මත්ද්‍රව්‍ය තුරන් කරනබවට සපථ කරලා, සමාගම්වලට ගංජා වවන්න අවසර දීලා - ඕමල්පේ සෝභිත හිමිගෙන් චෝදනා..
රට පුරා ව්‍යාප්ත වී මහා විවසනයක්ව පවතින මත්ද්‍රවය උවදුර මැඩපැවැත්වීමට ජනාධිපතිවරයා අතිශයින් වැදගත් වැඩසටහනකට නායකත්වය දෙද්දී, සමාගම් හයකට ගංජා වගා කිරීමට අක්කර 66ක් දීමෙන් මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩසටහන තුළ දෙබිඩි පිළිවෙතක් ඇති බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
තව දුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියෝ, "ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙතෙක් රට කළ කිසිදු නායකයකු නොගත් පියවරක් මත්ද්‍රවය උවදුර විනාශ කිරීමට ගන්නා බව එදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී සපථ කළා.
ඇත්ත වශයෙන් ම ඒ තීරණය අතිශයින් ම වැදගත්. රටේ දියුණුව අනාගත පරපුරේ යහ පැවැත්ම, දියුණුව සහ සංසංවර්ධනය බලාපොරොත්තු වෙන හැමෝම එය අගය කළ යුතුයි.
අපි අගය කරනවා. එය එසේ තිබියදී අපනයනය සදහා යැයි කියමින් සමාගම් හයකට ගංජා වවන්න අක්කර 66 ක් දීලා. හෝද හෝදා මඩේ දාන වැඩක් මේක.
ගංජා වැවීමට අවසර දීම මුලුමනින්ම රාජ්‍ය ව්‍යවස්ථාව පටහැනි ක්‍රියාවක් . 1929 අංක 17 දරණ විෂ අභිං පනත තවමත් ක්‍රියාත්මක යි. ඒ අනුව ගංජා වැවීම, ළඟ තබාගැනීම, අපනයනය, ආනයනය විකිණීම සපුරා තහනම්. ඊට අමතරව රේගු ආයුර්වේද ආහාර වැනි අණ පනත් වලිනුත් ගංජා ප්‍රවර්ධනය කරන්න බැහැ. පහුගිය ආණ්ඩුවට ගෙදර යන්න වුනෙත් ඩයනාගේ ගංජා ප්‍රවර්ධන ක්‍රියාවන් නිසයි. නිදා සිටින විපක්ෂය අවදි කරන යෝජනාවක් මේක. අපි මහා සංඝ රත්නය, සිවිල් සංවිධාන පුරවැසියන් විදියට රජයට කියනවා වහාම මේ අපනයනය සදහා ගංජා වගාකිරීමට ඉඩදීමේ ව්‍යාපෘතිය නවත්වන්න කියලා.
පාතාලය, කුඩු මර්දනයට ගත්ත ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනියන්න. හොරකමට, වංචාවට, දූෂණයට එරෙහිව මිනිස්සු පාරට බැහැලා ඒවාට අනුබල දුන් පාලකයෝ ගෙදර යවපු ජනතාවක් ඉන්න රටක්. රටට නොගැලපෙන තීරණ ගැනීම රජයේ පැවත්මටත් බධා වෙන්න පුලුවන්. අපනයනය සදහා ගංජා වවන්න අවසර දුන්නා නම් ඒ තීරණය ගත්ත සක්‍යතා අධ්‍යයන වාර්තාව කෝ අපනයනය කරන්නේ මොන රටවල් වලට ද? ඒ සදහා අත්සන කළ ගිවිසුම මොකක්ද? යම් විදියකින් ඒ රටවල් ගංජා මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළොත්, ඒවා රට තුලට නේද නැවත එන්නෙ. එහෙම් නොඑන්න තියන වැඩ පිළිවෙළක් තියෙනවාද? මේවා ගැන රටම බලා ඉන්නවා. ඒ නිසා ගංජා වැවීමට අවසර දීමේ ක්‍රියාව වහාම නවත්වන්න කියලා ජනාධිපතිතුමගෙන් සහ රජයෙන් අපි ඉල්ලා සිටිනවා" යැයි ද සෝභිත හිමියෝ කීහ.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..