
මේ අයවැය ජනපති රනිල්ගේ සුරංගනා කතා පිරුණු අයවැයක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර
2024 සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය සුරංගනා කතා පිරුණු අයවැයක් බවත්, අයවැයෙන් බලාපොරොත්තු වන ආදායම ලබා ගැනීම සඳහා මේ තුළ කිසිඳු උපායමාර්ගික සැලැස්මක් නොමැති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ එහි සඳහන් වියදම් ආවරණය කරගැනීම සඳහා ණය ලබා ගැනීම හැර වෙනත් කිසිඳු විකල්ප වැඩපිළිවෙලක් නොමැති බවය.
අයවැයේ දක්වා ඇති පරිදි බිලියන 4164ක් රාජ්‍ය ණය ගැනීම් හැර බදු ආදායමක් බලාපොරොත්තු වන බවත්, බිලියන 4358ක් වියදම් කිරීමට බලාපොරොත්තු වන බවත් වුවද, පසුගිය වසරේ බදු ආදායම වූයේ බිලියන 2020ක් පමණක් බවයි වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දුන්නේ.
මෙවර එය දෙගුණයකින් වැඩිකර ගැනීම සඳහා ක්‍රමවේදයක් නොමැති බව හා ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඒ මහතා පැහැදිලි කළේය.
මෙම වසර තුළ මුළු ණය ගැනීමේ අවශ්‍යතාව බිලියන 7350ක් බවත්, බිලියන 6919ක් ණය පොලී ගෙවීම සඳහා අවශ්‍ය වන බවත්, එම අභියෝගයට මුහුණදිය හැකි කිසිදු උපායමාර්ගයක් මෙම අයවැය තුළ නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පෙන්වා දුන්නේය.
යම් ගණන් හිලව් ටිකක් අයවැය සැරසීමට යොදා තිබුණද ඒවා කිසිසේත්ම ක්‍රියාත්මක නොවන බව නොරහසක් බව ද රාජ්‍ය සේවකයන් හා අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 30ක පමණ පිරිස ඉලක්ක කරගනිමින් අයවැය යොදා ගනිමින් ඡන්ද ප්‍රමාණය වැඩිකර ගැනීම වෙනුවෙන් මෙම අයවැය සකස්කර ඇති බව පැහැදිලිව පෙනීයන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
