අමරකීර්ති ඝාතනයේ නඩු තීන්දුව ජනවාරි 14..
අරගලය පැවති 2022 වසරේ මැයි නව වැනිදා නිට්ටඹුව නගරයේ දී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනෙකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව 2026 ජනවාරි 14 ප්‍රකාශයට පත් කිරීමට ගම්පහ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළහ.
සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද මෙම නඩුව විභාගයට ගැනුණු අතර එහිදී විත්තියේ දේශන අවසන් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කළහ.
ධනුෂ්ක ලක්ෂාන්ත, ඔෂාන් සර්වනාත් දිල්ෂාන්, ගයානු දිල්ෂාන්, මොහොමඩ් දිල්ෂාන්, සාගර ප්‍රනාන්දු, සුපුන් තරිඳු සුනිල් රත්න, ඉන්දික කුමාර විජේසිංහ, චමින්ද විරාජ් කුමාර, දිලින ඩිල්ෂාන් පෙරේරා, ලහිරු සම්පත් ධර්මබන්දු, චමින්ද රෝෂාන්, දිමුත් රංගන, ඇන්ටන් ගේ බ්‍රියල් කුමාරදාස, රාමයියා සත්‍ය කුමාර්, හංසන ප්‍රගීත් වනිගසූරිය, බුද්ධික සංජීව විජේසිංහ, කසුන් සමන් කුමාර, මනෝජ් ප්‍රසන්න එගොඩගේ, චාරුක දේශාන්, නඳුන් සඳකැල් විජේබණ්ඩාර, සනත් වීර ප්‍රසන්න, මොහොමදු අසාර් අලි, සමිත අනුරංග සුරසිංහ, උපුල් දුමින්ද, මහින්ද කුමාර්, යොහාන් මධුභාෂිත ජයවීර, රංගන රුවන් නන්දසේන, රුක්මන් ශ්‍රී නලින් ජය කුමාර්, ශ්‍රීනාත් නෙරංජන් සිරිතුංග, උජිත් චාමර ප්‍රසන්න හෙවත් බින්ගා, නිපුන් බුද්ධික දිල්ෂාන්, සුවිනීත් ප්‍රියංකර කුමාරසිංහ, ක්‍රිෂාන්ත ප්‍රියලාල්, අමිල නුවන් පෙරේරා, දිලූක ප්‍රභාත් ජයතිලක, සුසන්ත බණ්ඩාරනායක, නිරාජ් මදුරංගෙ කස්තුරි, යසිරු ශාමික, ලසන්ත සමීර ගුණසිංහ, ඉරේක අශාන් පීරිස්, සහ රවිඳු නයනප්‍රිය ගුණවර්ධන යන විත්තිකරුවන්ය.
මොවුන් අතුරින් ඇන්ටන් ගේබ්‍රියල් කුමාරදාස සහ නිපුන බුද්ධික දිල්ෂාන් නඩු විභාගය අතර තුර මිය ගොස් ඇත.
ලසන්ත සමීර ගුණසිංහ සහ ඉරේක අශාන් අධිකරණය මඟ හැර සිටිති.
ඒ අනුව විත්තිකරුවන් තිස් හත් දෙනකුට එරෙහිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..