IMF ණය ගත් ලැයිස්තුවේ 86 න් 13 වන තැන ශ්‍රී ලංකාවට..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වැඩිම ණය ලබා ගත් රටවල් අතර ශ්‍රී ලංකාව 13 වන ස්ථානයට පත් වී තිබේ.
ශ්‍රී ලංකාවේ ගත් ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.3ක් බවයි වාර්තා වන්නේ.
මේ වන විට රටවල් 86ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) සමස්ත වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 162ක ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති බව සඳහන්.
අවස්ථා 15කට වඩා වැඩි ගණනකදී මෙම අරමුදලේ සහය ලබා ගත් ශ්‍රී ලංකාව, දකුණු ආසියානු රටවල් අතර බංග්ලාදේශය සහ පාකිස්ථානයට පසුව මෙම ලැයිස්තුවේ රැඳී තිබේ.
අමෙරිකානු ඩොලර් බිලියන 57ක පමණ හිඟ ණයක් සමඟින් ආර්ජන්ටිනාව තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශාලතම ණය ගැනුම්කරු ලෙස ප්‍රමුඛ ස්ථානයේ සිටී.
ඊට පසුව අමෙරිකානු ඩොලර් බිලියන 14ක් සමඟින් යුක්‍රේනය සහ අමෙරිකානු ඩොලර් බිලියන 9ක් සමඟින් ඊජිප්තුව මෙම ලයිස්තුවේ රැදී සිටී.
ආර්ජන්ටිනාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා උපකාර පිණිස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඔවුන්ගේ 23 වන වැඩසටහන අප්‍රේල් මාසයේදී අනුමත කළ අතර, ඒ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 20ක ඇප මුදලක් ඇතුළත් වූ බව සඳහන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩිම ණය ලබාගත් රටවල් අට අතර පාකිස්ථානය - අමෙරිකානු ඩොලර් බිලියන 8.96ක්, ඉක්වදෝරය - අමෙරිකානු ඩොලර් බිලියන 8.83ක්, අයිවරි කෝස්ට් - අමෙරිකානු ඩොලර් බිලියන 4.22ක්, කෙන්යාව - අමෙරිකානු ඩොලර් බිලියන 4.09ක්, බංග්ලාදේශය - අමෙරිකානු ඩොලර් බිලියන 3.97ක් ණය ලබාගෙන තිබේ.
දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) කොටසක් ලෙස මනින විට, වැඩිම ණය ඇති රටවල් වන්නේ සුරිනාම් - 13%, මධ්‍යම අප්‍රිකානු ජනරජය - 9.4%, ආර්ජන්ටිනාව - 8.3%, බාර්බඩෝස් - 7.4% ක් සහ ගැම්බියාව - 6.95% ක් ලෙස සඳහන් වේ.
ශ්‍රී ලංකාවට අදාළව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.32%ක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කළද, ඒවා බොහෝ විට දැඩි ප්‍රතිපත්තිමය කොන්දේසි සමඟ පැමිණෙන අතර, එමඟින් ණය ගන්නා රටවල සමාජ හා ආර්ථික අභියෝග තීව්‍ර කළ හැකි දැඩි ආර්ථික පියවරයන්ට මග පෑදිය හැකි බවට සඳහන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ඉතිහාසයේ වැඩිම සමස්ත හිඟ ණය ප්‍රමාණය දැනට දරන බවද වාර්තා වනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..