ගෝලීය ගෑස් මිල ඉහළ යනවා- රුසියානු ධන කුවේරයා අනතුරු අඟවයි
යුරෝපා සංගමය රුසියාවෙන් ගෑස් ආනයනය කිරීම ක්‍රමයෙන් නතර කිරීමට සැලසුම් කළහොත් ගෑස් මිලෙහි පෙර නොවූ විරූ වැඩිවීමක් සිදු විය හැකි බව බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන නොවාටෙක් හි සභාපති ලියොනිඩ් මිකෙල්සන් ඊයේ(31) අනතුරු ඇඟවීය.
ගෝලීය ද්‍රව ස්වාභාවික ගෑස් (LNG) වෙළඳපොළෙන් 10% ක් පමණ රුසියාව සතුව ඇති බව ඉස්තාන්බුල්හි පැවති යුරේසියානු ආර්ථික සංසදයේදී මිකෙල්සන් පැවසීය.
“ගෝලීය ගෑස් සැපයුමෙන් රුසියානු සැපයුම්කරුවන් බැහැර කිරීම සරලවම කළ නොහැකියි. එසේ කිරීම මින් පෙර ක්සිදා සිදු නොවූ මිල වැඩිවීමක් ඇති කරමින් ප්‍රධාන වශයෙන් යුරෝපීය පාරිභෝගිකයාට වැඩිපුර ගෙවීමට සිදුවනවා.” රුසියාවේ දෙවන විශාලතම ගෑස් සමාගමේ ප්‍රධානියා පැවසීය.
කෝවිඩ් වසංගතයෙන් පසු ඉල්ලුමේ සිදුවූ වැඩිවීම හේතුවෙන් ඝන මීටර් 1,000 ක ගැස් මිල ඩොලර් 1,200 ට වඩා ඉහළ ගිය 2021 අර්බුදය උදාරණයට ගනිමින් මිකෙල්සන් සිදුවිය හැකි ප්‍රතිවිපාක සංසන්දනය කළේය. යුරෝපා සංගමය රුසියානු ගෑස් සඳහා සම්පූර්ණ තහනමක් පැනවුවහොත් මොස්කව් සිය අපනයන වෙනත් තැනකට හරවා යවන බව ඔහු තවදුරටත් පැවසීය.
පසුගිය සතියේ සම්මත කරන ලද 19 වන සම්බාධක පැකේජයේ දී 2027 වන විට රුසියානු ආනයන අවසන් කිරීමේ ඉලක්කය බ්‍රසල්ස් නැවත තහවුරු කළේය. ඒ සමඟම, හංගේරියාව සහ ස්ලෝවැකියාව ඇතුළු සාමාජික රටවල් කිහිපයක් සැලැස්ම දැඩි ලෙස විවේචනය කර තිබේ.
2025 පළමු කාර්තුවේදී යුරෝපා සංගමය යුරෝ බිලියන 5.8 ක් (ඩොලර් බිලියන 6.7 ක්) වටිනා රුසියානු බලශක්තිය ආනයනය කළ අතර එය බොහෝ දුරට ස්වාභාවික ගෑස් බව විශ්ලේෂකයෝ පවසති. හෙල්සින්කි පදනම් කරගත් බලශක්ති සහ පිරිසිදු වාතය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය (CREA) විසින් කරන ලද ඇස්තමේන්තු වලට අනුව, පසුගිය මාසයේ යුරෝපා සංගමය රුසියානු LNG හි විශාලතම ගැනුම්කරු විය.
යුක්රේන ගැටුමට ප්‍රතිචාර වශයෙන් මොස්කව් මත දැඩි සම්බාධක පැනවීමට පටන් ගත් දා සිට යුරෝපා සංගම් සාමාජිකයින්ගේ බලශක්ති පිරිවැයේ තියුණු වැඩිවීමක් දක්නට ලැබුණි.
2021 සිට ජර්මනියේ ගෑස් මිල 74% ක ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. මිල ගණන් සහ සැපයුම් ස්ථාවරව පැවතුනේ නම් යුරෝපා සංගමයේ හතර දෙනෙකුගෙන් යුත් පවුල් කුටුම්භයකට වසරකට ගෙවීමට සිදුවන මිලට වඩා 2022 සිට විදුලිය සහ ගෑස් සඳහා යුරෝ 6,000 ක් (ඩොලර් 7,000) ක් පමණ වැඩිපුර ගෙවා ඇති බවට ගණන් බලා ඇත.
Russian tycoon warns of surge in global gas prices
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්