මෙරට ව්‍යාපාරිකයෙකු දකුණු කොරියාවේ සිට මහ පරිමාණයෙන් මත්ද්‍රව්‍ය එවයි..
ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය සිදු කෙරෙන තත්වයක්ක් තිබියදී දෙරට අතර පාලමක් ගොඩනැගුවහොත් එය තවත් හොඳින් සිදුවෙනු ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ පවසති.
මහා නා හිමියෝ ඒ බව අවධාරණය කර සිටියේ ගුවන් හමුදාපති එයාර් වයිස් මර්ෂල් බන්දු එදිරිසිංහ මහතා උන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 74 ක් පිරීම නිමිත්තෙන් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් පැවති ආගමික වතාවත් වලට සමගාමීව මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමටද ගුවන් හමුදාපතිවරයා පියවර ගෙන තිබුණි.
එහිදී මල්වතු මහනාහිමියන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මේ වනවිට විශාල ලෙස මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් සිදුවෙමින් තිබෙන බවත් ඒවා කුමන හෝ මාර්ගයකින් සමාජගත වූවානම් විශාල විනාශයක් සිදුවීමට තිබූ බවයි.
මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් සිදු කෙරෙන අතරතුර එම මත්ද්‍රව්‍ය මෙරටට එවූ රටවල නායකයන් සමඟ සාකච්ඡා කොට එම නීති විරෝධී කටයුතු පාලනය කිරීමට වැඩපිළිවෙලක් සකස් කල යුතුව තිබෙන බවද මහානා හිමියෝ වැඩිදුරටත් අවධාරණයය කළේය.
එහිදී ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් බන්දු එදිරිසිංහ මහතා මහනාහිමියන් හමුවේ අවධාරණය කර සිටියේ මෙරට ව්‍යාපාරිකයෙකු දකුණු කොරියාවේ රැඳී සිටිමින් බෝට්ටු මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට කරුණු අනාවරණය වී ඇති බවයි.
මෙරට මුහුදු සීමාවේ සැතපුම් 1000 ක් දුරට ගුවනින් ගොස් ඒ අයුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකාවක් හඳුනාගෙන එහි සිටි පිරිස් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පැවසීය.
නැව් මගින් මෙන්ම බෝට්ටු මගින්ද කන්ටේනර් වලින්ද මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බව අවධාරණය කළ ගුවන් හමුදාපතිවරයා එවැනි එක් බෝට්ටුවක්ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් එම ප්‍රවාහන කටයුතු ඉතා සූක්ෂම සිදුවන බව අවධාරණය කළ ගුවන් හමුදාපතිවරයා මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම සඳහා නැව් වලින් බෝට්ටු වලට හුවමාරු කරගනු ලබන්නේ බොහෝ විට ගැඹුරු මුහුදේදී බවද අවධාරණය කළේය.
මුහුදු මාර්ගයෙන් මෙන්ම ගුවන් මගින් ද මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බව අවධාරණය කළ ගුවන් හමුදාපතිවරයා එවැනි මත්ද්‍රව්‍ය හසු වන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් බවත් මේ වන විට ගුවන් හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නාවික හමුදාව එක්ව සාර්ථකව එම වැටලීම් සිදුකෙරෙමින් පවතින බවද පැවසීය.
නාවික හමුදාපතිවරයා අස්ගිරි මහා විහාරයට ගොස් එහි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ද බැහැදුටුවේය.
- ADA
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..