කියුබාවට එරෙහි සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය එක්සත් ජනපදයට අවධාරණය කරයි.
ඊයේ(31),චීනය එක්සත් ජනපදය වෙත අවධාරණය කරමින් ඉල්ලා සිටියේ “ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීමට අවනත වී” කියුබාවට එරෙහි අමෙරිකානු අවහිර කිරීම් සහ සම්බාධක “වහාම” ඉවත් කරන ලෙසයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගුඕ ජියාකුන් ඊයේ(31) බීජිං නුවර පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ “වසර 60 කට වැඩි කාලයක් තිස්සේ පැවති කුරිරු සම්බාධක” කියුබානු ජනතාවට “ගැඹුරු දුක් වේදනා” ඇති කර තිබෙන බවයි.
පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට කියුබාව අමෙරිකානු සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාව අත්විශාල බහුතර ඡන්දයකින් අනුමත වීම මගින් “නැවත වරක් පිළිබිඹු කරන්නේ කියුබානුවන්ගේ ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමට සහ විදේශ මැදිහත්වීම් සහ අවහිර කිරීම්වලට විරුද්ධව කියුබානු ජනතාව කරණු ලබන සාධාරණ අරගලය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් සහයෝගයය” පිළිබිඹු වීමක් බව ගුඕ පැවසීය.
“ඡන්දයෙන් අමෙරිකා එක්සත් ජනපදය පරාජය වීම නැවත වරක් ඒකපාර්ශ්විකත්වය සහ හිරිහැර කිරීම අසාධාරණ සහ ජනප්‍රිය නොවන බව පෙන්නුම් කරනවා.” යැයි පැවසූ ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේ චීනය “1992 සිට එක්සත් ජනපද සම්බාධක වලට විරුද්ධව ගෙන එන යෝජනාවලට පක්ෂව ඡන්දය දී ඇති” බවයි.
චීනය “ජාත්‍යන්තර යුක්තිය ආරක්ෂා කිරීමේදී ස්ථිරව සිටින අතර විදේශීය මැදිහත්වීම්වලට විරුද්ධ වීමේදී සහ ඔවුන්ගේ ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධනයක් සඳහා කියුබානු ජනතාවට දැඩි ලෙස සහාය දක්වනු ලබනවා.” ගුඕ පැවසීය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී, කියුබාවට එරෙහි එක්සත් ජනපද අවහිර කිරීම හෙළා දකින යෝජනාවකට පක්ෂව ඡන්ද 165 ක්ද, විරුද්ධව ඡන්ද හතක් සහ ඡන්දය දීමෙන් වැළකී සිටි ඡන්ද 12 ක් සමගින් සම්මත වීමෙන් පසුව චීනය මෙම ප්‍රකාශය නිකුත් කළේය.
1992 සිට වාර්ෂිකව කියුබාව ඉදිරිපත් කරන ලද අමෙරිකානු සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ල සිටින යෝජනාවට පසුගිය වසරවලදී ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඒකමතික සහයෝගයක් ලැබී ඇත.යෝජනාව මගින් ප්‍රායෝගික බලපෑමක් නොමැති වුවද, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වාර්ෂිකව ලැබෙන සහාය රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙස හවානා සලකයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..