ඥානසාර හිමි ආරක්‍ෂාව ඉල්ලති.. තමන් වහන්සේව ඝාතනය කිරීමට සැලසුමක් අති බව දන්වති..
ත්‍රස්ත කණ්ඩායමකින් තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව පවසමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ආරක්ෂක ලේකම් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
උන්වහන්සේගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ලබා දෙන ලෙසට උන්වහන්සේ එමගින් ඉල්ලා සිටිති.
මෙම ලිපියේ සඳහන් වන පරිදි, පාතාල කණ්ඩායමක් විසින් තමන් වහන්සේව ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇත.
තවද, රාජගිරියේ පිහිටි උන්වහන්සේගේ විහාරස්ථානයට බුද්ධි අංශයේ නිලධාරීන් පැමිණ මෙම අනතුර පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළ බවද ඥානසාර හිමියන් සිය ලිපිය මගින් ආරක්ෂක ලේකම්වරයාට දන්වා ඇත.
එම අන්තවාදය නිසා දැඩි පීඩාවට පත් අපේ පාරම්පරික මුස්ලිම් ප්‍රජාව එම පීඩාකාරී බලවේගවලින් බේරාගන්නා ලෙස ඉල්ලා සිටි අතර ඔවුන් සතු බොහෝ තොරතුරු ද අප අතට පත් කළේ රට දැනුවත් කරන ලෙස ඉල්ලමිනි. සති කීපයකට පෙර නැගෙනහිර පළාතේ එරාවුර් ප්‍රදේශයේදී සිකුරාදා දිනෙක ජුම්මා දේශනාවට පැමිණි සියලු දෙනාට අත්පත්‍රිකා විශාල ප්‍රමාණයක් බෙදා දී තිබුණි. එහි දක්වා ඇත්තේ කාසිම් නමැති තරුණයා හා ඥානසාර තෙර යන දෙදෙනා හා ඔවුන් පිටුපස සිටින අනෙක් අය ගැනත් සොයා බලා ෂරියා නීතියට අනුව ගල් ගසා මරා දැමිය යුතුයි කියාය. ලිබියා ගඩාෆි නම් කණ්ඩායමක් වට්ස්ඇප් හරහා ද මෙම පණිවිඩය මුදාහැර ඇත. යනුවෙන් ද එම ලිපියේ සඳහන්ය.
“2013 වසරේ සිට ඉස්ලාම් අන්තවාදීන් සිදුකිරීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට මා ඇතුළු සංවිධානයට හැකි විය. එවන් සුවිසල් කැප කිරීමක් සිදු කළ මා අත්‍යන්ත අන්තරායකර අවදානමකට ලක්ව සිටින්නෙමි. සුදුසු ආරක්ෂාවක් ඉල්ලුව ද තවමත් එය ලැබී නැත.
මීට පෙර ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී තිබූ අතර මම කැමැත්තෙන් ම ඔවුන් නැවත අදාළ ආයතනයට යොමු කළෙමි. වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට ද පොලිස්පතිතුමාට ද මේ බව දැනුම් දුන්නෙමි. සුදුසු යැයි (පෙර මෙන්) හැඟෙන පරිදි ඇමැති ආරක්ෂාව ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..