News Category
From Date
To Date
Maximum Number of Result

”විපක්‍ෂයේ” රැළිය ගැන ජාතික නිදහස් පෙරමුණ තම ස්ථාවරය පැහැදිලි කරයි..

Nov 8, 2025 at 07:32 AM
|

නොවැ: 21 නුගේගොඩදී පැවැත්වීමට සැළසුම් කර ඇති ”විපක්‍ෂයේ” රැළිය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ තම ස්ථාවරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.

අදාළ නිවේදය පහළින්..

නොවැ: 21 නුගේගොඩදී පැවැත්වීමට සැළසුම් කර ඇති ”විපක්‍ෂයේ” රැළිය පිළිබඳව

ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය පාලනය විසින් අපගේ රට බාරගත්තේ, 76 වසරක් තිස්සේ පැමිණි ගමන් මග වෙනුවට නව ප‍්‍රගතිශීලී හා ජනහිතකාමී යුගයකට අපගේ දේශය ඔසවා තබනු ලබන බවට වූ පොරොන්දු රාශියක් මහජනතාව හමුවේ තබමිණි. ගෙවී ගිය වසරකට වැඩි එම පාලන කාලය තුළ මැනැවින් සනාථ වී ඇත්තේ, එය විසින් විකල්ප හා නවීන සමාජ ආර්ථික හා සංස්කෘතික මාවතකට අප දේශය කැඳවනු වෙනුවට අසාර්ථක පැරණි මාවතේම ඇතැම් විට කලින්ටත් වඩා බොහෝ සෙයින් හානිකර ලෙස රට ප‍්‍රපාතය කරා ඇදගෙන යමින් තිබෙන බව ය.

ජාතික ජන බලවේගය ආණ්ඩුව බොරු පොරොන්දු රාශියක් රට හමුවේ තබමින් ද, පොදුවේ සමස්ත දේශපාලන හා නිලධාරී තන්ත‍්‍රය පිළිබඳව වෛරය වඩවමින් ද බලය ලබාගත් බව අපි දනිමු. එලෙස බලය ලබා ගැනීමෙන් අනතුරුව එම පාලනය විසින් ඉටු කරමින් සිටින්නේ පොදු ජනයාට පොරොන්දු වූ කිසිවක් නොවන බව පැහැදිළි  ය.

ඒ වෙනුවට,

(අ). රාජ්‍යයේ ස්වෛරීභාවය හා ආර්ථික ස්වාධීනත්වය පාවා දෙන ගිවිසුම් ඉන්දියාව ඇතුළු බාහිර පාර්ශවයන් සමග අත්සන් කරමින් හා මහජනතාවට ඒවා ස`ගවා තබා ගනිමින් ද, 

(ආ). රට ගොදුරු කොට ඇති ආර්ථික අර්බුදයෙන් හා තීරණාත්මක ණය අර්බුදයෙන් රට ගොඩගන්නා මාවතක ගමන් කරනු වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අසාර්ථක වට්ටෝරුව කර තබාගෙන ගමන් කිරීමෙන් ද,

(ඇ). දේශයේ නිෂ්පාදන ආර්ථිකය (කාර්මික හා කෘෂි ආදී සෑම කේෂ්ත‍්‍රයක් තුළම දරුණු ලෙස බිඳවට්ටමින්, එම ආර්ථික ක‍්‍රියාවලියේ නියුතු ජනයා බලවත් පීඩාවකට ගොදුරු කරමින් ද, 

(ඈ). රජයේ උපායමාර්ගික තීරණාත්මක වැදගත්කමින් යුත් රාජ්‍ය ආයතන විදේශීය සමාගම් වෙත විකුණා දමමින්, රාජ්‍ය හා මහජනතාව බලවත් අසරණ ඉරණමකට ඇද හෙළමින් ද, 

(ඉ). නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමේ නාමයෙන් ඉතිහාසය, බුදු දහම හා සෙසු ආගම් පිළිබඳ අධ්‍යාපනය පිළිකන්නට දමා, මෙරට මහා සංස්කෘතියට පටහැනි LGBTQ ආදී සුළුතර ලිංගික ප‍්‍රවණතා ප‍්‍රවර්ධනය කිරීම හරහා මෙරට දරු පරපුර අසංස්කෘතික ජීවියකු බවට පත් කරමින් ද,

(ඊ). මෙරට ගෞරවණීය මහා සංඝරත්නයත්, උන්වහන්සේලාගේ ශාසනික හා සමාජමය කාර්යභාරයත් උතුරු පළාත හා රටේ සෙසු පළාත් බොහොමයක් තුළ දී බලවත් තර්ජනයකට වැඩි වශයෙන් මුහුණ පා ඇත්තේ, වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ වන අතර, බුද්ධ ශාසනයත්, එය තුළින් බිහි වූ මහා සංස්කෘතියත් වනසන මිස දුටු බලවේග පෝෂණය කරමින් හා එමගින් බුදු සසුන බලවත් අනාරක්ෂිත ඉරණමකට ඇද හෙළනු ලැබීමෙන්  ද,

(උ). ඩිජිටල් හැඳුනුම්පත පිළිබඳ ව්‍යාපෘතිය ඉන්දියානු සමාගම් වෙත පැවරීම හරහා මෙරට වැසියන්ගේ සියළු ජෛවමිතික දත්ත ඉන්දියාව සතු කර ගැනීමට මහ පාදා දෙමින් ද,

(ඌ). සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) සතු වැඩකරන ජනතාවගේ අරමුදල් රාජ්‍ය වියදම් පියවා ගැනීමේ උවමනාව වෙනුවෙන් කොල්ල කෑමට ක‍්‍රියාමාර්ග සකස් කරමින් ද,

(එ). එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ සහ එයට හිතවාදී ජාත්‍යන්තර බලවේගයන්ගේ න්‍යාය පත‍්‍රය අනුව යමින්,

i. විරෝධාර රණවිරුවන් අත්අඩංගුවට ගනිමින්, රාජ්‍ය හමුදා බෙලහීන කිරීමත්,

ii. ජිනීවා මානව හිමිකම් කොමිෂමේ ශ‍්‍රී ලංකාවට හතුරු යෝජනා පිළිගෙන ඊනියා යුද අපරාධ චෝදනා සනාථ කර ආරක්ෂක හමුදා සාමාජිකයන්ට ද`ඩුවම් කිරීම පිණිස ස්වාධීන අභිචෝදක කාර්යාලය සහ තවත් ඒ සඳහා වූ ව්‍යුහයන් පිහිටුවීමට ක‍්‍රියා කිරීමත්,

iii. ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පවත්වා, 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව බලාත්මක කිරීම මගින් හා මහ ඇමැතිවරයාට අවනත ආණ්ඩුකාරවරයකු පත් කිරීම හරහා රාජ්‍යය බෙදා වෙන් කිරීමේ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනය බල ගැන්වීමට කටයුතු කිරීමත්,

ඒ මගින් රාජ්‍යයේ ඒකීයභාවය හා වීරෝධාර රණවිරුවන්ගේ ඉරණම අතිශය අවධානමට ඇද හෙළමින් ද,  

(ඒ). මහ බැංකුව ස්වාධීන කිරීමේ නාමයෙන් එම ආයතනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දාස ආයතනයක් බවට පත්කොට තිබෙන තත්වය එසේම පැවතීමට කටයුතු කිරීමෙන්  ද,

(ඔ). විදේශ විනිමය පණත වහා සංශෝධනය කර, රටට අයිති විදේශ විනිමය නිශ්චිත කාලයක් තුළ රට තුළට ගෙන්වා ගැනීම සහතික කිරීමට පියවර නොගැනීමෙන් හා තවත් ගත යුතු නිවැරදි පියවර නොගැනීමෙන් වත්මන් ආර්ථක අර්බුදයේ කරවටක් ගිල්වා තව තවත් අපගේ රාජ්‍යය හා එහි වෙසෙන ජනතාව අසරණභාවයේ පතුළට ඇද හෙළමින් ද,

( ඕ) අසීමාන්තිකව බදු බර හා ජීවන බර වැඩි කරමින් ජීවත්වීමට තබා හුස්ම ගැනීමටවත් අසීරු ඉරණමක අති බහුතර මහජනතාව ඇද වට්ටවාලීම තුළින් ද,  

ආණ්ඩුව තවදුරටත් ගමන් කරමින් ඇත්තේ, බරපතළ ජනතා ද්‍රෝහී හා දේශද්‍රෝහී මාවතකය. 

එබදු පාලනයක් නොපමාව පරාජයට පත් කළ යුතු බව පිළිගන්නා අපි එය කළ යුතු වන්නේ, එම ගමන් මගට ප‍්‍රභලව හා විවෘතව එරෙහිවන, එම විනාශකාරී ප‍්‍රතිපත්තිය පැරදවීමට සමත් හා විකල්ප නිවැරදි ප‍්‍රතිපත්ති මත නොබියව සිට ගැනීමට සමත්, මහජනතාව ඒ අනුව දේශපාලන වශයෙන් පෙළ ගැස්වීමට නායකත්වය දෙනු ලබන අවංක හා එඩිතර දේශපාලන නායකත්වයන් මගින් බව බලවත්ව විශ්වාස කරමු. එසේ නොමැතිව ජනප‍්‍රිය ආණ්ඩු විරෝධී සරල සටන් පාඨ ඔසවාගත්, එක් හෝ වෙනත් පුද්ගල නායකයන් අභිෂේක ගැන්වීම අරමුණු කරගත් පටු හා වංචනික දේශපාලන මැදිහත්වීමකින් සැබෑ ලෙසම වත්මන් ආණ්ඩුවත්, එය සතු වැරදි ප‍්‍රතිපත්්තිමය ගමන් මගත් පැරදවිය නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු. 

විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ එකතුවකින් නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන ආණ්ඩු විරෝධී රැළිය, අප ඉහත දක්වා ඇති ආණ්ඩුවට අදාළ තීරණාත්මක කරුණු පිළිබඳව නිශ්චිත එක`ගතාවකින් තොර හා ඊට ප‍්‍රතිවිරුද්ධ පුළුල් හා නිවැරදි වැඩපිළවෙලක් පිළිබඳ එක`ගතාවයකින් තොර එක්සත් ක‍්‍රියාමාර්ගයක් ලෙස අපි වටහාගෙන සිටිමු. සරල හා පටු ආණ්ඩු විරෝධය වෙනුවට, ඉහත අප පෙන්වා දී ඇති පරිදි ගැඹුරු හා අර්ථවත් ආණ්ඩු විරෝධයත්, ඒ මත ගොඩනැගෙන විකල්ප ප‍්‍රතිපත්තිමය පදනම මත සිදු කෙරෙන දියුණු ම`ගපෙන්වීමත් අද ජාතියට අත්‍යවශ්‍ය වී ඇති බව අපි දැඩිව විශ්වාස කරමු. මුලූ මහත් ජාතියට ම`ග පෙන්වනු ලබන එබදු බලවත් ජනතා න්‍යාය පත‍්‍රයකින් තොරව හා අප සියළු පක්‍ෂවල අතීත භාවිතයන් පිළිබඳ විවෘත හා අවංක ස්වයං විවේචනයක නිරත වීමෙන් තොරව සිදු කෙරෙන කුමන දේශපාලන කටයුත්තක් වුව ගැඹුරු හා තියුණු අර්බුදයක කරවටක් ගිලී පීඩාවෙන් පීඩාවට පත්ව සිටින අපගේ ජන සමාජයට හා සියවස් ගණනාවක ඓතිහාසික උරුමයට හිමිකම් කියන අපගේ රාජ්‍යයට සාධාරණයත්, ගෞරවයත් සැබෑ ජයග‍්‍රහණයත් හිමිකර නෙදෙන බව කණගාටුවෙන් වුව පැවසිය යුතුව ඇත. 

එබැවින්, නොවැම්බර් 21 දින පැවැත්වීමට නියමිත රැළිය සඳහා, ඉහත දැක්වූ හේතු මත අප පක්‍ෂය සහභාගී නොවීමට තීරණය කර ඇති බවත්, අප ඉහත පෙන්වා දී ඇති දේශපාලන කරුණු නිවැරදිව හා සම්පූර්ණව සැළකිල්ලට ගත් සාධනීය පරිවර්ථනයක් විපක්ෂයේ පක්ෂ එකමුතුව අතර ඇති කෙරෙන තත්වයක් තුළ පමණක් අප පක්‍ෂයේ සජීවී දායකත්වය ආණ්ඩු විරෝධී පොදු ක‍්‍රියාමාර්ග සඳහා ලබාදීමට ඉතා උනන්දුවෙන් බලාපොරොත්තු සහගතව සිටින බවත් අවසන් වශයෙන් ඔබ වෙත අවධාරණය කර සිටිමු!

ආණ්ඩුවේ ජනතාද්‍රෝහී - දේශද්‍රෝහී ප‍්‍රතිපත්තියට එරෙහිව, නිවැරදි ප‍්‍රතිපත්තිමය පදනම මත පිහිටා ආණ්ඩුව පළවා හැරීමේ සටන බලගැන්වීම කෙරෙහි මින් ඉදිරියට හෝ දැඩි ලෙස අවධානය යොමුකිරීමට ඔබ සැමට හැකිවේවායි ප‍්‍රාර්ථනා කර සිටිමු.

ස්තූතියි

මෙයට

විශ්වාසී

විමල් වීරවංශ

සභාපති,

ජාතික නිදහස් පෙරමුණ

(දේශපාලන මණ්ඩලය වෙනුවෙන්*

2025.11.07

සම්බන්ධිත පුවත් | Related News

සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම තවදුරටත් මූල්‍ය අර්බුදයට යනු ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගුවන් සේවා පිළිබඳ මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.