සෞඛ්‍ය අමාත්‍යංශයේ අත්තනෝමතික වැඩ නිසා රෝගී සත්කාර සේවා බිඳ වැටී සෞඛ්‍ය සේවාව අඩපණ වීමේ අවදානමක්..
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
සෞඛ්‍ය අමාත්‍යංශයේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා රෝගී සත්කාර සේවා බිඳ වැටීමේ සහ නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් අඩපණ වීමේ අවදානමක.
නිදහස් සෞඛ්‍ය සේවාව සහ එහි සේවය කරන වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය සේවකයින් සිය උපරිම ධාරිතාවයටත් ඔබ්බට යමින් කටයුතු කරමින් සිටින මොහොතක, සෞඛ්‍ය සේවාවේ උද්ගත වී ඇති දැවෙන ගැටලු සඳහා නිසි පරිදි විසදුම් ලැබීමක් ද පෙනෙන්නට නොතිබීම නිසා මේ වන විට ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව දැඩි අර්බුදකාරී වාතාවරණයකට මුහුණ දෙමින් ඇත.
මේ හේතුව නිසා වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය සේවකයින් ගේ ගැටලු, රෝගීන් මුහුණදෙන ගැටලු, ඖෂධ සහ උපකරණ වල ගැටලු, රෝගී සත්කාර සේවාව සැපයීමට ඇති පහසුකම් වල ගැටලු යනාදී ගැටලු රාශියක් මේ වන විට රටපුරා ඇති රෝහල් ජාලයටම බලපාන අන්දමින් ඔඩු දුවමින් ඇත.
වෛද්‍යවරුන් ගේ DAT දීමනාව ප්‍රධාන වැටුප් යාවත්කාලීන කිරීම සහ සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් යාවත්කාලීන වීමේ ගැටලු, අත්‍යවශ්‍යය ඖෂධ හිඟවීම සහ ඖෂධ වල අඛණ්ඩ සැපයුම සහ අදාල වන ගැටලු, ප්‍රවාහනය සම්බන්ධ ගැටලු, නේවාසික පහසුකම් සම්බන්ධ ගැටලු, සේවා අවශ්‍යතාව සඳහා සිදුවන ස්ථානමාරු නිසා වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල් වලට ඇතුලත් කරගැනීම සඳහා ඇති ගැටලු සහ ආරක්ශාව සම්බන්ධ ගැටලු, නේවාසික රෝගීන් හට සහ රෝගී සත්කාර සේවාවන් හා බැදී ඇති මූලික පහසුකම් පවා හිඟ වීම, පදනම් විරහිත පරීක්ෂණ යන ගැටලු ප්‍රධාන තවත් ගැටලු රාශියක් උදාහරණ ලෙස ගෙන හැර දැක්විය හැක.
සෞඛ්‍ය සේවාවේ මේ ඇතිවී තිබෙන ගැටලු වලට විසදුම් සෙවීම සඳහා අටවැදෑරුම් යෝජනා මාලාවක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඉදිරිපත් කර ඇති අතර මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලධාරීන් සහ දේශපාලන අධිකාරිය මැලිබවක් දැක්වීම ඉතා කනගාටුවට කරුණකි.
මෙම ගැටලු සාකච්ඡා මාර්ගයෙන් තිරසාර වැඩපිළීවෙලක් ඔස්සේ විසඳමින් ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කරගැනීම වෙනුවට වෛද්‍යවරුන් තව තවත් අධෛර්යමත් කරමින් ඔවුන්ට තාඩන පීඩන එල්ල කරමින්ද, රෝගී සත්කාර සේවාව අඩපණ වන ආකාරයෙන් ක්‍රියාකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාකරන්නේ කුමන අරමුණක් ඉටු කරගැනීම උදෙසාද යන බරපතල ගැටලුව අප සාමාජිකයන් තුල මේ වන විට පැන නැගී තිබේ.
අත්තනෝමතික ලෙස රෝගී සත්කාර සේවාවන්ට සිදු වීමට යන අඩාල වීම් නොසලකා හරිමින් රෝගීන් තවදුරටත් අපහසුතාවයට පත්වන ආකාරයට නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් වෛද්‍යවරුන් ස්ථානමාරු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ තිරණ ගෙන තිබිම මීට කදිම නිදසුනකි. මන්ද යත්, නිසි පුහුණුව ලත් අනුප්‍රාප්තිකයින් නොමැතිව වෛද්‍යවරුන් රෝහල් වලින් නිදහස් කිරීම අදාල රෝහල් සහ ඒකක වල රෝගී සත්කාර සේවා අඩාල විමේ අවදානම නිසා අගතියට පත් වන්නේ ප්‍රධාන වශයෙන්ම අසරණ රෝගී ජනතාවයි.
මෙම ගැටලු සියල්ල පිළිබදව අද දින පැවති මධ්‍යම කාරක සභා රැස්විමේදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද අතර සියලු දෙනාගේ ඒකමතික කැමැත්තෙන් පහත තීන්දු තිරණ වලට මධ්‍යම කාරක සභාව එළඹෙන ලදී.
1. අත්තනෝමතික ස්ථාන මාරු ක්‍රියත්මක කිරීමේ සෞඛ්‍ය අමාත්‍යංශ තීරණය වහා අත්හිටුවා අදාල පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් නිසි ක්‍රමවේදය තුලින් සහ විශේෂයෙන්ම රෝගී සත්කාර සේවා බිඳ වැටීමකින් තොරව සිදු කල යුතු බව
2. එම අත්තනෝමතික ස්ථාන මාරු ක්‍රියාවලිය හෙට දිනයේ එනම්, 2025.10.30 දී ක්‍රියාත්මක වුවහොත් රට පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල සිදු විය හැකි සේවා බිද වැටීම පිළිබඳ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් විසින් භාර ගත යුතු බව
3. හෙට දිනයේදි එනම්, 2025.10.30 යම් හෙයකින් ඉහත සඳහන් ආකාරයට අත්තනෝමතික ලෙස සථාන මාරු ක්‍රියාත්මක කරන්නේ නම් නැවත දැනුම් දීමකින් තොරව 2025.10.31 වැනි දින සිට දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව
සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම අත්තනෝමතික ක්‍රියාකාරකම් හේතුවෙන් සිදු වන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් බිඳ වැටීම වේ. ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ බිඳ වැටීම අරමුණු කරගෙන එමඟින් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ උත්සාහයක් දරන පිරිසක් මෙම ක්‍රියාවලින් දාමය පිටුපස සිටින බවට අපට බරපතල සැකයක් මතු වී ඇත.
එම කූඨ උපක්‍රමයන්ට හසු නොවෙමින් ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය ආරක්ෂ කර ගැනීම අප සැමගේ අරමුණක් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප තරයේ විශ්වාස කරන්නෙමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..