News Category
From Date
To Date
Maximum Number of Result

වෛද්‍යවරුන් රට තුල රැඳි සිටීම දිරිමත් කරන වැඩපිළිවෙලක් මෙවර අයවැයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් පෙන්වාදෙයි..

Nov 7, 2025 at 08:57 AM
|

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

වෛද්‍යවරුන් රට තුල රැඳි සිටීම දිරිමත් කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් මෙවර අයවැයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවය.

ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව, ස්ථාවරව සහ ශක්තිමත්ව පවත්වා ගැනීම, මෙරට අනාගතය වෙනුවෙන් සිදු කරන සහ සිදු කළ යුතු වටිනාම ආයෝජනයයි. නිදහස් සෞඛ්‍ය සේවාව යනු ඕනෑම රජයකට කිසිසේත්ම අත්හළ නොහැකි වගකීමකි.

මෙරට සෞඛ්‍ය පද්ධතිය මේ වන විට මුහුණ දී ඇති ප්‍රබලතම අර්බුදය වනුයේ, විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් ඇතුළු මානව සම්පත පද්ධතියට අහිමි වී යාමයි.

රට තුළ නැවත ආර්ථික සහ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වෙමින් පවතින මොහොතක ඉදිරිපත් වන මෙවර අයවැය ලේඛනය තුළදී, සෞඛ්‍ය පද්ධතියේ පවතින ගැටලු හඳුනා ගනිමින් ප්‍රමුඛතාවයන් සහිතව විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය බව අපගේ හැඟීමයි.

විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රාජ්‍ය සෞඛ්‍ය සේවාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් ඉවත් වී විදෙස් ගත වීමට ප්‍රධානතම හේතු බවට පත්වී ඇත්තේ ආර්ථික අස්ථාවරත්වය සහ යහපත් වෘත්තිය පරිසරයක් නොමැති වීමයි.

එළඹෙන සිකුරාදා දිනයේදී ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය තුල එම ගැටළු විසඳීම සඳහා කෙටිකාලීන සහ දීර්ඝ කාලීනව වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත්වීම, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව බිඳවැටීම වැළැක්වීම වෙනුවෙන් අනිවාර්ය කරුණකි.

විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ, ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරමින්, තෘප්තිමත් වෘත්තීය පරිසරයක් බිහි කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන අයවැය යෝජනා මේ වන විටත් ඉදිරිපත් කර ඇත.

වෛද්‍යවරුන්ගේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවෙන් යෝජනා

·      සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් වෙනුවෙන් කාර්යසාධනය සහ වෙළඳපොළ වටිනාකම මත පදනම් වූ සුවිශේෂී සේවා කාණ්ඩයක් සහ වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම.

·       වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම සහ ප්‍රවාහන ගැටලු විසඳීම.

·      රාජ්‍ය සේවයේ සියලු විධායක නිළධාරී කාණ්ඩ වෙත ප්‍රවාහන පහසුකම් ලබා දෙන රාජ්‍ය පරිපාලන 22/99 චක්‍රලේඛයට සියලු කාණ්ඩවල වෛද්‍ය නිලධාරීන් අන්තර්ග්‍රහණය කිරීම.

·       සියලු කාණ්ඩවල වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාව, ස්ථාවර දීමනාවක් බවට පරිවර්තනය කිරීම.

·       විදේශ ගත වී පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබන වෛද්‍යවරුන්ට ලබාදෙන මාසික ජීවන වියදම් දීමනාව (Foreign Living Allowance) යාවත්කාලීන කිරීම.

·       වෛද්‍යවරුන් ඇතුළු වෘත්තියවේදීන්, බදු ප්‍රතිපත්තිය තුළ විශේෂිත කාණ්ඩයක් ලෙස හඳුනාගනිමින් සාධාරණ බදු ක්‍රමවේදයක් හඳුන්වාදීම.

වෛද්‍යවරුන්ට තෘප්තිමත් වෘත්තිය පරිසරයක් බිහි කිරීම සඳහා යෝජනා

·       සෞඛ්‍ය සේවාවේ පුළුල් වීමට අනුරූපීව අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම.

·       සියලු කාණ්ඩවල වෛද්‍යවරුන්ගේ ශ්‍රේණි උසස් වීම් ක්‍රමවේදයේ විෂමතා සහ ගැටලු විසඳීමින් නව ශ්‍රේණි උසස් වීම් ක්‍රමවේදයක් හදුන්වා දීම.

·       රෝහල් පද්ධතිය තුළ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික ක්‍රමවේදයක් සහ ප්‍රතිපත්තියක් හඳුන්වා දීම.

·       රෝහල් පද්ධතිය තුළ රෝගී සත්කාර සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීම.

·       සියලු කාණ්ඩවල වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සහ පශ්චාත් උපාධි අධ්‍යාපන අවස්ථ පුළුල් කිරීම.

·       රෝහල් පද්ධතිය තුළ ඖෂධ සහ උපකරණ හිඟය විසඳීම.

·       නිල නිවාස පහසුකම් යාවත්කාලීන කිරීම හා නිල නිවාස යටිතල පහසුකම් ඉහළ නැංවීම.

මෙම සියලු යෝජනාද සහිතව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අයවැය යෝජනා සියල්ල ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති, ඒ පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලුම් කර ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ රෝහල් පද්ධතිය තුළ පැවති ගැටලු විසඳීමට අසමත් වීම හමුවේ, මෙරට රෝහල් පද්ධතිය නුදුරු දිනකදීම බිඳවැටීමේ අවධානමකට ලක් වී ඇති අතර, ඒ වෙනුවෙන් කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක නොවන්නේ නම්, මෙරට සෞඛ්‍ය පද්ධතිය ඛේදවාචකයක් දක්වා ගමන් කිරීම වැළැක්වීමට නොහැකි වනු ඇත.

එවන් වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කිරීමෙහිලා, ඉදිරි අයවැය ලේඛනය අතිශයින් තීරණාත්මක වන අතර, ඒ අවශ්‍යතාවය හඳුනා ගනිමින් ජනාධිපතිතුමා සහ රජය කටයුතු කරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.

සම්බන්ධිත පුවත් | Related News

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.
Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.