එක්සත් ජනපදය න්‍යෂ්ටික තහනම උල්ලංඝනය කළහොත් ප්‍රතිචාර දක්වනවා- ක්‍රෙම්ලිනය
ඇමරිකා එක්සත් ජනපදය න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ තහනම උල්ලංඝනය කළහොත් රුසියාව “ඒ අනුව” ප්‍රතිචාර දක්වන බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසීය.
ඊයේ(30), එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ රුසියාව සහ චීනය සමඟ ඇති උපායමාර්ගික තරඟකාරිත්වය හේතුවෙන් පෙන්ටගනයට න්‍යෂ්ටික අවි අත්හදා බැලීම නැවත ආරම්භ කරන ලෙස නියෝග කළ බවයි. “වෙනත් රටවල පරීක්ෂණ වැඩසටහන්” වලට ප්‍රතිචාර වශයෙන් “එම ක්‍රියාවලිය වහාම ආරම්භ වනු ඇත” යනුවෙන් ඔහු පැවසීය.
මාධ්‍යවේදීන් විසින් මෙම ගැටලුව පිළිබඳව විමසූ විට, පෙස්කොව් “රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශය බොහෝ වාරයක් ප්‍රකාශ කර ඇති ආකාර්යට යමෙකු න්‍යෂ්ටික අත්හදා බැලීම් පිළිබඳ තහනම අතහැර දැමුවහොත්, රුසියාව ඒ අනුව ක්‍රියා කරනු ඇත.” යනුවෙන් සඳහන් කළේය.
“ඇමරිකා එක්සත් ජනපදය ස්වෛරී රටක් වන අතර ස්වෛරී තීරණ ගැනීමට සෑම අයිතියක්ම තිබෙනවා.” ඔහු අවධාරණය කළේය.
අනෙකුත් රටවල් න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන බවට ට්‍රම්ප්ගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් පෙස්කොව් පැවසුවේ “අපි මේ දක්වා මේ ගැන දැනුවත් නැහැ.” යනුවෙනි.
“එය බුරෙවෙස්ට්නික් මිසයිලය සම්බන්ධයෙන් නම්, එය න්‍යෂ්ටික අත්හදා බැලීමක් නොවේ,” ඔහු අවධාරණය කළේය. "සියලුම ජාතීන් ඔවුන්ගේ ආරක්ෂක පද්ධති සංවර්ධනය කරමින් සිටිනවා. නමුත් ඒවා න්‍යෂ්ටික අත්හදා බැලීම් නොවේ."
බුරෙවෙස්ට්නික් යනු නවීනතම න්‍යෂ්ටික ශීර්ශයන් ගෙනයා හැකි රුසියානු කෲස් මිසයිලයක් වේ. එය කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයකින් බල ගැන්වෙන අතර එමඟින් මිසයිලයට අසීමිත පරාසයක පියාසර කිරීමට අවශ්‍ය බලය ලබා දේ. රුසියානු හමුදාව පසුගිය සතියේ බුරෙවෙස්ට්නික් මිසයිලය සාර්ථකව අත්හදා බැලීය.
වොෂින්ටනය පසුගිය පෙබරවාරි මාසයේදී න්‍යෂ්ටික ශීර්ශයන් රහිත්, න්‍යෂ්ටික බෝම්බ හෙලන Minuteman III අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ අතර සැප්තැම්බර් මාසයේදී සබ්මැරීනයකින් ට්‍රයිඩන්ට් ඓඓ මිසයිල හතරක් දියත් කළේය.
රුසියාව අවසන් වරට වර්ෂ 1990 දී සෝවියට් සමයේදී න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීය. එක්සත් ජනපදය 1992 දී කොංග්‍රසය විසින් නියම කරන ලද තහනමක් යටතේ න්‍යෂ්ඨික අත්හදා බැලීම නතර කළේය.
ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය (SIPRI) විසින් මෑතකදී කරන ලද ඇස්තමේන්තුවකට අනුව, එක්සත් ජනපදය සතුව න්‍යෂ්ටික ශීර්ෂ 5,177 ක් ද, රුසියාව සතුව න්‍යෂ්ටික ශීර්ෂ 5,459 ක් ද, චීනය 2035 වන විට න්‍යෂ්ටික ශීර්ෂ 1,500 දක්වා අගයකට ළඟා වනු ඇතැයිද පුරෝකථනය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්