විනය සංග්‍රහයේ අංක 01 සහ අංක 05 කඩකළේ යැයි පොලිස්පති වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..
නව ජනතා පෙරමුණ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍යය නිවේදනයයි
දෙපාර්තමේන්තු නියෝගවල විනය සංග්‍රහයේ අංක 01 සහ අංක 05 කඩකීරිම සිදු කල පොලිස්පතිතුමන් වහා තනතුරෙන් ඉවත් කරනු .
කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මැතිතුමාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ ඔහු විසින් කරන ලද ඉල්ලීමට අනුව පොලිස්පතිතුමා විසින් ලබා දුන් ආරක්ෂාව පිළිබඳව හා ජගත් විතාන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට ඇති වී තිබෙන තර්ජන සඳහා මුල් වී ඇති කාරණා පිළිබඳව පොලිස්පතිතුමා විසින් සිදු කල ප්‍රකාශය සම්බන්ධව නව ජනතා පෙරමුණ අපගේ ද අවධානය යොමු වී ඇත.
සංවිධානාත්මක අපරාධ සඳහා යම් සම්බන්ධ පුද්ගලයින් සමග සහ සම්බන්ධතා පැවැතීම නිසා මෙවැනි තර්ජන ගොඩනැගී ඇති බවත් ඒ සම්බන්ධව විවෘත විමර්ශනයක් පවත්වන බවත් පොලිස්පතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී. තවද මහජන දේශපාලන කටයුතු නිසා නොව යම් යම් කූඨ ව්‍යාපාර ජාවාරම් පුද්ගලයන් සමග සහ සම්බන්ධ වීම තුලින් මෙම මරණ තර්ජන නිර්මාණය වී ඇති බව අනාවරණය වී ඇති බව ද වැඩි දුරටත් පොලිස්පතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී.
මෙලෙස කිසිදු විමර්ශනයකින් තොරව සාක්ෂි රහිතව මහජන සේවයේ නිරත වන මන්ත්‍රීවරයකු පිළිබඳව අපහාසාත්මකව කරුණු ප්‍රකාශ කිරීම තුලින් ඔහුගේ කීර්තිනාමයට දැඩි ලෙස හානි සිදු වී ඇති අතර එම ප්‍රකාශය නව ජනතා පෙරමුණ විසින් දැඩි ලෙස හෙළා දකිමු.
දෙපාර්තමේන්තු නියෝගවල විනය සංග්‍රහය අනුව බී පරිශ්‍රෙය් අංක 01 යටතේ ” අපකීර්තිදායක හැසීරිම” මෙන්ම අංක 05 යටතේ ” බොරු කීම හෝ ඇත්ත සඟවා කථා කිරීම ” යන කරුණු දෙකම පොලිස්පතිතුමන් විසින් කඩ කර ඇති බව ඔහුගේ ප්‍රකාශය තුලින් ජනිත වේ.
ස්වාධීන පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිවරයාට පවරා දෙමින් පොලිස්පතිතුමන්ට සිතෙන පරිදි ප්‍රකාශ නිකුත් කිරීම තුල රට මර්ධනකාරී පොලිස් රාජ්‍යයක් කරා ගෙන යන සේයාවක් පෙන්නුම් කරන අතර ආණ්ඩුවේ ප්‍රචාරක සැලැස්මට අනුගතව කටයුතු කරන පොලිස්පතිවරයකු සිටීම ස්වාධීන පොලීසියක පැවැත්ම ප්‍රශ්න සහගත වන බව අපි අවධාරණය කර සිටිමු.
ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ප්‍රවාහය තුල මෙවැනි මාධ්‍ය සංදර්ශන අපි දැඩිව හෙළා දකින අතර රටේ සැබෑ ප්‍රශ්න යටපත් කරමින් පටු දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන ආණ්ඩුවේ මර්දනකාරී දේශපාලන ක්‍රියාවලියේ කොටසක් ලෙස සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව සම්බන්ධව පැන නැගී ඇති කාරණාව පිළිබඳව පොලිස්පතිතුමන් දැක් වු අදහස් ප්‍රකාශනය දැඩි ලෙස නව ජනතා පෙරමුණ විසින් හෙළා දකින අතර පොලිස්පතිතුමන් විසින් විනය සංග්‍රහය කඩකරමින් කටයුතු කිරීම පිළිබඳව නිතීමය ක්‍රයාමාර්ග ගන්නා ලෙසත් ඔහු එම පොලිස්පති තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් අපි ආණ්ඩුවට බල කර ප්‍රකාශ කර සිටිමු.
මාධ්‍ය අංශය
නව ජනතා පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි