එක්සත් ජනපදය න්‍යෂ්ටික තහනම උල්ලංඝනය කළහොත් ප්‍රතිචාර දක්වනවා- ක්‍රෙම්ලිනය
ඇමරිකා එක්සත් ජනපදය න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ තහනම උල්ලංඝනය කළහොත් රුසියාව “ඒ අනුව” ප්‍රතිචාර දක්වන බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසීය.
ඊයේ(30), එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ රුසියාව සහ චීනය සමඟ ඇති උපායමාර්ගික තරඟකාරිත්වය හේතුවෙන් පෙන්ටගනයට න්‍යෂ්ටික අවි අත්හදා බැලීම නැවත ආරම්භ කරන ලෙස නියෝග කළ බවයි. “වෙනත් රටවල පරීක්ෂණ වැඩසටහන්” වලට ප්‍රතිචාර වශයෙන් “එම ක්‍රියාවලිය වහාම ආරම්භ වනු ඇත” යනුවෙන් ඔහු පැවසීය.
මාධ්‍යවේදීන් විසින් මෙම ගැටලුව පිළිබඳව විමසූ විට, පෙස්කොව් “රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශය බොහෝ වාරයක් ප්‍රකාශ කර ඇති ආකාර්යට යමෙකු න්‍යෂ්ටික අත්හදා බැලීම් පිළිබඳ තහනම අතහැර දැමුවහොත්, රුසියාව ඒ අනුව ක්‍රියා කරනු ඇත.” යනුවෙන් සඳහන් කළේය.
“ඇමරිකා එක්සත් ජනපදය ස්වෛරී රටක් වන අතර ස්වෛරී තීරණ ගැනීමට සෑම අයිතියක්ම තිබෙනවා.” ඔහු අවධාරණය කළේය.
අනෙකුත් රටවල් න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන බවට ට්‍රම්ප්ගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් පෙස්කොව් පැවසුවේ “අපි මේ දක්වා මේ ගැන දැනුවත් නැහැ.” යනුවෙනි.
“එය බුරෙවෙස්ට්නික් මිසයිලය සම්බන්ධයෙන් නම්, එය න්‍යෂ්ටික අත්හදා බැලීමක් නොවේ,” ඔහු අවධාරණය කළේය. "සියලුම ජාතීන් ඔවුන්ගේ ආරක්ෂක පද්ධති සංවර්ධනය කරමින් සිටිනවා. නමුත් ඒවා න්‍යෂ්ටික අත්හදා බැලීම් නොවේ."
බුරෙවෙස්ට්නික් යනු නවීනතම න්‍යෂ්ටික ශීර්ශයන් ගෙනයා හැකි රුසියානු කෲස් මිසයිලයක් වේ. එය කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයකින් බල ගැන්වෙන අතර එමඟින් මිසයිලයට අසීමිත පරාසයක පියාසර කිරීමට අවශ්‍ය බලය ලබා දේ. රුසියානු හමුදාව පසුගිය සතියේ බුරෙවෙස්ට්නික් මිසයිලය සාර්ථකව අත්හදා බැලීය.
වොෂින්ටනය පසුගිය පෙබරවාරි මාසයේදී න්‍යෂ්ටික ශීර්ශයන් රහිත්, න්‍යෂ්ටික බෝම්බ හෙලන Minuteman III අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ අතර සැප්තැම්බර් මාසයේදී සබ්මැරීනයකින් ට්‍රයිඩන්ට් ඓඓ මිසයිල හතරක් දියත් කළේය.
රුසියාව අවසන් වරට වර්ෂ 1990 දී සෝවියට් සමයේදී න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීය. එක්සත් ජනපදය 1992 දී කොංග්‍රසය විසින් නියම කරන ලද තහනමක් යටතේ න්‍යෂ්ඨික අත්හදා බැලීම නතර කළේය.
ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය (SIPRI) විසින් මෑතකදී කරන ලද ඇස්තමේන්තුවකට අනුව, එක්සත් ජනපදය සතුව න්‍යෂ්ටික ශීර්ෂ 5,177 ක් ද, රුසියාව සතුව න්‍යෂ්ටික ශීර්ෂ 5,459 ක් ද, චීනය 2035 වන විට න්‍යෂ්ටික ශීර්ෂ 1,500 දක්වා අගයකට ළඟා වනු ඇතැයිද පුරෝකථනය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..