නි. ඇමති මුනීර් මුලව්ෆර්, තම සංවිධානය ගැන රටට හෙළිකළ යුතුයි..- ඥාණසාර හිමි එළියට දැමූ නි. ඇමති මුනීර්ගේ වීඩියෝව..
අලුතින් පත් වූ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලව්ෆර් මහතා තම සංවිධානය පිළිබඳව රටට පැහැදිලි කිරීමක් කරන ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ඉල්ලා තිබේ.
මෙය, නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් රට තුළ ඇති වී තිබෙන සැකය දුරු කිරීමේ අරමුණින් කරන ලද ඉල්ලීමක් බව උන්වහන්සේ සඳහන් කළහ.
මෙම ඉල්ලීම සිදු කරමින් ඥාණසාර හිමියන් පෙන්වා දුන්නේ, අතීතයේදී මුස්ලිම් ප්‍රජාව පීඩාවට පත් කළ සංවිධාන හතරක් පිළිබඳව තමන් දිගින් දිගටම කරුණු අනාවරණය කළ බවයි. 2014 වසරේදී පවා එවැනි ම්ලේච්ඡ ප්‍රහාරයක් රට තුළ ස්ථිර වශයෙන් සිදුවන බවටත්, ඒ පිටුපස සිටින පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳවත් තමන් විසින් අනාවරණය කළ බව උන්වහන්සේ සිහිපත් කළහ.
2015 දී යහපාලන ආණ්ඩුව බලයට පැමිණෙන විට, තමන් පෙන්වා දී තිබූ ගෝලීය සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම් සමඟ සම්බන්ධකම් තිබූ බොහෝ කණ්ඩායම් එම ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කටයුතු කළ බවත්, එහි අවසාන ප්‍රතිඵලය වූයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය බවත් උන්වහන්සේ කියා සිටියහ. තවද, ජාතික ජනබලවේග ආණ්ඩුව බිහිවීමට පෙර, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් දිගින් දිගටම පාස්කු ප්‍රහාරයට පෙර කියා සිටියේ, මෙරට ඉස්ලාමීය අන්තවාදයක් නොමැති බවත්, මේවා බංකොලොත් දේශපාලන වැඩපිළිවෙල වසාගැනීමට කරන ජාතිවාදයක් හෝ ආගම්වාදයක් අවුස්සන වැඩක් බවත් ය. නමුත් බොදු බල සේනාව කතා කළේ සත්‍යය බව උන්වහන්සේ අවධාරණය කළහ.
නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලව්ෆර් මහතා පිළිබඳව පෞද්ගලික අමනාපයක් නොමැති බව පැවසූ ඥාණසාර හිමියෝ, එහෙත් පූර්ව අත්දැකීම් හේතුවෙන්, නියෝජ්‍ය අමාත්‍යවරයා අයිති වන සංවිධානය, නියෝජනය කරන ඉස්ලාමීය ආගමික නිකාය සහ ඔහුගේ මතවාදය කුමක්ද යන්න පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටියහ.
උන්වහන්සේ ඉස්ලාම් සමාජය තුළ පවතින ප්‍රධාන සංවිධාන හතරක් පිළිබඳව මෙලෙස පැහැදිලි කළහ.
- තව්හීද් ජමාත් (Thawheed Jamath): ඒකදේවවාදය සනථ කළ සමූහය.
- තබ්ලීක් ජමාත් (Thabligh Jamath): සාමූහික ප්‍රචාරය. (මෙය සෞදි අරාබියේ තහනම් වුවත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ).
- ජමාතේ ඉස්ලාම් (Jamaat-e-Islami): රාජ්‍යය ඉස්ලාම්කරණය කිරීමේ සමූහය.
- ඉක්වාන් මුස්ලිම් (Ikhwan al-Muslimeen): යූසුෆ් අල් කරදාවාගේ මතවාදය සමඟ බැඳුණු, දෙවියන් උදෙසා අනිවාර්යයෙන් ප්‍රාණායනය කළ යුතු යැයි මතවාදය දරන කණ්ඩායම.
බුදු පිළිම කුඩු කරමින්, මුස්ලිම් සමාජයටත් අපකීර්තියක් එකතු කරමින්, ගෝලීය ත්‍රස්ත කල්ලි හා එක්ව ඉස්ලාම් නාමයෙන් උන්මත්තක අන්තවාදී ක්‍රියාකාරකම් නිර්මාණය කළේ, වර්ධනය කළේ, සහ ගොඩනැගුවේ මෙම සංවිධාන හතරෙන් සැදුම් ලත් කණ්ඩායම් 29ක් බව ඥාණසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මතවාදය නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි වුවත්, අතීතය පිරික්සන විට ඒ පිළිබඳ සාක්ෂි පෙන්විය හැකි බව ඥාණසාර හිමියෝ සඳහන් කළහ.
මුනීර් මුලව්ෆර් මහතා ජමාත්තුලා අනුගාමිකයන් සිටින ස්ථානවලට ගොස් වාර ගණනක් දේශනා පවත්වා ඇත.
ඔහු උස්තාද් මන්සූර් මහතාගේ CIS සංවිධානයේ වැඩ කර ඇති බවත්, නැතහොත් දේශන පවත්වා ඇති බවත්, ඒවාට සහභාගී වී ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.
CIS යනු ජමාතේ ඉස්ලාම් සංවිධානය සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තහනම් කළ යුතු යැයි නම් ලද වාමි සංවිධානය සමඟ කටයුතු කළ ආයතනයකි.
2013 වසරේදී, ලෝකයට මරාගෙන මැරෙන දර්ශනය හඳුන්වා දුන් යූසුෆ් අල් කරදාවා මුණගැසීමට ලංකාවේ දූත පිරිසක් ගිය බවත්, ඉන්පසු මෙහි ශූරා සභාවක් පිහිටුවූ බවත් උන්වහන්සේ හෙළි කළහ.
වර්තමාන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ආයතනත් ශූරා සභාව තුළත් වැඩ කර ඇති බවට යූටියූබ්වල සාක්ෂි පවතින බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..