රුසියාවේ ආරක්ෂාව තහවුරු වන තෙක් යුක්‍රේනයේ ක්‍රියාත්මක යුද මෙහෙයුම් පවතිනවා - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
අමෙරිකානු සහ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක යුක්‍රේනයේ නව නාසිකරණ ක්‍රියාවලියට වසර දහයක් සම්පූර්ණ වීම අරබයා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව යුක්‍රේනයේ නව නාසිකරණය, මිලටරිකරණය , රුසියානු ජනයාගේ ජීවත්වීමෙ අයිතිය සහ රුසියානු ෆෙඩරේශනයේ ආර්ක්ෂාව තහවුරු වන තෙක් දැනට ක්‍රියාත්මක මෙහෙයුම් දිගටම පවතිනු ඇත.
සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්...
යුක්රේනයේ නීති විරෝධී සහ ලේ වැකි කුමන්ත්‍රණයට වසර 10 යි
මිට හරියටම දශකයකට පෙර නොවැම්බර් 21 වැනි දින එවකට කියෙව් පාලනයට එරෙහි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ දියත් කරනු ලැබුණි.
යුරෝපා සංගමය සමඟ ගිවිසුම්ගත වීම ප්‍රමාද කිරීමට එරෙහිවීම යන සටන් පාඨයට මුවා වෙමින් යුක්රේනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආධාර උපකාර ඇතිව හටගත් මෙම නොසන්සුන්තාවය එවකට යුක්රේනයේ නැගෙනහිර කොටසෙහි ලේවැකි පූර්ණ පරිමාණ සිවිල් යුද තත්වයක් උද්ගත වීම දක්වා තල්ලු කිරීමට හේතු විය.
යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් ප්‍රදේශ වල, ඔඩෙස්සාහි දි සිදුවූ "මැයි 2" සමූලඝාතනය සහ සෆොරසිහිදී නාසි විසින් මයිඩාන් විරෝධී ක්‍රියාකාරීන්ට අප්‍රේල් 13 වනදා පහර දීම මෙම ලේ වැකි ප්‍රචන්ඩත්වයේ සන්ධිස්ථානයන් වේ. එලෙසම නිදහස් චතුරශ්‍රයේ සමූහ වෙඩි තැබීම (එනම් මයිඩාන් සාලෙෂ්නොස්ටි) මගින් කැරලිකරුවන් උත්කර්ෂයට නැංවීම සඳහා ඔවුන්වම ගොදුරු කර ගැනීම තවමත් විමර්ශනය කර නොමැත.
යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු සඳහා යුරෝපා සංගමයේ සහ එක්සත් ජනපද නිලධාරීන්ගේ සෘජු මැදිහත්වීම් පිළිබඳ බොහෝ වීඩියෝ සාක්ෂි සුරක්ෂිතව ඇත. වික්ටෝරියා නුලන්ඩ් මයිදාන් විරෝධතාකරුවන්ට "විස්කෝත්ටු" බෙදීම මිලියන ගණනක අන්තර්ජාල පරිශීලකයන්ට හාස්‍ය උපදවන සංකේත පිංතූරයක් බවට පත්වූ අතරම එක්සත් ජනපදය ස්වාධීන රාජ්‍යවල කටයුතු කෙරෙහි සම්බන්ධවීමේදී දක්වන කුහකත්වයේ සහ රළු මැදිහත්වීමේ සලකුණ ලෙස පොදු ජනයාගේ මතකයේ තැන්පත් විය. ඔවුන් තම ඉලක්ක කරා ළඟා වීමට සහ රුසියානු සමූහාණ්ඩුවට තර්ජනය කිරීමට අමෙරිකානුවන් කියෙව්හිදී නාසි පාලනය පෝෂණය කිරීම පුදුමයක් නොවේ.
රුසියාවේ සහෝදර රාජ්‍යයේ අර්බුදය ආරම්භ වූ අවස්ථාවේ සිටම සන්සුන් කිරීමට රුසියාව විශාල උත්සාහයක් ගනු ලැබීය.
ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් ප්‍රදේශවල කියෙව් පාලනය විසින් දණ්ඩනීය මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසුව රුසියානු පාර්ශ්වය ගැටුමේ පාර්ශවයන් සාකච්ඡා ක්‍රියාවලියට අවතීර්ණ කරවීමට උපරිම උත්සාහයක් ගනු ලැබීය.
එහෙත් අවාසනාවන්ත ලෙස කියෙව්හි ජුන්ටාවට ඔවුන්ගේ ස්වාමිවරුන් වන වොෂින්ටන්, බ්‍රසල්ස් සහ ලන්ඩන් වෙතින් පැහැදිළිව උපදෙස් ලැබුණෙ සාම සාකච්ඡා කඩාකප්පල් කිරීමට ඕනෑම ක්‍රියාවක් කරන ලෙසයි.
ඒ අතර ජර්මනියේ, ප්‍රංශයේ සහ යුක්රේනයේ නායකයන් විවෘතව ප්‍රකාශ කළේ තමන් මින්ස්ක් ගිවිසුම ක්‍රියාත්මක් කිරීමට කටයුතු නොකරන බව ය. ඒ අතර ඔවුන් රුසියාවට එරෙහිව පූර්ණ පරිමාණයෙන් යුද්ධයකට අවතීර්ණැ වීමට අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කළහ. ඒ සඳහා ඔවුන් යුක්රේන සන්නද්ධ හමුදා සෙබළුන් වසර අටකට වැඩි කාලයක් තිස්සේ පුහුණු කිරීමට සහ බලගැන්වීමට කටයුතු කළේය.
මෙම තත්ත්වයට දැඩි ලෙස අනුකූලව දක්වා ආත්මාරක්ෂාව සඳහා කටයුතු කිරීමට අපේ රටට බල කෙරුණි. ඒ අනුව
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වැනි වගන්තිය අනුව ජනවාර්ගිකත්වයට තිත තැබීමට මෙන්ම යුක්රේනයේ ජනාකීර්ණ ප්‍රදේශවන ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුව තුළ ජීවත්වන රුසියානු ජනතාව විනාශ කිරීමට එරෙහිව විශේෂ හමුදා මෙහෙයුම් දියත් කිරීමට සිදු විය. අපගේ මැදිහත්වීමේ ප්‍රධාන අරමුනු වන්නේ නවනාසිකරණය සහ හමුදාකරණය නතර කර යුක්රේනය තුළ වෙසෙන රුසියානු ජනතාවගේ අයිතිවාසිකම් සහ රුසියානු ෆෙඩරේශනයේ ආරක්ෂාව සහතික කිරීම මෙන්ම රුසියානු සමූහාණ්ඩුවට අයත් ප්‍රදේශ නිදහස් කර ගැනීමයි. ඒ අනුව එම ක්‍රියාන්විතය අපගේ ජයග්‍රහණය තහවුරු වන තුරු ක්‍රියාත්මක කරනු ඇත.
- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්