අමෙරිකා එක්සත් ජනපදය පනවන සම්බාධක වලට එරෙහිව කියුබාව ගෙන එන යෝජනාවට ඡන්දයට නොදෙන්නැයි එක්සත් ජනපදය සාමාජික රටවලට එල්ල කරන පීඩනය කියුබාව හෙළා දකී
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවට සාමාජික රටවල් තම ඡන්දය දීමට පෙර එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද බලපෑම් කියුබානු විදේශ කටයුතු අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගස් ඊයේ(22) හෙළා දුටුවේය.
“එක්සත් ජනපද රජය විශේෂයෙන් ලතින් ඇමරිකාවේ සහ යුරෝපයේ රටවල් කිහිපයකට කළ බිය ගැන්වීමේ සහ රැවටිලිකාර බලපෑම් පිළිබඳ විශ්වාසදායක තොරතුරු අප සතුව තිබෙනවා.” ඔහු කියුබාවේ හවානා නුවර පැවති මාධ්‍ය හමුවකදී ඊයේ(22) අනාවරණය කළේය.
මෙම රටවල් අමෙරිකා එක්සත් ජනපදය කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක වලට එරෙහිව පවත්වා ගෙන ගිය සාම්ප්‍රදායික හා ඓතිහාසික ස්ථාවරය වෙනස් කිරීමට වොෂින්ටනය බලපෑම් කරන බව කියුබානු විදේශ අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.
කියුබාවේ ප්‍රතිරූපය විකෘති කිරීමට, අමෙරිකා එක්සත් ජනපදය කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් සාමාජික රටවල ස්ථාවරය වෙනස් කිරීමට අවශ්‍ය තත්වයන් නිර්මාණය කිරීමට මෙන්ම වැරදි තොරතුරු ලබාදීමට, ව්‍යාකූලත්වය ඇති කිරීම සහ බලාපොරොත්තු රහිත වාතාවරණයක් ඇති කිරීමට එක්සත් ජනපද රජය මෙලෙස දැඩි පීඩනයක් එල්ලා කිරීම මගින් සිදු කරන බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ හා සමානව, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර අනාරක්ෂිත බවක් සහ බියක් ඇති කිරීමට ඔවුන් අදහස් කරන බව ඔහු තවදුරටත් පැවසීය.
අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාවන් "අපහාසාත්මක, අගෞරවනීය, රැවටිලිකාර සහ වැරදි තොරතුරු ව්‍යාපාරයක්" ලෙස රොඩ්‍රිගස් අවධාරණය කළේය.
කියුබානු රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ ඉහළම නියෝජිතයා ලෙස තමා සමුළුවේදී එක්සත් ජනපදය විසින් ප්‍රවර්ධනය කරන ලද අපකීර්තිමත් ව්‍යාපාරය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කළ බවද ඔහු තහවුරු කළේය.
2024 දී, ජාත්‍යන්තර ප්‍රජාව එක්සත් ජනපද රජය විසින් කියුබාවට පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය සම්බාධක අවසන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ යෝජනාවට ඡන්ද 187 ක් ලබා ගැනීමට හැකියාව ලැබුණු අතර , යෝජනාවට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පමණක් ඡන්දය පාවිච්චි කරනු ලැබීය. මෝල්දෝවා ජනරජය ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියේය.
ඔක්තෝබර් 28 සහ 29 යන දිනවල, තිස් තුන්වන වරටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ විවාද කර දශක හයකට වැඩි කාලයක් කියුබානු රජය මත පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය වටලෑම පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට කියුබානු රජය බලාපොරොත්තු වන බව රොඩ්‍රිගස් මහතා පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්