වී තොග තිබියදී හාල් රටින් ගෙන්වීමෙන් කුඩා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට සහ පාරිභෝගිකයාට ආණ්ඩුව මරුපහරක් එල්ල කරලා - ජාතික ගොවි ජන එකමුතුවෙන් චෝදනා
අතිරික්ත නාඩු, සම්බා සහ රතු කැකුළු යන වී තොග මෙ.ටො. හාරලක්‍ෂ පනස්දහසක් තිබියදී සහල් ආනයනයට කටයුතු කිරීමෙන් කුඩා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට සහ පාරිභෝගිකයාට ද රජය මරුපහරක් එල්ලකර ඇතැයි ‘ජාතික ගොවි ජන එකමුතුව’ චෝදනා කරයි.
2024/2025 කන්නවලදී මෙරට ලබාගෙන ඇති වී අස්වැන්න රටට ප්‍රමාණවත්ව තිබියදී පවතින කීරි සම්බා වී හිඟය ඉස්මතු කරමින් අනෙකුත් සහල් වර්ග ද ආනයනයට පියවර ගැනීම ගැටලු සහගත තත්ත්වයක් බව එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.
මෙරට වර්ෂයක ජාතික සහල් අවශ්‍යතාව මෙ.ටො. විසිතුන් ලක්‍ෂ හැත්තෑ පන්දහසක් බවත් ඒ සඳහා වන අවශ්‍ය වී ප්‍රමාණය මෙ.ටො. තිස් අටලක්‍ෂයක් බවත්, 2024/25 හා 25 යල් කන්නයේ වී අස්වැන්නේ එකතුව මෙ.ටො. හතළිස් හතර ලක්‍ෂ පනස්දහසක් බවත්, එවිට වී අතිරික්තයක් ලෙස වී. මෙ.ටො. හාරලක්‍ෂ පනස්දහසක් ඉතිරිව පවතින බවත් මේ අනුව රජයට සහල් ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් පැන නොනැගින බවත් ඒ මහතා පවසයි.
මේ වනවිට රජය විසින් උත්සව සමය වෙනුවෙන් පොන්නි සම්බා, ජී.11, කීරි සම්බා ආදේශ ලෙසත්, ජී.11, නාඩු, කැකුළු සහ සම්බා සහල් ආනයනය කරමින් පවතින බවත් ජාතික ගොවි ජන එකමුතුව පවසයි.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..