වෙනිසියුලාවේ භූමිය වෙත කෙරෙන හමුදා මැදිහත්වීම සඳහා වන සැලසුම් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
වෙනිසියුලාවේ හමුදා ප්‍රහාර දියත් කිරීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා(31) පැවසූ බව රොයිටර් පුවත් සේවය පවසයි.
ඔක්තෝබර් මස මුලදී, වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස එක්සත් ජනපදය වෙනිසියුලානු භූමියේ කෙරෙන හමුදා ක්‍රියාමාර්ගයක් ප්‍රතික්ෂේප නොකළ හැකි බව ට්‍රම්ප් යෝජනා කර තිබුණි.
කෙසේ වුවද රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියේ, ට්‍රම්ප් ෆ්ලොරිඩාව බලා යන අතරතුරදී මාධ්‍යවේදීන් ට්‍රම්ප්ගෙන් වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කිරීම ඇති සූදානම සම්බන්ධයෙන් පලවන වාර්තා සහ සිදුවිය හැකි ප්‍රහාර පිළිබඳව ඔහු තීරණය කර තිබේද යන්න විමසූ විට, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, "නැහැ" යනුවෙන් පිළිතුරු දුන් බවයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පැවසුවේ කැරිබියන් දූපත් වල එක්සත් ජනපද ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බව මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විශ්වාස කරන බවයි.
කැරිබියන් ගල්ෆ් කලාපයේ නැව්වලට එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ ප්‍රකාශය සමඟ ගුටරෙස් එකඟ වන්නේ දැයි විමසූ විට "ඔහු එකඟයි," යනුවෙන් ඩුජාරික් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්