නවදිල්ලි නුවර දැවැන්ත පිපිපුරුමකින් පුද්ගලයින් අට දෙනෙකු මරුට තවත් විශාල පිරිසකට තුවාල
ඉන්දියාවේ නවදිල්ලි නුවර ජනාකීර්ණ ප්‍රදේශයක ඊයේ(10) සිදුවූ මෝටර් රථ පිපිරීමකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් බොහෝ ගණනක් තුවාල ලබා ඇති බව වාර්තා වී තිබේ. මෙම සිදුවීම රතු බල කොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයෙන් පිටත සවස ඊයේ 7 ට පමණ කාර්යබහුල වේලාවේදී සිදු වූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසයි.
දිල්ලි පොලිස් කොමසාරිස් සතිෂ් ගොල්චා මාධ්‍ය වෙත පැවසුවේ පිපිරීම සිදු වූයේ "වර්ණ සඥ්ඥා අසල නතර වූ මන්දගාමීව ගමන් කරන වාහනයක් තුළ" බවයි. වාහනයේ ඇතුළත මගීන් සිටි බවද ඔහු සඳහන් කළේය. පිපිරීම හේතුවෙන් අසල තිබූ වාහන රැසකට ද ගිනි ගැනීමට ලක් විය. ඇසින් දුටු සාක්ෂිකරුවන් වාර්තා කළේ "දැවැන්ත ගිනි බෝලයක්" සහ "ඉතා ඝෝෂාකාරී" පිපිරීමක් දුටු බවයි.
හදිසි සේවා ප්‍රදේශය වටලා ඇති අතර තුවාල ලැබූවන් අසල රෝහල් වෙත ගෙන ගොස් ඇති බව NDTV පවසයි. අවම වශයෙන් ගිනි නිවන රථ 20 ක් එම ස්ථානයේ ගිණි නිවීමේ කටයුතු වල යෙදුනු බවද පැවසේ. පිපිරීමට හේතුව බලධාරීන් මෙතෙක් අනාවරණය කර නොමැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්