ආගම සංස්කෘතිය ශාසනය විනාශ කිරීමට කඳ පණු න්‍යායක් ක්‍රියාත්මක වෙනවා - අභිනව අස්ගිරි අනුනායක නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ..
ආගම සංස්කෘතිය ශාසනය විනාශ කිරීමට දශක දෙකක පමණ සිට කඳ පණු න්‍යායක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අතීතයේදී ශාසනය රැක්කේ ශාසනයේ ලෞකික ආරක්ෂකයා වුණේ රටේ රජ්ජුරුවෝ. බුද්ධ ශාසනයේ රැකීම රජයේ වගකීම කියලා අද තිබුණට වර්තමාන රජයට පමණක් කියනවා නෙමෙයි මෑත කාලයේම දිගින් දිගට ඒ වගකීම කොච්චර දුරට ඉටු වුණාද කියල අපිට ප්‍රශ්නයක් තියෙනවා යැයි අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනුනායක ශාස්ත්‍රපති, නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ ඉකුත් (14) දින මිණිපේ පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගී වෙමින් පැවසූ සේක.
මහනුවර දිසාවේ මිණිපේ මහා සංඝරත්නය හා බොදු ජනතාව එක්ව ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ 34 වන අභිනව අනුනායක ධූරප්‍රාප්ත අස්ගිරි විහාර පාර්ශ්වයේ විංශසත්වර්ගික කාරක මහා සඟ සභාවේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි මහාවිහාර මහ පිරිවනේ විශ්‍රාමලත් පරිවේණාධිපති, පල්ලේකැළේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂ, ශාස්ත්‍රපති, අතිගෞරවාර්හ නාරම්පනාවේ ආනන්ද නාහිමියන් වහන්සේ අනුනායක ධූරයට පත්වීමෙන් පසුව උන්වහන්සේ පිළිගැනීමේ හා ප්‍රසාද පූජා පැවැත්වීමේ වැඩසටහනක් මිණිපේ හසලක නගරයේදී පැවැත්විණි.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මිණිපේ ප්‍රධාන සංඝනායක 7ඇළ ශ්‍රී ප්‍රියදර්ශනාරාමාධිපති උඩවෙළ ධර්මරතන නායක හිමිපාණන් වහන්සේ, මිණිපේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධර්මරාජ විහාරාධිපති උඩවෙල බණ්ඩාරනායක විද්‍යාලයේ විශ්‍රාමලත් විදුහල්පති කයිකාවෙල ජිනානන්ද නායක හිමියන්, උඩදුම්බර ප්‍රධාන සංඝනායක තෝරපිටිය ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති පොද්දල්ගොඩ ධම්මාරාම නායක හිමියන්,මිණිපේ බුලත්වැල්කදුර ශ්‍රී බෝධිරුක්ඛාරම විහාරාධිපති පූජ්‍ය උඩවෙල සීවලී හිමියන් ඇතුළු මිණිපේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති හිමිවරු ඇතුළු මහා සංඝරත්නය හා දායකකාරකාධීන් විසින් අනුනායක නායක හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ මහෝත්සවය සංවිධානය කර තිබිණි.
මෙහිදී අනුනායක හිමියන් උත්සව සභාවේ අනුසාසනාව පවත්වමින් වැඩිදුරටත් මෙසේද පැවසූහ.
ගමේ රටේ පළාතේ සමාජයේ මොනවා හෝ අකටයුත්තක් වුණොත් ඉස්සරහට එන්නේ කවුරුවත් නෙමෙයි අපේ හාමුදුරුවරු. මේක භික්ෂූන් වහන්සේලාට උරුමයෙන්ම ලැබිච්ච දෙයක්. මේක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නෑ භික්ෂුවගේ කාර්යභාරය. මේක උරුම වුණේ මිහිඳු හාමුදුරුවෝ මෙරටට වැඩම කරපු අවධියේ ඉඳලා. බලන්න කල්පනා කරලා මේ ගහට පොත්තත්, පොත්තට ගහක් වගේ ගිහි පැවිදි සම්බන්ධය ගොඩ නගාගෙන මේ ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන මේ උදාර සංස්කෘතියක් සහිත ජාතියක් මේ රටේ බිහිවෙච්ච හින්දා තමයි මේ රටට බලවේග තුනක් ඇවිල්ලත් මේ රටේ බුදු දහම ඒ හා බැඳිච්ච සංස්කෘතිය නැති කරන්න බැරි වුණේ. තනතුරු දුන්නා. විවිධ බලපෑම් කළා. තාන්න මාන්න දුන්නා. මිෂනාරි අධ්‍යාපනය පටන් ගත්තා. නැති බැරිකන් හේතු කරගෙන නොයෙක් උදව් උපකාර කළා. තාමත් මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවයට ප්‍රශ්නයක් ඇති කරන්න බැරි වුණා.
දැන් අවුරුදු 10 ක් 20ක් වගේ කාලයක් තිස්සේ ඉඳලා ඉතාම සූක්ෂම ලෙස මේ බෞද්ධ සමාජයේ ගිලගන්න යන භයානක ව්‍යාපාරයක් ඇතිවෙළා. මේ සඳහා ගොඩක් අනුග්‍රහය දක්වන්නේ විජාතික බලවේග. හොඳට තේරුම් ගන්න. විවිධ ස්වරූපයෙන් තමයි ඒ අය පෙනී ඉන්නේ. ඉතින් මේ අය කියන නොයෙක් දේවල් තියෙනවා සමාජයේ. මේ අය පෙරහැරකට අලියෙක් ගන්නවට විරුද්ධයි. ළමා අයිතිවාසිකම් ගැන කතා කරනවා. මේ ශාසනය අද පැවිදි වෙන්න දරුවෙක් නෑ. අද සමාජ මතයක් හදලා තියෙනවා පැවිදි කරන්න දරුවෙක් දෙන්න එපා කියලා. ඒක තමයි මං කිව්වේ ඒ වගේ නොයෙක් දේවල් ඇතුලෙන් ක්‍රියාත්මක වෙනවා කියලා.
නිකන් හිතලා බලන්න, අද මේ අය දන්නවනම් මුළු ඇමරිකාවෙම විශාල ශාසනික මෙහෙවරක් කරන හාමුදුරු කෙනෙක් ඉන්නව කියලා ඇහුවොත් පුදුම වෙයි. උන්වහන්සේ කැනඩාවට ගිය වෙලාවේ, උන්වහන්සේට හදිසි හෘදයාබාධයක් වැළඳුනාට පස්සේ ඇමරිකන් ජාතික සුදු බෞද්ධයෝ උන්වහන්සේගේ අනුගාමිකයො වෙනම ගුවන් යානයක් අරගෙන වෛද්‍යවරු කණ්ඩායමක් එක්ක කැනඩාවට ගිහිල්ලා උන්වහන්සේ ඒ රටට අරන් එනවා. ඒතරම් උන්වහන්සේට ඇමරිකන් ජාතිකයෝ ගරු කරනවා. උන්වහන්සේගේ ගම කොහෙද දන්නවාද? තුන්පෙනේ වැලිවිට. උන්වහන්සේ පොතක් ලියනවා තුන්පනෙන් ඇමරිකාවට කියලා. මහාචාර්ය පූජ්‍ය හේනේපොල ගුණරතන නායක හිමියෝ තමයි උන්වහන්සේ. අන්තර් ජාලයට ගිහින් ඔබ බලන්න අවුරුදු 96යි උන්වහන්සේගේ දැන් වයස. දැන් අවුරුදු පනහකට වැඩි කාලයක් ඇමරිකාවේ. ඉතින් මං මේ කියන්න ගියේ පුංචි කාලේ පැවිදි වෙලා තමයි අද ලෝකෙම දිනන්න පුළුවන් තත්ත්වයට උන්වහන්සේලා පත්වෙලා තියෙන්නේ. මුළු ලොවක් මවිත කළ යතිවරු හික්කඩුවේ නායක හාමුදුරුවෝ, රත්මලානේ නායක හාමුදුරුවෝ, පැළෑනියේ වජිරඥාණ නායක හාමුදුරුවෝ. මේ වගේ හාමුදුරුවන්ගේ චරිත කතා අරං බලපුවාම පුංචි කාලේ අවුරුදු අටේ නමේ පැවිදි වෙලා. උන්වහන්සේලාගේ නම නිසා තමයි ගමක් පවා ප්‍රසිද්ධ වෙන්නේ.
ඇත්තටම අපේ මූලස්ථානවලින් අපේ ප්‍රාදේශීය නායක හාමුදුරුවෝ ප්‍රාදේශීය මහා සංඝරත්නය ශාසනය ආරක්ෂා කරගැනීමේ අපේක්ෂාවන් තියෙනවා. ඒ අවශ්‍යතාවයන් පිළිබඳ අපව නිරන්තරයෙන් දැනුවත් කිරිම් සිදු කරනවා උන්වහන්සේලා. ඒවට මුහුණ දීම අද යුගයේ තියෙන ලොකුම අභියෝගය වෙලා තියෙනවා. ඒවා ලොකුම කාර්යභාරයක් භික්ෂූන් වහන්සේලාට. හැබැයි උන්වහන්සේලා සමාජය ඉදිරියේ ඒ භික්ෂු නායකත්වය අද මේ සමාජයේ තාමත් පිළිගැනීමට ලක්වෙලා තියෙනවා.
බෞද්ධයෝ හැටියට භික්ෂූන් වහන්සේලාට පමණක් නෙමෙයි මේ ශාසනයේ වගකීම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසකට තියෙනවා. ඒක එදා මම ජනාධිපතිතුමා ඉදිරියෙත් මඟුල් මඩුවේදී ප්‍රකාශ කළේ අතීතයේ ශාසනය රැක්කේ ශාසනයේ ලෞකික ආරක්ෂකයා වුණේ රටේ රජ්ජුරුවෝ. අද අපිට එහෙම ලෞකික නායකත්වයක් නෑ අවාසනාවකට. බුද්ධ ශාසනයේ රැකීම රජයේ වගකීම කියලා අද තිබුණට වර්තමාන රජයට පමණක් කියනවා නෙමෙයි. මෑත කාලයේම දිගින් දිගට ඒ වගකීම කොච්චර දුරට ඉටු වුණාද කියල අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි විශ්වාස කරන හැටියට අපිට ශක්ති පමණින් අපි කිසියම් දෙයක් මේ ශාසනය වෙනුවෙන් යම් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
මහියංගණ – රංජිත් කරුණාවීර
දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..