අමෙරිකා එක්සත් ජනපදය පනවන සම්බාධක වලට එරෙහිව කියුබාව ගෙන එන යෝජනාවට ඡන්දයට නොදෙන්නැයි එක්සත් ජනපදය සාමාජික රටවලට එල්ල කරන පීඩනය කියුබාව හෙළා දකී
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවට සාමාජික රටවල් තම ඡන්දය දීමට පෙර එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද බලපෑම් කියුබානු විදේශ කටයුතු අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගස් ඊයේ(22) හෙළා දුටුවේය.
“එක්සත් ජනපද රජය විශේෂයෙන් ලතින් ඇමරිකාවේ සහ යුරෝපයේ රටවල් කිහිපයකට කළ බිය ගැන්වීමේ සහ රැවටිලිකාර බලපෑම් පිළිබඳ විශ්වාසදායක තොරතුරු අප සතුව තිබෙනවා.” ඔහු කියුබාවේ හවානා නුවර පැවති මාධ්‍ය හමුවකදී ඊයේ(22) අනාවරණය කළේය.
මෙම රටවල් අමෙරිකා එක්සත් ජනපදය කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක වලට එරෙහිව පවත්වා ගෙන ගිය සාම්ප්‍රදායික හා ඓතිහාසික ස්ථාවරය වෙනස් කිරීමට වොෂින්ටනය බලපෑම් කරන බව කියුබානු විදේශ අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.
කියුබාවේ ප්‍රතිරූපය විකෘති කිරීමට, අමෙරිකා එක්සත් ජනපදය කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් සාමාජික රටවල ස්ථාවරය වෙනස් කිරීමට අවශ්‍ය තත්වයන් නිර්මාණය කිරීමට මෙන්ම වැරදි තොරතුරු ලබාදීමට, ව්‍යාකූලත්වය ඇති කිරීම සහ බලාපොරොත්තු රහිත වාතාවරණයක් ඇති කිරීමට එක්සත් ජනපද රජය මෙලෙස දැඩි පීඩනයක් එල්ලා කිරීම මගින් සිදු කරන බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ හා සමානව, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර අනාරක්ෂිත බවක් සහ බියක් ඇති කිරීමට ඔවුන් අදහස් කරන බව ඔහු තවදුරටත් පැවසීය.
අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාවන් "අපහාසාත්මක, අගෞරවනීය, රැවටිලිකාර සහ වැරදි තොරතුරු ව්‍යාපාරයක්" ලෙස රොඩ්‍රිගස් අවධාරණය කළේය.
කියුබානු රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ ඉහළම නියෝජිතයා ලෙස තමා සමුළුවේදී එක්සත් ජනපදය විසින් ප්‍රවර්ධනය කරන ලද අපකීර්තිමත් ව්‍යාපාරය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කළ බවද ඔහු තහවුරු කළේය.
2024 දී, ජාත්‍යන්තර ප්‍රජාව එක්සත් ජනපද රජය විසින් කියුබාවට පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය සම්බාධක අවසන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ යෝජනාවට ඡන්ද 187 ක් ලබා ගැනීමට හැකියාව ලැබුණු අතර , යෝජනාවට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පමණක් ඡන්දය පාවිච්චි කරනු ලැබීය. මෝල්දෝවා ජනරජය ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියේය.
ඔක්තෝබර් 28 සහ 29 යන දිනවල, තිස් තුන්වන වරටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ විවාද කර දශක හයකට වැඩි කාලයක් කියුබානු රජය මත පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය වටලෑම පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට කියුබානු රජය බලාපොරොත්තු වන බව රොඩ්‍රිගස් මහතා පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..