මේ අයවැය ජනපති රනිල්ගේ සුරංගනා කතා පිරුණු අයවැයක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර
2024 සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය සුරංගනා කතා පිරුණු අයවැයක් බවත්, අයවැයෙන් බලාපොරොත්තු වන ආදායම ලබා ගැනීම සඳහා මේ තුළ කිසිඳු උපායමාර්ගික සැලැස්මක් නොමැති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ එහි සඳහන් වියදම් ආවරණය කරගැනීම සඳහා ණය ලබා ගැනීම හැර වෙනත් කිසිඳු විකල්ප වැඩපිළිවෙලක් නොමැති බවය.
අයවැයේ දක්වා ඇති පරිදි බිලියන 4164ක් රාජ්‍ය ණය ගැනීම් හැර බදු ආදායමක් බලාපොරොත්තු වන බවත්, බිලියන 4358ක් වියදම් කිරීමට බලාපොරොත්තු වන බවත් වුවද, පසුගිය වසරේ බදු ආදායම වූයේ බිලියන 2020ක් පමණක් බවයි වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දුන්නේ.
මෙවර එය දෙගුණයකින් වැඩිකර ගැනීම සඳහා ක්‍රමවේදයක් නොමැති බව හා ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඒ මහතා පැහැදිලි කළේය.
මෙම වසර තුළ මුළු ණය ගැනීමේ අවශ්‍යතාව බිලියන 7350ක් බවත්, බිලියන 6919ක් ණය පොලී ගෙවීම සඳහා අවශ්‍ය වන බවත්, එම අභියෝගයට මුහුණදිය හැකි කිසිදු උපායමාර්ගයක් මෙම අයවැය තුළ නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පෙන්වා දුන්නේය.
යම් ගණන් හිලව් ටිකක් අයවැය සැරසීමට යොදා තිබුණද ඒවා කිසිසේත්ම ක්‍රියාත්මක නොවන බව නොරහසක් බව ද රාජ්‍ය සේවකයන් හා අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 30ක පමණ පිරිස ඉලක්ක කරගනිමින් අයවැය යොදා ගනිමින් ඡන්ද ප්‍රමාණය වැඩිකර ගැනීම වෙනුවෙන් මෙම අයවැය සකස්කර ඇති බව පැහැදිලිව පෙනීයන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්