනයට මොකක්ද මේ අයවැයෙන් පෙන්නන ආලෝකය. කොහෙන්ද ඔවුන්ට ජීවිතයේ තියෙන මේ දැවන්ත බරෙන් චුට්ටක් හරි අඩු කරගන්න පෙන්නන ආලෝකය? මොකක්ද? ඇයවය ඉදිරිපත් කරලා දවසක් දෙකක් යනකොට ඉතිහාසයේ පළවෙනි වතාවට මධ්‍යම පළාතේ එළවලු ගොවියෝ, අල ගොවියෝ.... ඒ වගේම එයින් පිටිත ඉන්න ලොකු ලුණු ගොවියෝ, බඩ ඉරිඟු ගොවියෝ, මේ හැමෝම අද මහපාරට ඇවිල්ලා කෑ ගහලා කියන්නේ තමන් ඡන්දේ දීලා පත් කරගත්තු ආණ්ඩුව ගැන මොකක්ද..? ඒ ආණ්ඩුවට එල්ල කරන අභියෝගය මොකක්ද..? 

මේ රටේ මෑත ඉතිහාසයේ අලලූණු ගොවියා, අලගොවියා, ලොකුලූණු ගොවියා, එහෙම නැත්නම් එළවලු ගොවියා මේ විදියට පාරට බැස්සද...? මේ විදියට වර්ජනය කර කර ඉන්න වුනාද. තමන්ගේ නිෂ්පාදන වෙළඳ පොළොට එවන්නේ නැහැ කියලා තීරණ ගත්තාද. එවැනි තීරණයකට ඒ ගොවිය තල්ලු වෙන්නේ කැමැත්තෙන්ද...? එවැනි තීරණයකට ඒ ගොවිය තල්ලු කළේ වෙන කවුරුවත් නෙවෙයි, ගොවියන්ගේ කරමතින්ම බලය ගත්තු මේ ආණ්ඩුවේ උදවිය තමයි ගොවියා එතෙන්ට තල්ලු කළේ. 

අද ඉන්දියාවේ ගොවියා සන්තෝසයට පත් කරනවා. ලංකාවේ ගොවියාගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම අසරණ භාවයට ඇද වට්ටලා තියෙනවා. ඔවුන්ගේ නිෂ්පාදනවලට මිලක් නැති කරලා තියෙනවා, වෙළඳ පොළක් නැති කරලා තියෙනවා. විකුණගන්න බැරි කරලා තියෙනවා.

ඒ නිසා ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ තියෙන අවුල මේකෙන්ම පේනවා. 25හේ අයවැයි, 26යේ අයවැය යි 27 අයවැයයි කිව්වට මේ අද මහපාරේ තියෙන වේදනාවෙන් ගොවඅයෝ පිට කරන අඳෝනාවෙන්. ඒ හැම එකෙන්ම පේන්නේ ආණ්ඩුවේ ගමන් මගේ තියෙන වැරැද්ද. 

ඩොලර් සංචිත්තයක් තිබ්බට වඩා අඩු කරගත්තු ආණ්ඩුවක්. 2028 ණයවල පොලිය වාරිකය ගෙවන්න නැවත පටන් ගන්නකොට ඩොලර් බිලියන් 15කට වැඩි විදේශ වත්කම් සංචිතයක් අතේ තියාගෙන ඉන්න ඕන රටක්. කෝ ඒකට පාරක් කපනවා. කෝ ඒකට මග පෙන්වීමක්. පුදුමේ කියන්නේ තියෙන ඩොලර් ටිකත් රටෙන් එළියට යවන්න. අලුත්ම අලුත් ඩබල් කැබ්, ඩීසල් ඩබල් කැබ් 1775ක් ගන්න.... ආණ්ඩුව වෙන් කරනවා රුපියල් බිලියන 40ක්. රුපියල් බිලියන 40ක්. හැබැයි කර්මාන්ත ප්‍රවර්ධනයට කියලා වෙන් කරන්නේ ආණ්ඩුව කීයද? රුපියල් බිලියන 19.2යි. කර්මාන්ත ප්‍රවර්ධනයට රුපියල් බිලියන 19.2යි සොච්චමයි. මන්ත්‍රීතුමන්ලට ප්‍රාදේශීය සභා සභාපතිතුමන්ලට ආණ්ඩුවේ චක්ගෝලයන්ට පස්ස තියාගෙන යන ඩබල් කැබ් තොගපිටින් ගන්න රුපියල් බිලියන 40යි. ඉතින් කොහොමද 2028 විදේශ වත්කම් සංචිතය ඩොලර් බිලියන් 15කට උස්ස ගැනීමේ අභියෝගයට, කොහොමද මුහුණ දෙන්නේ?

තියෙන ඩොලර් ටිකත් වාහන තොග පිටින් ගන්නකොට, රටෙන් එළියට යනකොට, ඒකත් හිඳෙනකොට, ටික ටික ඒක පුරෝගන්න උපාය මාර්ගික සැලැස්මක් නැතිකොට, කර්මාන්ත ප්‍රවර්ධනයට කුඩම්ගේ සැලකිල්ල දක්වනකොට, කොහොමද අපි මේ විදේශ විනිමය අරබුදය පිළිබඳ ප්‍රශ්නය, අභියෝගය ජයගන්නේ? ඒකට මොකක්ද තියෙන උපාය මාර්ගික ගමන් මග? කිසිවක් නෑ. 

ඒ විතරක් නෙවෙයි. දැන් මේගොල්ලෝ දූෂණය විරෝධීවනේ මේ බලය ගත්තේ. තමුන්නාන්සේලා හොඳට බලන්න. ලංකාවේ තියෙනවා “ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව”. ඒ ප්‍රසම්පාදන කොමිෂන් සභාවෙන් “මාර්ගෝපදේශ” දීලා තියෙනවා, යම්කිසි ඒ කියන්නේ මේ වගේ විශාල ටෙන්ඩර් එකක්. ඒ කියන්නේ රුපියල් බිලියන 40ක වියදමක් සිද්ධ වෙන ටෙන්ඩර්යක් සම්බන්ධයෙන් අනුගමනය කරන්න ඕන ක්‍රමාවේද. හරියට බැලුවොත් දින 42ක් දෙන්න ඕනා. අඩුම දින දෙන්න ඕනා අඩුම තරමෙන් දෙන්න ඕන දින 21ක් ඒ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට අනුව. 

අඩුම දෙන්න ඕනේ දින 21ක්. ඒ ඇත්තටම හරියටම දෙන්න ඕනේ දින 42ක්. මේ කැබ් ටෙන්ඩරයට ඇත්තටම දීලා තියෙන්නේ දින හතයි. 12ක් කිව්වට වැඩ කරන දින හතයි. 12ක් කිව්වට 12කුත් නෑ. වැඩ කරන දින හතයි. අනිත් එක ඒ ප්‍රසම්පාදන කොන්දේසි හදනවා එක සමාගමකට විතරක් වාසි වෙන විදියට.

මේක ගේන්න මේ ඩොලර් රුපියල් බිලියන 40 වියදම් කරන්න අන්තිමට අස්සන ගහන නිලධාරියට අනාගතයේදී හිරේ යන්න වෙනවා. ප්‍රසම්පාදන මූලධර්ම කඩ කරලා, එක සමාගමකට විතරක් ඒ ප්‍රසම්පාදනයට ඇතුල් වෙන්න ඉඩ හදලා, ඔවුන්ගේ මිලට කැමති වුණත් අකැමැති වුණත් ඒ ඩබල් කැබ් ගන්න සලස්වලා, ඒ මගින් පට්ට දූෂණයක් ඇතිකරලා ඒ වාසිය පැලවත්තේ අරමුදල පැත්තට හරවගන්න පොටපාදාදීම සම්බන්ධයෙන් මේකේ අවසාන අස්සන ගහන නිලධාරීන්ට හිරේ යන්න වෙන එක වළක්වන්න බැහැ. 

මේ “දූෂණ විරෝධී ආණ්ඩුව” කොහොමද ටෙන්ඩර් පටිපාටියෙන් ගහන දූෂණය. දින 12ට දින 7ට බස්සනවා. කොන්දේසි දානවා, තියෙන්න ඕනේ සේවා සපයන මධ්‍යස්ථාන 10ක් රටපුරා කියලා. එහෙම 10ක් තියෙන්නේ එක සමාගමකට විතරයි. ඊළඟට කොන්දේසිය දානවා මෙච්චර මුදලක් තියෙන්න ඕනේ අවුරුදු 10ක පිරිවැටුම මෙච්චර වෙන්න ඕනේ කියලා. ඒ ගාන තියෙන්නෙත් එක සමාගමකට විතරයි. ඒ අනුව දින හතෙන්, වැඩ කරන දින හතෙන් ටෙන්ඩර් එක වහනවා. එයා විතරක් ඒකට ඉදිරිපත් වෙනවා. මේක තමා... මේ මේක මහ දවල් කරන හොරකමක්. මේ “හොරකම ප්‍රවර්ධනය කරන ක්‍රියාවට අස්සන තබන කුමන හෝ නිලධාරියාට” මුදල් අමාත්‍යාංශයේ හෝ කොහේ හෝ අනිවාර්යෙන් සිද්ධ වෙනවා අනාගතයේදී මේකට වග කියන්න. වග උත්තර දෙන්න.

එතකොට ඔය කැබිනට් මණ්ඩල තීන්දු තීරණ මොන තිබ්බයි කියලා අදාල වෙන්නේ නැහැ. ඒක අපි ඒ අනතුරු ඇඟවීමත් කරනවා. ඒ නිසා හොරකමත් අගේට කරගෙන යන ගමන් තමයි මේ අයවයක් ගැන අද කතා කරන්නේ මේගොල්ලෝ. මේ රටේ ප්‍රබල පීඩාවට පත්වෙලා ඉන්න ජනසමාජය එතනින් නිදහස් කරගන්න, හඳුන්නෙත්ති මහත්තයා කියන අර නීත්‍යානුකූල හිඟන්නන්ව ඒ ඉරණමෙන් ගලවගන්න, ඒ අයව ආර්ථිකයේ ඉතා දැවැන්ත දායකත්වයක් සපයන සමාජ බලවේගයක් බවට පෙරලගන්න කිසිම උපාය මාර්ගික සැලැස්මක් නැතුව අඳුරේ අතපත ගානවා. අපට නම් පේන්නේ ජනාධිපතිවරයා කලින් කියපු විදිහටම පාර්ලිමේන්තුව එතුමා තෝරගෙන තියෙන්නේ බොරු කියන්න. ඒ වගේ බොරු තොගයක් තමයි “ඇයවැය කියලත් මේ පාර නැවත නැවතත්” අතහැරියේ. 

2025 අයවැයෙන් වෙච්ච පොරොන්දු සෑහෙන ප්‍රමාණයක් ඉටු කරපු නැති ආණ්ඩුවක්. 26ට දීලා තියෙන්නෙත් කතා සාප්පුවක්. ඒ නිසා දැන් බලන්න අර රජයේ සේවකයන්ට ණයක් දෙනවය කියලා කියනවා. ඒක ගාන හදලා බැලුවා. වෙන් කරලා තියෙන මුදල බලනකොට එකසිය ගානකටයි ණය දෙන්න වෙන්නේ. මුළු මහත් රජයේ සේවකයන්ගෙන් එකසිය ගාණක්..?. ඉතින් මේ පොඩි ටොපි. ටොපි දෙනවා. මේ රජයේ සේවකයෝ ඔක්කොටම ටොපි දෙනවයි කියලා පෙන්නන්න.... බලාගෙන ගියාම බෙදලා බැලුවම 100 ගානකටයි නයදෙන්න වෙන්නේ.

ඉතින් ඒ නිසා මේ මහජනයා තවදුරටත් වචනවලින් රවටන්න හදන “තොරම්බොල්” අයවැයක්. ඒ නිසා අපි විශ්වාස කරන්නේ නැහැ. 2028 අපිට මුහුණ දෙන්න වෙලා තියෙන අභියෝගයට මුහුණු දීමට හැකි කිසිම සූදානමක්, කිසිම දැක්මක්, කිසිම ආලෝකයක් විහිදුවලා නැති, කිසිම ආලෝකයක් නොපන්නවන අයවයක් හැටියට තමයි අපි මේක දකින්නේ. මේ පිළිබඳව අපි ඉදිරියදී වෙනම විශේෂ වැඩසටහනකදී තවදුරටත් මේ අයවැය පිළිබඳව අපේ විග්‍රහයක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා." 


සම්බන්ධිත පුවත් | Related News

පසුගිය මාස කිහිපය පුරා රුසියානු හමුදා දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුම් හමුවේ යුක්රේන යුද්ධය ඉතා තීරණාත්මක මෙන්ම අවසාන අදියරකට එළඹෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
සිය බිරිඳ විසින් සිදු කරනු ලබන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළව, ඔහුගේ බිරිඳ වන කිතුලින්න ගමාතිගේ මෙතුරිකා ගුණරත්න මහත්මිය ඊයේ (23) සිය ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනු කළාය.
ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර තිබේ.
ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පවතින උණුසුම් විරෝධතා හේතුවෙන්, එම කලාපය තුළ ඔන්ලයින් ආහාර බෙදාහැරීම්, ඊ-වාණිජ කටයුතු (E-commerce) සහ මහජන සංචරණය සීමා කිරීමට දිල්ලි පොලිසිය පියවර ගෙන තිබේ. මෙයින් විරෝධතා පැවැත්වෙන ප්‍රදේශ තුළ දැඩි ආහාර හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මගී ආරක්ෂාව පිළිබඳ අවම පහසුකම් හෝ සම්පූර්ණ නොකර, අක්‍රීය වී ඇති සංඥා පද්ධතිය සහිත තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ නැවත දුම්රිය ධාවනය ආරම්භ කිරීමට ගෙන ඇති තීරණයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ලිංගික අපචාර චෝදනා එල්ලවූ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් එම නතුරෙන් නෙරපා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
වසර හයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශේෂ සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.
වත්මන් ආණ්ඩුව මේ වන විට හතර වරිගයටම එපා වී ඇති බවත්, එම හතර වරිගයටම එපා වූ බවට ජීවමාන සාක්ෂිය වන්නේ මේ රටේ ගොබි ජනතාව බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට

පසුගිය මාස කිහිපය පුරා රුසියානු හමුදා දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුම් හමුවේ යුක්රේන යුද්ධය ඉතා තීරණාත්මක මෙන්ම අවසාන අදියරකට එළඹෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..

වසර හයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශේෂ සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර

වත්මන් ආණ්ඩුව මේ වන විට හතර වරිගයටම එපා වී ඇති බවත්, එම හතර වරිගයටම එපා වූ බවට ජීවමාන සාක්ෂිය වන්නේ මේ රටේ ගොබි ජනතාව බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරයි.

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන බලපෑම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී මෙරට ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීතිඥයින් විසින් අදහස් දක්වා තිබේ.

ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ ඇමරිකානු දේශපාලනය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට ගෙන ඇති බවත්, අධිකරණ පද්ධතිය ආණ්ඩුවෙන් නිදහස් කරගැනීම සියළු මත දරන සියල්ලන්ගේ පොදු වුවමනාවක් බවට පත්ව ඇති බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ධුරය සඳහා නැවත වරක් වෛද්‍ය නොවන පුද්ගලයෙකු පත් කිරීමට සූදානම් වන බවට මහජන යුතුකම් කේන්ද්‍රය චෝදනා කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලූණි.

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්

ඕස්ට්‍රේලියානු 'Export Finance Australia' ආයතනය වෙත ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) විදේශ ණය වාරිකය වංචනික ගිණුමකට බැරවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු අසත්‍ය සහ අසම්පූර්ණ බව පවසමින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.