News Category
From Date
To Date
Maximum Number of Result

LGBTQIA න්‍යාය පත්‍රය දෙමාපිය අයිතිවාසිකම සොරාගන්න ආකාරය: ශ්‍රී ලාංකික දෙමාපියනි කරුණාකර කියවන්න!

Oct 18, 2025 at 01:56 PM
|

ලොව පුරා අත් විඳි භයානක සමාජ අත්හදා බැලීමක් මේ වන විට ශ්‍රී ලාංකික දරුවන් මත කඩා පහත් කර ඇත. LGBTQIA යනු ජීව විද්‍යාත්මක යථාර්ථය ප්‍රතික්ෂේප කරන, දරුවන් දෙමාපියන්ගේ භාරකාරත්වයෙන් ඉවත් කරන සහ විදේශ අරමුදල් සහිත රාජ්‍ය නොවන සංවිධාන සහ ඖෂධ සමාගම් වල අවශ්‍යතා සඳහා දරුවන් භාර දෙන දෘෂ්ටිවාදයකි. LGBTQIA ව්‍යාපාරය තවදුරටත් ඉවසීම ඉල්ලා නොසිටියි. විශේෂයෙන් දරුවන් කෙරෙහි බල පැවැත්විය හැකි නීතිමය බලය ඉල්ලා සිටී. ඒ අනුව මෙම ව්‍යාපාරයේ සැබෑ ඉලක්කය “සමානාත්මතාවය” නොව දෙමාපියන්ගේ අධිකාරිත්වය තමන් මතට ගැනීම බව පැහැදිලිය. ඔවුන් භාවිත කරන උපායමාර්ගය ඉතා සරලය. දරුවන් ව්‍යාකූල කිරීම, දරුවා අයත්වන පවුල තුළ  දරුවා හුදකලා කිරීම, දරුවන්ගේ ජීවිත අත්පත් කර ගැනීම සහ පසුව ඔවුන් පාලනය කිරීම එම උපක්‍රමය වන්නේය.

පියවර 1 - දරුවා ව්‍යාකූල කිරීම

LGBTQIA ක්‍රියාකාරීත්වයේ පළමු අරමුණ වන්නේ දරුවන්ගේ මනසෙහි ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ව්‍යාකූලත්වය රෝපණය කිරීමයි. මෙය සිදු කරනු ලබන්නේ තවමත් මානසිකව වර්ධනය වන දරුවන් මත අනන්‍යතා ප්‍රශ්න ආක්‍රමණශීලී ලෙස තල්ලු කිරීම මගිනි. මෙම අත්හදා බැලීම මුලින්ම දියත් කරන ලද්දේ බටහිර රටවල පාසල්වල බොහෝ විට දෙමාපියන්ගෙන් සැඟවූ විෂයමාලා වෙනස්කම් හරහාය.

තම ලිංගිකත්වය කිසි විටෙකත් ප්‍රශ්න නොකළ දරුවන්ට දැන් පහත දැක්වෙන වාක්‍ය ඛණ්ඩ හඳුන්වා දෙනු ලැබේ:

“සමහර විට ඔබ වැරදි ශරීරයක ඉපදී ඇති”,“උපතේදී ලිංගිකත්වය පවරනු ලැබේ.”, “ඔබේ ලිංගභේදය තීරණය කළ හැක්කේ ඔබට පමණයි.”, “ඔබට වෙනස් බවක් දැනෙනවා නම්, සමහරවිට ඔබ සංක්‍රාන්ති ලිංගිකයෙක් විය හැකියි.”

ඒ අනුව මෙම පියවරේදී ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ව්‍යාකූලත්වයක් හිතාමතාම නිර්මාණය කිරීමට කටයුතු කර ඇත.

“ලිංගිකත්වය” ජීව විද්‍යාව මත පදනම් වූ යන අර්ථය “ලිංගිකත්වය” හැඟීම් මත පදනම් වූ අර්ථයෙන් ප්‍රතිස්ථාපනය කරන ලෙස පාසල් විෂය මාලාවට ඇතුලත් කරනු ලැබේ.

ළමයින් තමන්ගේම ජීව විද්‍යාත්මක අනන්‍යතාවය සැක කිරීමට පටන් ගත් පසු, ඔවුන් චිත්තවේගීය වශයෙන් අවදානමට ලක්වන අතර ඔවුනට බලපෑම් කිරීමට පහසු වේ.

LGBTQIA හිමිකම් පෑමට එරෙහිව  සත්‍යය

මානව ජීව විද්‍යාව පැහැදිලිව පවසන්නේ ලිංගිකත්වය ජීව විද්‍යාත්මක ප්‍රපංචයක් මිස, සමාජ අදහසක් මත ගොඩ නැගෙන්නක් නොවන බවයි. මිනිස් සිරුරේ සෑම සෛලයකටම ලිංගිකත්වයක් තිබේ.

කාන්තාවන් නම් XX වර්ණදේහ වලින් සමන්විත වන්නේය. පුරුෂයන් නම් X‍Y වර්ණදේහ වලින් සමන්විත වේ. ඒ අනුව කිසිදු ශල්‍යකර්මයකට හෝ හෝමෝනයකට වර්ණදේහ වෙනස් කළ නොහැක.

ලිංගික “සංක්‍රාන්තිය” ට පසුව පවා, පිරිමියෙකු ජීව විද්‍යාත්මකව පිරිමියෙකු ලෙසත් කාන්තාවක් ජීව විද්‍යාත්මකව ගැහැණියෙකු ලෙසත් පවතී.

වෛද්‍ය වාර්තා තුළ මෙන්ම බන්ධනාගාරගත වීමේදී සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේදී පුද්ගලයෙකු ජීව විද්‍යාත්මක යථාර්ථයට මුහුණ දෙන විට සංක්‍රාන්ති දෘෂ්ටිවාදය බිඳ වැටීමට ලක්වන්නේ මේ නිසාය.


       LGBTQIA හිමිකම් කීමවිද්‍යාත්මක සත්‍ය 
ලිංගභේදය වර්ණාවලියකිජීව විද්‍යාව ද්විමයයි  එනම් පිරිමි සහ ගැහැණු
ලිංගික අනන්‍යතාවය විද්‍යාත්මකයි LGBTQIA මතය  පදනම් වී ඇත්තේ හැඟීම් මත මිස ජාන විද්‍යාව මත නොවේ
මිනිසුන් සමලිංගික හෝ සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස උපත ලබයි

විද්‍යාත්මක සාක්ෂි නැත - “සමලිංගික ජානයක්” නැත, “සංක්‍රාන්ති ලිංගික ජානයක්” නැත.



පියවර 2 - දරුවා දෙමාපියන්ගෙන් හුදකලා කිරීම

ව්‍යාකූලත්වය සාර්ථක වූ පසු, ක්‍රියාකාරීන් දෙවන පියවරට යොමු වේ. එම පියවරේදී දෙමාපියන්ගේ මඟ පෙන්වීමෙන් දරුවන් වෙන් කිරීමට අවශ්‍ය අඩිතාලම තබනු ඇත.

මෙය භාවාත්මකව, මානසිකව සහ නීත්‍යානුකූලව සිදු කරනු ඇත. LGBTQIA ක්‍රියාකාරීන් දරුවන්ට මෙසේ කියනු ලබයි:

"ඔබේ දෙමාපියන්ට අවබෝධයක් නැහැ.","ඔබේ දෙමාපියන් අප ඉදිරිපත් කරන මතයට එකඟ නොවන්නේ නම් ඔබ අනාරක්ෂිතබවට පත් වෙනවා.","මෙය ඔබේ ජීවිතය මිස  ඔවුන්ගේ ජීවිතය නොවේ.", "තෝරාගත් පවුලක් සැබෑ පවුලට වඩා ඔබට ආදරය කරනවා."

මෙය මනෝවිද්‍යාත්මක හැඩගැන්වීමක් වන අතර සෑම කල්ට් කණ්ඩායමක්ම භාවිතා කරන උපක්‍රමයකි.

ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදය පිළිගන්නේ නැත්නම් දරුවාගේ පවුල සතුරා බව දරුවාට දරුවාට ඒත්තු ගන්වනු ලැබේ. LGBTQIA අදහස් වලට විරුද්ධ වුවහොත් දෙමාපියන් "විෂ සහිත", "අපයෝජන" හෝ "පාලනය කරන්නන්" ලෙස ලේබල් කරනු ලැබේ.

මෙය "වන්දනාවාදයක්" වන අතර දරුවන් අනාරක්ෂිත බවට පත්වේ.

මෙම උපක්‍රමය දැන් ලොව පුරා පාසල් ප්‍රතිපත්තිවලට තල්ලු කරනු ලැබ තිබේ. මේ සඳහා ඇතුළත් කිරීම සඳහා බලපෑම් කරන පිරිස් ක්‍රියාත්මක වන බව්ත් පාසල් විෂයමාලාවලට වෙනස්කම් කෙටුම්පත් කිරීමට එකඟ වන බවත් දෙමව්පියන් තරයේ මතක තබා ගත යුතුය.

ගුරුවරුන්ට දෙමාපියන්ගෙන් දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව සිදුවන වෙනස්කම් සඟවා තබා ගැනීම හෝ ඔවුන්ගේ රැකියා අහිමි වීම තෝරා ගැනීමට පුහුණු කර ඇත.

සමහර බටහිර රටවල් පාසල් ශිෂ්‍යයෙකුට පහත දේ කිරීමට ඉඩ දෙනු ලබයි.

ඔවුන්ගේ නම වෙනස් කරගැනීමට, නව සර්වනාම තෝරා ගැනීමට, විරුද්ධ ලිංගිකයන්ගේ නාන කාමර භාවිතා කිරීමට ඉඩ දීම, අන් අය ඔවුන්ගේ ලිංගභේදය තහවුරු කරන ලෙස ඉල්ලා සිටීම ඒ අතර වේ.

මේ  සියල්ල දෙමාපියන්ගේ කැමැත්තෙන් තොරව සිදුවන්නේ පාසල් පරිපාලනය සහ අධ්‍යාපනය උඩු යටිකුරු කරමිනි.

මෙම තත්වය මේ වන විට විදේශ අරමුදල් සහිත අධ්‍යාපන වැඩසටහන් මගින් මෙන්ම එම ආයතනවල බලපෑමට ලක් වූ දේශපාලනඥයන් හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වෙමින් පවතී.

පියවර 3 - දෙමාපියන් වෙනුවට ක්‍රියාකාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ආදේශ කරනු ලබයි

දරුවා චිත්තවේගීයව වෙන් වූ පසු, දරුවාගේ ජීවිතයේ බලධාරීන් ලෙස ක්‍රියාකාරීන් පෙනී සිටීමට පටන් ගනියි. ඔවුන් “ආරක්ෂකයින්” ලෙස පෙනී සිටිමින් ඔවුන් මත යැපීම ගොඩනඟයි.

රාජ්‍ය නොවන සංවිධාන දෙමාපියන්ගේ පිටුපසින් සිට “රහස්‍ය උපදේශන” ලබා දෙයි.

රූපවාහිනියේ පවා පෙනී සිටින LGBTQIA “උපදේශකයින්ගේ” ඉහළ යාම මේ අනුව අවබෝධ කර ගත හැක. 

TikTok/Discord ආදී සමාජ මාධ්‍ය කණ්ඩායම් LGBTQIA අනන්‍යතාවය සැඟවීමට දරුවන්ට පුහුණු කරනු ලබයි.

ක්‍රියාකාරීන් රහසිගත හැසිරීම් දිරිමත් කරන “සහායක කණ්ඩායම්” නිර්මාණය කරනු ලබයි. ළමයින් සහ යෞවනයන් තවදුරටත් මොළ සේදීම සඳහා WhatsApp කණ්ඩායම්ද ගොඩ නගා ඇත.

මෙය දෙමාපියන්ගේ අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය කරනු ලබයි. දෙමාපියන් තම දරුවන්ගේ නීතිමය සහ සදාචාරාත්මක භාරකරුවන් ව්නවා මිස රාජ්‍ය නොවන සංවිධාන වලට LGBTQIA ක්‍රියාකාරීන්ට , විදේශීය තානාපති කාර්යාලවලට එවැනි වගකීමක් දැරීමට කිසිදු අයිතියක් නැත. 

ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදය ළමා අපයෝජනයට දොරටු විවර කරන බව අවවාද කරමු.

යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පොලිස් වාර්තා පවසන්නේ සමහර LGBTQIA  සහායක කණ්ඩායම් සහ මාර්ගගත සංක්‍රාන්ති ලිංගික කණ්ඩායම් වල "චැට්" සමූහ ළමයින් ඉලක්ක කර ගැනීමට, ලිංගික කතා ප්‍රවර්ධනය කිරීමට සහ බාලවයස්කරුවන් සමඟ රහසිගත රැස්වීම් සංවිධානය කිරීමට භාවිතා කර ඇති බවයි.

එක්සත් රාජධානියේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ අත්අඩංගුවට ගත් LGBTQIA ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු බාලවයස්කරුවන් ලිංගිකව සූරාකෑම සඳහා භාවිතා කරන "ආරක්ෂිත අවකාශයන්" ක්‍රියාත්මක කරන බව  අණාවරණය කරගෙන තිබේ.

මේ නිසා දෙමාපියන්, LGBTQIA  ක්‍රියාකාරීන් නොව, දරුවන්ගේ නීත්‍යානුකූල භාරකරුවන් ලෙස දැඩිව පෙනී සිටිය යුතුය.

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන පරිදි දරුවන්ට වයස අවුරුදු 16 දී ලිංගිකව හැසිරීමට අවසර දිය යුතු බවත් පාසල් තුළ කොන්ඩම් ලබා දීමට මුලපිරීමත් සැලකිල්ලට ගත යුතුව තිබේ.

පියවර 4 - වෛද්‍ය පාලනය සහ වන්ධ්‍යාකරණය

LGBTQIA ක්‍රියාකාරීන් වෙත දරුවාගේ විශ්වාසය මාරු කළ පසු, ඊළඟ පියවර දරුවා ඖෂධ මත යැපීමේ තත්වයට පත් කිරීමයි.

දරුවන්ට ඔවුන්ගේ චිත්තවේගීය පීඩාව විසඳිය හැක්කේ පහත සඳහන් ආකාරයෙන් පමණක් බව ඔවුන් ප්‍රචාරය කරනු ලබයි. එනම්,

වැඩිවිය පැමිණීම අවහිර කිරීම, ලිංගිකත්වය හුවමාරුවන හෝමෝන භාවිත කිරීම, පියයුරු හෝ ලිංගික අවයව ශල්‍යකර්මයෙන් ඉවත් කිරීම ආදිය ඒ අතර වේ. මෙම ක්‍රියා ආපසු හැරවිය නොහැකි හානිකර තත්වයක් ඇති කරනු ලබයි. වැඩිවිය පැමිණීම අවහිර කරන ඖෂධ දරුවාගේ ලිංගික වර්ධනය නතර කරනු ලබයි. එලෙසම ලිංගික හුවමාරුව සිදුකරන හෝමෝන වඳභාවයට සහ ශරීරයේ අවයව හානියට ලක්වීමට හේතු වේ. ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරන සැත්කම් ලිංගික ක්‍රියාකාරිත්වය ස්ථිරවම විනාශ කරනු ලබන අතර වයස අවුරුදු 18 ට අඩු කිසිදු දරුවෙකු මෙම ප්‍රතිවිපාක තේරුම් ගැනීමට තරම් පරිණතභාවයට පත්වී නැත.

එහෙත් භයානකම කාරණය මෙම න්‍යාය පත්‍රය දැන් “ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන සත්කාර” ලෙස වෙස්වලා ගෙන ඇත.

නිර්දය සත්‍ය නම් ඔබ ඔබව විනාශ කරගත් පසු එය ආපසු හැරවිය නොහැකි තත්වයට පත්වීමයි. පියයුරු ඉවත් කරගන්නා ගැහැණු ළමයෙකුට කිසි විටෙකත් මව්කිරි දිය නොහැකි තත්වයට පත්වේ.

වෘෂණ කෝෂ ඉවත් කරන පිරිමි ළමයින්ට ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ස්ථිරවම අහිමි වේ.

නව-ලිංගික සැත්කම් ස්වභාවිකව ක්‍රියා නොකරන සැත්කමකි. බොහෝ සංක්‍රාන්ති ලිංගිකයන් පසුතැවිලිවන  අවස්ථාව වයස අවුරුදු 25 න් පසුව ආරම්භ වන අතර එය  ආපසු හැරවීමට ප්‍රමාද වැඩි තත්වයකි. අවුරුදු 15 ක දරුවෙකු මෙම විපර්යාසයට භාජනය වීමෙන් පසු ඔහුගේ/ඇයගේ ජීවිතයේ ඉතිරි කාලය සඳහා ලිංගිකව හැසිරීමට නොහැකි වීම ගැන අවධානය යොමු කිරීමෙන් මෙහි ඇති බරපතල තත්වය අවබෝධ කර ගත හැක .

බටහිර ජාතින්ගේ සැබෑ අත්දැකීම් -LGBTQIA න්‍යාය පත්‍රය විශ්වාස කළ සහ ඒ පිළිබඳව අනුකම්පා කළ දෙමාපියන්ට සිදු වූයේ කුමක්ද?

LGBTQIA ක්‍රියාධරයන් හඳුන්වා දෙන්නේ න්‍යායන් නොවේ. "ලිංගික අනන්‍යතාවය" නාමයෙන් තම දරුවන් පැහැර ගැනීමට ලක්වූ සැබෑ දෙමාපියන්.

සිද්ධි අධ්‍යනය  1 - මව අබිගේල් මාටිනස් (ඇමරිකා එක්සත් ජනපදය)

පාසල අවසරයකින් තොරව රහසිගතව පාසල් දැරිවියකට ලිංගික සංක්‍රාන්තියට උදව් කිරීමෙන් පසු කැලිෆෝනියාවේ මවකට තම දියණියගේ භාරකාරත්වය අහිමි විය. ඖෂධ ලබාදීම නතර කරන ලෙස මවගේ ආයාචනා නොතකා, රාජ්‍යය දැරිය LGBTQIA  නවාතැනක තබා ඇයට හෝමෝන ලබා දෙනු ලැබීය. දැරිය පසුව සියදිවි නසා ගනු ලැබුවාය.  "ඔවුන් මගේ දුවව ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදයේ නාමයෙන් රැගෙන ගියා" යනුවෙන් මව පැවසුවාය.

සිද්ධි අධ්‍යනය 2- ක්ලෝයි කෝල් (ඇමරිකා එක්සත් ජනපදය)

වයස අවුරුදු 15 දී ක්ලෝයිට වැඩිවිය පැමිණීම නැවැත්වීමට ටෙස්ටොස්ටෙරෝන් ලබා දුන් අතර ඇගේ පියයුරු ඉවත් කරන ලදී. පසු කාලයකදී ඇය ලිංගික සංක්‍රාන්තියට පත් කිරීම සම්බන්ධයෙන් කනගාටු වූ අතර ඇගේ වෛද්‍යවරුන්ට නඩු පවරමින් මෙසේ පැවසුවාය:

“ඔවුන් මාව අවුරුදු 15 දී වඳභාවයට පත් කර විකෘති කළා. මට කවදාවත් මව්කිරි දීමට හැකියාව ලැබෙන්නේ හෝ නැවත සම්පූර්ණ ස්ත්‍රියක වෙන්නේ නැහැ.”

සිද්ධි අධ්‍යනය 3- ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සායනය හෙවත් ටැවිස්ටොක් සායනය වසා දමන ලදී (එක්සත් රාජධානිය)

දෙමව්පියන්ගෙන් ලැබුණු පැමිණිලි 1,000+ කට පසු එක්සත් රාජධානියේ විශාලතම ළමා සහ ස්ත්‍රී පුරුෂ සායනය 2023 දී වසා දමන ලදී. වෛද්‍යවරු මානසික ඇගයීමකින් තොරව දරුවන් හෝමෝන වලට වේගයෙන් ලුහුබඳවා තිබුණි. සමාලෝචනයකින් හෙළි වූයේ සායනය බාල වයස්කරුවන්ට බරපතල වෛද්‍ය හානියක් සිදු කළ බවයි.


සිද්ධි අධ්‍යනය 4- තම 13 හැවිරිදි දියණියට ටෙස්ටොස්ටෙරෝන් ලබා ගැනීමට ඉඩ නොදීම නිසා කැනේඩියානු පියෙකු සිරගත කරන ලදී. අධිකරණය පියාට තම දියණියට "ඇය" ලෙස ඇමතීම තහනම් කළේය.

ඔහු කළ අපරාධය වූයේ තමාගේම දරුවා ආරක්ෂා කිරීමයි.

ශ්‍රී ලංකාවේ මේ සිදුවෙමින් පවතින්නේද මෙයමය

විදේශ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන දැනටමත් අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ප්‍රතිපත්ති සහ මාධ්‍ය බලපෑම හරහා ශ්‍රී ලංකාවේ මෙම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරමින් සිටියි. නමුත් මෙය අපේ රටේ නිතිය, අපේ  රටේ ව්‍යවස්ථාව පමණක් නොව අපේ රටේ සංස්කෘතිකය හා ආගම පවා නොසලකා හැරීමකි. මුදල් බොහෝ දෙනෙකු නිහඬ කර තිබේ.

වැඩිහිටියන්ට මෙම නිකායට සම්බන්ධ කරවීම පිණිස බලපෑම් කිරීමට මුදල්ද රටේ ධනවත්ම ඉහළම සමාගම් ද යොදාගෙන තිබේ.

අප මෙම ගෝලීය දෙබිඩි පිළිවෙත හෙළිදරව් කළ යුතුය.

අ )ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් ළමුන් තුළ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව හටගන්නා ව්‍යාකූලත්වය මානසික සෞඛ්‍ය තත්වයක් ලෙස වර්ගීකරණය කර තිබේ. 

ආ)UNICEF සංවිධානය “ළමයින් ආරක්ෂා කරන” බව ප්‍රකාශ කරන නමුත් අවුරුදු 6 ක් වයසැති දරුවන් ලිංගිකව විදහා දක්වන විෂය මාලාවට අරමුදල් සපයයි.

ඇ) UNFPA සංවිධානය මහජන සෞඛ්‍යයට සහාය දෙන බව පවසන නමුත් ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ මේ වන විට තහනම් කර ඇති වැඩිවිය පැමිණීම අවහිර කරන ව්‍යාපෘති ප්‍රවර්ධනය කරනු ලබයි.

එම සංවිධාන ශ්‍රී ලංකාවේ ඇතැම් හානිකර සෞඛ්‍ය ප්‍රතිපත්ති හෝ ප්‍රතිකාර ක්‍රම ප්‍රවර්ධනය කරන නමුත්, එම ප්‍රතිකාර මඟින් දරුවන්ට හානියක් සිදු වුවහොත්, එහි ප්‍රතිවිපාක සඳහා ඔවුන් කිසිදු නීතිමය හෝ වෛද්‍යමය වගකීමක් භාර නොගනී.


ශ්‍රී ලංකාවේ විදේශ බලපෑම් ජාලය


සංවිධානයභූමිකාව
Equal GroundLGBTQIA නීති  වල, පාසල් ක්‍රියාකාරීත්ව අත්පොත් වල වෙනස්කම්  කිරිම සඳහා බලපෑම් කිරීම
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA) “සෞඛ්‍ය අධ්‍යාපනය” යටතේ ලිංගික දෘෂ්ටිවාදය ප්‍රවර්ධනය කිරීම
UNICEF පාසල්වල “ලිංගභේදය ඇතුළත් කිරීම” සඳහා අරමුදල් සැපයීම
IOM/ Save The Children “ආරක්ෂාව” සහ “මානසික සෞඛ්‍යය” යටතේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදය
EU/USAID/කැනඩා අරමුදල සහ විදේශ තානාපතිවරුLGBTQIA ක්‍රියාකාරීන්ට සහ ප්‍රතිපත්තිමය පීඩනයට අරමුදල් සැපයීම
UNFPA පුළුල් ලිංගික අධ්‍යාපනය ( Comprehensive Sexuality Education CSE)  වෙත තල්ලු කිරීම

මෙම කණ්ඩායම් SOGIESC (ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතාවය, ප්‍රකාශනය  Sexual Orientation, Gender Identity, Expression) ප්‍රතිපත්ති පහත සඳහන් ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය කරයි.

පාසල් විෂය මාලාව, නීති සහ ළමා ප්‍රතිපත්තිය,ගුරු පුහුණුව,ළමා උපකාරක මාර්ගෝපදේශ,මාර්ගගත “සහාය සේවා” යන ක්ෂේත්‍ර ආවරණය කිරීමට ඔවුහු කටයුතු කරති. ඒ අනුව ඔවුහු තම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා බලපෑම් කළ හැකි සෑම ක්ෂේත්‍රයකටම රිංගා ගැනීමට උත්සාහ කරති.

ශ්‍රී ලංකාවේ දෙමාපියන්ගේ අයිතිවාසිකම් සොරකම් කරන ආකාරය

දෙමාපිය අනුමැතියකින් තොරව ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය පිළිබඳ සැඟවුණු පාසල් වැඩමුළු,පන්ති කාමරය තුළ දෙමාපියන්ගේ අධිකාරිය උල්ලංඝනය කරන ක්‍රියාකාරී ගුරුවරුන්, දෙමාපියන්ගෙන් අනන්‍යතාවය සඟවා ගන්නේ කෙසේදැයි දරුවන්ට පවසන උපදේශන ලබාගත හැකි ක්ෂණික දුරකථන අංක, බාල වයස්කරුවන් සඳහා ස්ත්‍රී පුරුෂ භාවය සංක්‍රාන්තිය සාමාන්‍යකරණය කරන මාධ්‍ය ප්‍රචාරණය ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මෙවැනි මාධ්‍ය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එලෙසම සංක්‍රාන්ති ලිංගික දෘෂ්ටිවාදය නීතිගත කිරීම සඳහා නීති කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් සිටී. එලෙසම ලිංගිකත්වය පිළිබඳ ප්‍රතිපත්තියට රිංගා ගැනීමට භාවිතා කරන “හිරිහැර විරෝධී” භාෂාව හඳුන්වා දීම සහ විදේශීය විෂයමාලා පාලනය පිළිගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට බලපෑම් කිරීම සිදු කරනු ලැබේ. මෙය අයිතිවාසිකම් සම්බන්ධ ව්‍යාපාරයක් නොවේ. එය ආක්‍රමණය පිළිබඳ උපාය මාර්ගයකි.

ඔවුන්ගේ සැබෑ වුවමනාව “අයිතිවාසිකම්” සම්බන්ධයෙන් නම්, එය වැඩිහිටියන් කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත. එහෙත් අද LGBTQIA ක්‍රියාකාරකම් වලින් 90% ක් ළමයින් ඉලක්ක කර තිබේ. 

ඔවුන් එසේ සිදු කරන්නේ ඇයි?. 

දරුවන් හසුරුවා ගැනීමට පහසු වීම, දෙමව්පියන්ගෙන් දරුවන් වෙන් කිරීම පවුලේ බලය බිඳ  දැමීමට හේතු වීම, දරුවන් ඔවුන්ගේ ආගමෙන් වෙන් කර දරුවන් නව නිකායකට ආකර්ෂණය කර ගැනීමට පහසු වීම මගින් පවුල් ව්‍යුහය විනාශ කර සංස්කෘතික සම්ප්‍රදාය විනාශ කර වීමට පහසු වීම මගින් අනන්‍යතාවයකින් තොරව හැදී වැඩුණු පරම්පරාවක් පාලනය කිරීමට පහසු වීම ඔවුන් මෙලෙස කටයුතු කිරීමට පෙළඹේ.

බටහිර රටවල් පවා දැන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රතිපත්ති ආපසු හැරවීමට පටන් ගෙන තිබේ. වරක් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදය ප්‍රවර්ධනය කළ රටවල් දැන් වෛද්‍යමය හානිය හේතුවෙන් ළමා සංක්‍රාන්ති ක්‍රමය ආපසු හැරවීමට පටන් ගෙන තිබේ:


රට   ගත් ක්‍රියාමාර්ග
ස්වීඩනය ළමුන් සඳහා වැඩිවිය පැමිණීමේ අවහිර කිරීම් නතර කළේය; ප්‍රතිකාර අනාරක්ෂිත බව පවසයි
ෆින්ලන්තයසාක්ෂි නොමැතිකම හේතුවෙන් තරුණ ලිංග සංක්‍රාන්තිය ආපසු හැරවීය
එක්සත් රාජධානිය වසා දැමූ ටැවිස්ටොක් සායනය - ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ප්‍රතිකාර “පර්යේෂණාත්මක”   මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී
නෝර්වේ නිල වෛද්‍ය සමාලෝචනය දැන් සංක්‍රාන්ති ලිංගික ප්‍රතිකාර “අඩු ගුණාත්මක භාවය සහ අවදානම් සහිත” ලෙස හඳුන්වයි
ෆ්ලොරිඩා (ඇමරිකා එක්සත් ජනපදය) ළමා ලිංගික වෙනස්කම් තහනම් කර ඇත - එය වෛද්‍ය අපයෝජනය ලෙස හඳුන්වයි
ඕස්ට්‍රේලියාව ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සායනවලට එරෙහිව දෙමාපියන් විසින් දැවැන්ත ලෙස නඩු පවරනු ලැබ තිබේ

බටහිර රටවල් පසුබසින්නේ නම්, මෙම භයානක න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවට බලහත්කාරයෙන් ගෙන එන්නේ ඇයි?



LGBTQIA හිමිකම් පෑම යථාර්ථය 
“අපිට සහජීවනයෙන් සිටීමට අවශ්‍යයි” ඔවුන් පාසල් ප්‍රතිපත්තිය සහ නීතිය පාලනය කිරීමට ඉල්ලා සිටී
“මෙය නිදහස ගැනයි” ඔවුන් දෙමාපියන් නිහඬ කරයි, ආගම වාරණය කරයි, සම්ප්‍රදායට පහර දෙයි
“අපි දරුවන් ඉලක්ක නොකරමු” ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් 80% ක් පාසල් සහ තරුණ වැඩසටහන් වල ඇත
“වැඩිවිය පැමිණීම අවහිර කරන්නන් ආරක්ෂිතයි” දිගු කාලීන ආරක්ෂිත දත්ත නොමැත - ස්වීඩනය, ෆින්ලන්තය, එක්සත් රාජධානියේ තහනම් කර ඇත
“සංක්‍රාන්තිය සියදිවි නසාගැනීම් අඩු කරයි”


 අධ්‍යයන වලින් පෙනී යන්නේ සංක්‍රාන්තියෙන් පසු සියදිවි නසා ගැනීම් වැඩි වන බවයි.

දෙමාපියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදාචාරාත්මක පමණක් නොව නීත්‍යානුකූල ද වන්නේය!

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන වගන්තිය සහ 14(1)(i ) වගන්තිය යටතේ, ආගම, සංස්කෘතිය සහ හෘදය සාක්ෂියට අනුව තම දරුවන් ඇති දැඩි කිරීමට දෙමාපියන්ට අයිතියක් සහ යුතුකමක් ඇත.

දෙමාපියන්ගේ අධිකාරියට බාධා කරන ඕනෑම රාජ්‍ය නොවන සංවිධානයක් හෝ රජයේ ප්‍රතිපත්තියක් ව්‍යවස්ථාමය නිදහස උල්ලංඝනය කරන අතර එය ශ්‍රේෂ්ඨාධිකරණයේ නීත්‍යානුකූලව අභියෝගයට ලක් කළ හැකිය.

ශ්‍රී ලංකාවේ දැනටමත් දක්නට ලැබෙන ආක්‍රමණයක සලකුණු:

අ ) අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙමාපියන්ගේ කැමැත්ත ඉවත් කිරීමට නීතිඥ කණ්ඩායම් බලපෑම් කරනු ලබයි.

ආ )කැනඩාවේ C-16 ට සමාන “ලිංගික අනන්‍යතා පනත් කෙටුම්පත” කෙටුම්පත් කරන ක්‍රියාකාරීන් මේ  වන විටහ් තම වැඩ කටයුතු ආරම්භ කර තිබේ.

ඇ )SOGIESC ළමා ආරක්ෂණ අධිකාරියේ ප්‍රතිපත්තියට ඇතුළත් කිරීමට උත්සාහ කරන රාජ්‍ය නොවන සංවිධාන

පාසල් තුළ සිදුවන හිරිහැර විරෝධී නීතිවලට LGBTQIA අයිතිවාසිකම් එකතු කිරීමට කටයුතු කරමින් සිටී.

ඈ )“වෛරී ප්‍රකාශ” ලේබල් භාවිතා කරමින් විචාරකයින් නිහඬ කිරීමට උත්සාහ කිරීම

ඉ )විදේශීය රාජ්‍ය නොවන සංවිධාන විසින් පුහුණු කරන ලද පාසල් උපදේශකයින් බඳවා ගැනීම

දෙමාපියන් සතු තම දරුවන් සම්බන්ධයෙන් වන අධිකාරිය ආපසු ලබා ගත යුතුය.

දෙමාපියන් ඉල්ලා සිටිය යුත්තේ:

අ ) පාසල්වල ලිංගික හෝ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදයක් නොමැති බවත් පාසල්වලට ඉගැන්විය යුත්තේ දරුවන් ලිංගික අපයෝජකයින්ගෙන් ආරක්ෂා කිරීම පමණක් බව

ආ ) ගුරුවරුන්ගෙන් සම්පූර්ණ විනිවිදභාවය එනම් කිසිදු ගුරුවරයෙකුට දරුවෙකුට ලිංගිකව බලපෑම් කළ නොහැකි බව

ඇ ) පාසල් වැඩසටහන් සඳහා දෙමාපියන්ගේ කැමැත්ත අවශ්‍ය බව 

ඈ ) ළමුන් පිළිබඳ තොරතුරු දෙමව්පියන්ගෙන් සැඟවීම තහනම් කළ යුතු බව

ඉ ) විදේශීය අරමුදල් සපයන පාසල් වැඩසටහන් පිළිබඳ විමර්ශනය කළ යුතු බව

ඊ ) ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ආගම, පවුල් වටිනාකම් ආරක්ෂා කළ යුතු බව

දෙමාපියන්ගේ අයිතිවාසිකම් ස්වාභාවික අයිතිවාසිකමකි.

දෙමාපියන් සහ දරුවා අතර මැදිහත් වීමට කිසිදු විදේශීය දෘෂ්ටිවාදයකට, රාජ්‍ය නොවන සංවිධානවලට, රජයකට හෝ ක්‍රියාකාරිකයෙකුට අයිතියක් නැත. LGBTQIA ව්‍යාපාරය දෙමාපියන්ගේ ආදේශනය ළමා නිදහස ලෙස සඟවා ඇත. එය ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ප්‍රතිරෝධය දැක්විය යුතු මානසික හා සංස්කෘතික ප්‍රහාරයකි.

ශ්‍රී ලාංකික දෙමාපියනි,  අවදි වෙමු! 

ශ්‍රී ලංකාවේ LGBTQIA  ප්‍රචාරණය දැනටමත් නිහඬවම සිදුවෙමින් පවතී. මේ සඳහා සමහර දේශපාලනඥයින්ගේ අනුග්‍රහකත්වයද ලැබී තිබේ.  වෛද්‍යවරුන්,  නීතිඥයින් සමහර ප්‍රසිද්ධ සමාගම් , බොහෝ මාධ්‍ය ආයතන  ගුරුවරුන් සහ අධ්‍යාපනඥයින්ද මේ සඳහා සම්බන්ධ වී තිබේ. බලපෑම් සහගත ඕනෑම අයෙකුට LGBTQIA ප්‍රවර්ධනය කිරීමට බලපෑම් කිරීමට මෙම කණඩායම් කටයුතු කරනු ඇත.

අ )ළමයින් WhatsApp සහ TikTok මගින් LGBTQIA කණ්ඩායම්වලට ගොනු කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටී.

ආ )දෙමාපියන්ගෙන් අනන්‍යතාවය සැඟවිය යුතු ආකාරය දරුවන්ට උගන්වන රාජ්‍ය නොවන සංවිධාන අරමුදල් සපයන පාසල් “වැඩමුළු” සංවිධානය කරනු ලබයි.

ඇ ) UNICEF, UNFPA සහ දේශීය ක්‍රියාකාරී නීතිඥයින් හරහා රහසිගතව පාසල් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ප්‍රතිපත්ති වලට තල්ලු කිරීමට  කටයුතු සම්පාදනය කරමින් සිටිති.

ඈ )ළමයින් පවුල්වලින් වෙන් කිරීම සඳහා සංක්‍රාන්ති ලිංගික නිවාස ඉදිකිරීමටද උත්සාහ කිරීම.

ඉ ) හෝමෝන වර්ග ඖෂධ වට්ටෝරුවලින් තොරව මාර්ගගතව විකිණීමට කටයුතු සම්පාදනය කිරිමට කටයුතු කරනු ලැබේ. 

ඊ ) මෙම කටයුතුවලට “එකඟ නොවන” දෙමාපියන්ගෙන් දරුවන් ඉවත් කිරීමට අධිකරණ කටයුතු සූදානම් කරන ක්‍රියාකාරී නීතිඥයින් සංවිධානය කර තිබේ.


අවසාන වශයෙන් කිවයුත්තේ මෙය මිනිස් සමාජයෙන් කොන් වූ මිනිසුන් පිරිසක් ඉලක්ක කර  කරන සටනක් නොවන බවය.

සටන අපේ දරුවන් පැහැරගෙන විනාශ කිරීමට සැකසූ දෘෂ්ටිවාදයකට එරෙහි සටනකි.

ශ්‍රී ලාංකික දෙමව්පියන් දැන් හඬ නැගිය යුතුය. නැතහොත් අනන්‍යතාවය, පවුල, ජාතිය සහ ආගමික විශ්වාසය විනාශ කරන න්‍යාය පත්‍රයකට තම දරුවන් ගොදුරු වීම නැවැත්විය නොහැක.

ශ්‍රී ලංකාව දරුවන් ආරක්ෂා කරන ජාතියක් ලෙස පැවතීම මිස ඔවුන් මත අත්හදා බැලීම් කරන ජාතියක් නොවිය යුතුය.

ශ්‍රී ලාංකික දෙමව්පියන් නිහඬව සිටියහොත්, වසර 5 කින් බටහිර රටවලට සමාන ඛේදවාචකයන් අපට දැකගත හැකිය.එනම්, දරුවන් වඳභාවයට පත් කිරීම, පවුල් විනාශ කිරීම සහ සියදිවි නසාගැනීම් ඉහළ යාම අත් වීන්දීමට සිදුවනු ඇත.

දෙමව්පියන්ට දරුවන් කෙරෙහි වන අධිකාරිය අහිමි වුවහොත්, ශ්‍රී ලංකාව  තම දරුවන් අහිමිකරගත් රටක් බවට පත් වේ. අපට අපගේ දරුවන් අහිමි වුවහොත්, අපට අපගේ ජාතිය අහිමි වේ.


ශෙනාලි වඩුගේ මහත්මිය විසින් රචිත SRI LANKAN PARENTS PLEASE READ – How the LGBTQIA Agenda Steals Parental Rights  ලිපියේ සිංහල පරිවර්තනය.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේ පිහිටි වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයාගත් ඓතිහාසික වල්ලිපුරම් රන් සන්නස පිළිබඳව වැදගත් තොරතුරු රැසක් Next page යූටියුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ.
බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි.
"තම සපත්තු ලේස් එක ගැටගසා ගැනීමටවත් නොදන්නා වයසේදී, ඒ සුරතල් දෑත්වලට යකඩ මාංචු වැටෙන්නේ කෙසේද? උසාවි කූඩුවක යකඩ කූරු අතරින් බියපත් දෑසින් සමාජය දෙස බලන අවුරුදු දහයට අඩු ඒ 'පුංචි අපරාධකාරයා' නිර්මාණය කළේ ඔහු විසින්මද? නැතහොත් මේ කුහක සමාජ ක්‍රමය විසින්ද?"
අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම එළි නොකරන ලද ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින් තිබේ.
එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය.

ප්‍රධාන පුවත්

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.