ඇමතිලා, නි. ඇමතිලා මන්ත්‍රී ඉන්ධන දීමනාවත් අරන්..
කැබිනට් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස තනතුරු භාර ගැනීමෙන් පසුව ද යම් කාල පරිච්ඡේදයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි ඉන්ධන දීමනාව ලබාගෙන ඇති බව අනාවරණය විය.
පාර්ලිමේන්තුවේ පිහිටි තොරතුරු දැනගැනීමේ අංශය මගින්, මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තොරතුරු හෙළි කර ඇත. මෙම අනාවරණය අනුව, අදාළ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ඉන්ධන දීමනාව ලබාගෙන ඇති කාලසීමාවන් පහත පරිදි වේ.
ඉන්ධන දීමනාව ලබාගත් කාලසීමාවන්
2025 මාර්තු මාසයේ සිට:
අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, කේ. ඩී. ලාල් කාන්ත, සමන්ත විද්‍යාරත්න, ඒ. එච්. එම්. එච්. අබේරත්න, ක්‍රිශාන්ත අබේසිංහ, අනුර කරුණාතිලක, කුමාර ජයකොඩි, චතුරංග අබේසිංහ, මහින්ද ජයසිංහ, හංසක විජයමුනි, එරංග වීරරත්න, ටී. බී. සරත් සහ අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන් ඉන්ධන දීමනාව භාවිත කර ඇත.
2025 අප්‍රේල් මාසය දක්වා:
අග්‍රාමාත්‍ය හාරිණී අමරසූරිය මහත්මිය, අමාත්‍යවරුන් වන නලින්ද ජයතිස්ස, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, සුනිල් කුමාර ගමගේ, උපාලි පන්නිලගේ, සරෝජා පෝල් රාජා, ආනන්ද විජේපාල, ජනිත රුවන් කොඩිතුවක්කු, එරංග ගුණසේකර, ප්‍රසන්න ගුණසේන, ඇන්ටන් ජයකොඩි, ආර්. එම්. ජයවර්ධන, සුනිල් වටගල, නාමල් සුදර්ශන සහ රුවන් සෙනරත් යන මහත්වරුන් ඉන්ධන දීමනාව ලබාගෙන ඇත.
2025 මැයි මාසයේ සිට අත්හිටවූ අය:
නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා 2025 මැයි මාසයේ සිට ඉන්ධන දීමනාව අත්හැර දමා ඇත.
මේ වසරේ ජූනි මාසය දක්වා:
අමාත්‍ය සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුගත් තිලකරත්න සහ සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන් මේ වසරේ ජූනි මාසය දක්වා දීමනාව ලබාගෙන ඇත.
මේ වසරේ ජූලි මාසය දක්වා අත්හිටවූ අය:
රත්න ගමගේ, අරුණ ජයසේකර, ගමගේදර දිසානායක, මුනිල් මුලෆර්, මධුර සෙනෙවිරත්න සහ නලින් හේවාගේ යන මහත්වරුන් මේ වසරේ ජූලි මාසය දක්වා ඉන්ධන දීමනාව අත්හැර දමා ඇත.
2025 අගෝස්තු මාසයේ සිට අත්හිටවූ අය:
අමාත්‍ය හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් රණසිංහ සහ සුසිල් රණසිංහ යන මහත්වරුන් 2025 අගෝස්තු මාසයේ සිට ඉන්ධන දීමනාව අත්හැර දමා ඇත.
මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට අත්හිටවූ අය:
අමාත්‍යවරුන් වන රාමලිංගම් චන්ද්‍රසේකරන්, වසන්ත සමරසිංහ, අනිල් ජයන්ත, නාමල් කරුණාරත්න සහ උපාලි සමරසිංහ යන මහත්වරුන් මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඉන්ධන දීමනාව අත්හැර දමා ඇත.
වැටුප් හා දීමනා ගෙවීම
තවද, සියලුම අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා සියලු දීමනා ඔවුන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙත ගෙවීම සිදුකරන බවද මෙහිදී අනාවරණය විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..