දණ්ඩ නීති සංග්රහය සංශෝධනය කිරීමේ පනත සම්මත වුනොත් අනාගත පරපුර අනාථයි... සෑම පාසලකම පොලිස් පෝස්ට් එකක් අරින්න වෙනවා - ඕමල්පේ සෝභිත හිමි
‘දණ්ඩ නීති සංග්රහය සංශෝධනය කිරීමේ පනත සම්මත වුවහොත් අනාගත පරපුර අනාථයි. සෑම පාසලකම පොලිස් පෝස්ට් එකක් අරින්න වෙනවා. එම නිසා එය වහා හකුළා ගතයුතුයි. එසේ නොකළොත් ඉදිරියේදී එන අරගලය කිසිවකුට නවතාලනු නොහැකි වේවි’ යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ එසේ පැවැසුවේ ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද පැවසූහ.
‘අගමැතිවරිය පවසනවා මේ පනත පාසල් දරුවන් හා ගුරුවරුන් ඉලක්ක කර ගනිමින් ගෙනා පනතක් නොවේය කියලා. ඇත්තතමයි. පාසල් දරුවන් පමණක් පිරිවෙන්වල ලබන දරුවන් හා සාමණේර වහන්සේලා, ළමා නිවාසවල ඇති දැඩි වෙමින් අධ්‍යාපනය ලබන දරුවන් මේ හැමෝම නොවෙයි අධ්‍යාපනය අයත් වෙනවා.
ඒක තමයි අපට තිබෙන ප්‍රශ්නය. සෑම දරුවකුගේම බාරකරුවන්ට එම පනත සම්මත වුවහොත් සිදු වෙනවා දරුවන් යටතේ කටයුතු කරන්න.
ඒ නිසා අනාගත පරපුර වල්මත් කරවන ඒ අශීලාචාර නීතිය වහාම ඉල්ලා අස්කර ගතයුතුයි. තවම එය ඉල්ලා අස්කරගෙන නැහැ.
හිමින් සීරුවේ පනත සම්මතකර ගැනීමයි ඔවුනගේ බලාපොරොත්තුව. ඒ නිසා මේ පනත පරාජය කළ යුතුම පනතක්.
අගමැතිවරිය අපේකම, අපේ ශිෂ්ටත්වය, අපේ සම්ප්‍රදාය ගණන් ගන්නේ නැති නම් රටේ ජනතාව විශ්වාසය නියලා තිබෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් පමණයි. මහා නාහිමිපාණන් වහන්සේලාත් ජනාධිපතිවරයාට මෙහි යථාර්ථය පහදා දිය යුතු වෙනවා’
රෝහණ සමරවීර
ජයන්න නානායක්කාර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..