අයවැය සමයේ පාර්ලිමේන්තු සේවකයෝ වැඩ වැරුමක?
පාර්ලිමේන්තුවේ පරිපාලනය ප්‍රතිව්‍යුහගත කරණය කිරීම පිළිබඳ කමිටු වාර්තාවට විරෝධය පළ කරමින් එහි ඇතැම් සේවකයන් අයවැය කාලයේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම් වෙමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
එම කමිටු වාර්තාවට පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම කතානායකවරයාට දැනටමත් විරෝධය පළ කර ඇත.
දෙපාර්තමේන්තු නවයේ අටසිය පනහක් පමණ සේවය කරති.
එම අංශ වල සියලු දෙනාම පාහේ අදාළ වාර්තාවට විරෝධය දක්වමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට නිල නොවන මට්ටමෙන් එකඟතාවක් ඇතිකරගෙන සිටින බව දැනගන්නට ඇත.
අයවැය විවාදය පවතින කාලයේ මේ විරෝධතාවය දැක්විය යුතු බවටද යෝජනාවී ඇතැයි වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවේ පරිපාලනය සහ වැටුප් ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට විශ්‍රාමික පරිපාලන නිලධාරීන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුව පත් කරනු ලැබුවේ කතානායකවරයා විසිනි.
පාර්ලිමේන්තු අත්දැකීම් නොමැති පිරිසක් හරි හැටි කරුණු නොදැන වාර්තාව සකස් කර ඇති බැවින් එය ක්‍රියාත්මක කළහොත් තමන්ට බරපතළ අසාධාරණයක් වන බව සේවකයෝ පෙන්වා දෙති.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..