කතරගම ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභයගෙන් ෆේස්බුක් සටහනක්..
කතරගම මැණික් ගඟ අසබඩ අන් අයෙකු විසින් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් තමාට අයත් බවට ඇතැම් මාධ්‍ය විසින් වරදවා පළ කර ඇතැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.
- උපුටාගැනීම -
කතරගම මැණික් ගඟ අසබඩ අන් අයෙකු විසින් ඉදි කර ඇති ගොඩනැගිල්ලක් මා හට අයත් යැයි වරදවා සඳහන් කරනු ලබන පුවතක් කලින් කල ජනමාධ්‍යයේ පළ වෙනු නිරීක්ෂණය වී තිබේ.
2025 ඔක්තෝබර් 13 වැනි සඳුදා ද (ඊයේ) ඇතැම් රූපවාහිනී නාලිකා ඔස්සේ පළ වූ පුවතකින් එකී ගොඩනැගිල්ල පිළිබඳව සඳහන් කිරීමේදී මාගේ නම ද නැවතත් සඳහන් කර තිබේ.
එකී ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව පසුගිය වකවානුවේ සී.අයි.ඩී පරීක්ෂණයක් පැවැත්වුණි. එම පරීක්ෂණයට අදාළ ව මම ද ප්‍රකාශයක් ලබා දුන්නෙමි.
ඒ පිළිබඳව මාගෙන් විමසීමට හේතුව වී ඇත්තේ එම ගොඩනැගිල්ලට විදුලි සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා "ජී.රාජපක්ෂ" යන අයෙකුගේ නමින් ඉදිරිපත් කර තිබූ අයදුම්පතක් පමණී. එම අයදුම්පතේ හරි ආකාර අත්සනක් ද යොදා නොතිබුණි. අත්සන තිබිය යුතු තැන වූයේ අපැහැදිලි කුරුටු ගෑමකි.
මෙම වැරදි පුවත විටින් විට මතු වෙන හෙයින් ද සැමගේ දැන ගැනීම පිණිස ද, කතරගම මැණික් ගඟ අසබඩ එකී ගොඩනැගිල්ල මා හට අයත් දේපළක් නොවන බව තරයේ ප්‍රකාශ කරමි.
කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හෝ පවත්වා ගෙන යෑමට හෝ මා හට කිසිදාක කිසිදු හේතුවක් හෝ උවමනාවක් හෝ තිබී නැති බව ද කිව යුතුය.
- උපුටාගැනීම අවසන් -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..