2024 දී බිලියන 3.8ක් ලාභ ලැබූ ශ්‍රී ලන්කන්, 2025 දී බිලියන 7.6ක් පාඩු ලබලා..
SriLankan ගුවන් සමාගම 2023/24 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 3.8ක ලාභයක් වාර්තා කර තිබියදී 2024/25 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 7.6ක අලාභයක් වාර්තා කර තිබේ.
මේ වන විට SriLankan ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති 2025 මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් වේ.
එහි සඳහන් වන ආකාරයට SriLankan ගුවන් සමාගම 2024 අප්‍රේල් 01 වන දා සිට 2025 මාර්තු 31 දක්වා වන මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 7.59ක පාඩුවක් ලබා තිබේ.
එමෙන් ම එම වාර්තාවට අනුව සමාගම 2023 අප්‍රේල් 01 සිට 2024 මාර්තු 31 දක්වා කාලය තුළ රු. බිලියන 3.87ක ලාභයක් වාර්තා කර ඇතැයි පෙනී යයි.
තව ද, SriLankan සමූහය ද 2025 මූල්‍ය වර්ෂයේ රු. බිලියන 2.7ක අලාභයක් වාර්තා කර තිබේ. ඒ 2024 මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 7.9ක ලාභයක් වාර්තා කර තිබූ පසුබිමක ය.
2024/25 මූල්‍ය වර්ෂය සඳහා SriLankan ගුවන් සමාගමේ මුළු සේවකයින් සංඛ්‍යාව 6,071ක් වූ අතර, එයින් 67%ක් පුරුෂයින් හා ඉතිරි 33% කාන්තාවෝ වෙති.
එහි සේවය කරන සේවකයන් සංඛ්‍යාව පහත පරිදි ය.
කළමනාකරුවන් – 291
ගුවන් නියමුවන් – 272
කැබින් කාර්යමණ්ඩලය – 940
ගුවන් යානා ඉංජිනේරු සහ තාක්ෂණ ශිල්පීන් – 615
පුහුණු, අභ්‍යාසලාභී සහ විධායක නිලධාරීන් – 3,953
සේවක පිරිවැය සඳහා 2024/25 මූල්‍ය වර්ෂය සඳහා රු. මිලියන 32,799ක් වැය කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව රු. මිලියන 538ක වැඩි වීමකි.
මීට අමතරව, කාර්ය මණ්ඩල වියදම් ලෙස දක්වා තිබෙන වියදම් සඳහා රු. මිලියන 9,469ක් වැය කර ඇති අතර එම වියදම් පසුගිය වසරට සාපේක්ෂව අඩු වී තිබේ.
2025 මාර්තු 31 වන දිනට SriLankan Airlines Limited සමාගමේ කොටස් හිමිකරීත්වයෙන් 99.77%ක් රජය සතු අතර, 0.09%ක් සේවක අර්ථ සාධක අරමුදල සතු ය.
වෙනත් පාර්ශවයන් සතුව ඇති කොටස්වල ප්‍රතිශතය 0.14%කි.
SriLankan සමූහයේ වියදම් පෙර වර්ෂයට සාපේක්ෂව අඩු වී ඇති බවක් නිරීක්ෂණය කළ හැකි ය.
2023/24 වසර සඳහා රු. මිලියන 339,591.65ක ආදායමක් උපයා ඇති අතර, 2024/25 වසරේ උපයා ඇත්තේ රු. මිලියන 303,093.89කි.
වසර දෙකේ ආදායමේ පරතරය රු. මිලියන 36,498කි.
2024 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගිය නමුත්, SriLankan ගුවන් සේවය සේවය සපයා ඇත්තේ, ගුවන් මගීන් මිලියන 3.5ක් සඳහා පමණක් වන බවට වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
එය පෙර වසරට සාපේක්ෂව 4%ක හැකිලීමක් ලෙස එහි දක්වා තිබේ.
ඒ අනුව 2024/25 මූල්‍ය වර්ෂය සඳහා මගී ආදායම රු. බිලියන 234.5ක්ව ඇති අතර එය පෙර මූල්‍ය වර්ෂයේ රු. බිලියන 276.2කි.
එය පෙර වසරට සාපේක්ෂව 15%ක සංකෝචනයකි.
සේවයේ යෙදවිය හැකි ගුවන් යානා සංඛ්‍යාව සීමිත වීම, නඩත්තු කටයුතුවලින් ගුවන් යානා මුදා හැරීමේ ප්‍රමාදයන් සහ වසර පුරා ගුවන් සමාගම අත්විඳින ලද ඉංජිනේරු කටයුතු ආශ්‍රිත බාධා හේතුවෙන් ගෝලීය අදායම් අඩු වීම සහ ධාරිතාව අඩු වීම මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වාර්තාවේ සඳහන් වේ.
ගුවන් සේවා මට්ටමින් වාර්ෂිකව ලබා ගත හැකි ආසන කිලෝමීටර් සංඛ්‍යාව (ASK) 5%කින් හැකිලී තිබේ.
2025 මාර්තු 31 දායින් අවසන් වූ වර්ෂය තුළ SriLankan සමූහය රු. මිලියන 2,735ක ශුද්ධ අලාභයක් ලබා ඇති බව 2025 අගෝස්තු 12 වන දිනැති ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විගණකාධිපති වාර්තාවේ දැක්වේ.
විගණකාධිපති වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ, සමාගමේ හා සමූහයේ ජංගම වගකීම් ප්‍රමාණය ජංගම වත්කම් ප්‍රමාණයට වඩා වැඩි බව ය.
SriLankan ගුවන් සමාගම රු. මිලියන 7,594ක අලාභයක් ලබා ඇති බව ද විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ.
ඒ අනුව පෙන්වා දී ඇති කරුණු අනුව, “සමූහයට/ සමාගමට අඛණ්ඩ පැවැත්මක් පවත්වාගැනීමට ඇති හැකියාව පිළිබඳව සැලකියයුතු සැකයක් ඇති කළ හැකි අවිනිශ්චිතතාවක් පවතින බව,” වාර්තාවේ සඳහන් වේ.
- BBC
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..