News Category
From Date
To Date
Maximum Number of Result

USAID හි අභාවය: ලතින් ඇමරිකාවේ පොඩි කනගාටුවක්?

Oct 14, 2025 at 09:56 AM
|

ලතින් ඇමරිකාවට ආධාර කපා හැරීමේ ට්‍රප්ගේ සැලසුම් ගැන පැවසූ විට, කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මෙසේ කීවේය.

" ඔබේ මුදල් ඔබ සමඟම රැගෙන යන්න, ඒවා වස! "

USAID (ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය) ලතින් ඇමරිකාවේ වාර්ෂිකව ඩොලර් බිලියන 2 ක් පමණ වියදම් කරන අතර, එය එහි ගෝලීය අයවැයෙන් 5% ක් පමණි. තාවකාලිකව වසා දැමූ එම ආයතනයේ අනාගතය අඳුරු බවක් පෙනෙන්නට ඇති අතර, එහි මුදල් කපා හැරීම සම්බන්ධ ප්‍රතිචාර පුළුල් පරාසයක පවතී. නමුත් පෙට්‍රෝගේ තරම් ප්‍රතිචාර ශක්තිමත් වූයේ ස්වල්ප දෙනෙකුගේ පමණි. බොහෝ දෙනෙක් මෙම පියවර හෙළා දුටුවෝය. නිදසුනක් වශයෙන්, වොෂින්ටනයේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ උත්සාහයන් සඳහා නිරන්තරව ආවරණයක් සපයන ප්‍රමුඛ පෙළේ "ලිබරල්" චින්තන කණ්ඩායමක් වන " ලතින් ඇමරිකාව පිළිබඳ වොෂින්ටන් කාර්යාලය' (the Washington Office on Latin America WOLA). එය ට්‍රම්ප්ගේ "ඇමරිකාවේ අවසාන ප්‍රතිපත්තිය ලෙස හැඳින්වීය.

ලෝක ආධිපත්‍යයේ ආයතනයක් ලෙස, වියට්නාමයේ බිම් බෝම්බ ඉවත් කිරීම (තම එක්සත් ජනපද වැරදි ක්‍රියාවල නිෂ්පාදනයක් වන) වැනි කටයුතු වලදී USAID යම් යහපතක් කළද, එහි මූලික කාර්යභාරය එක්සත් ජනපද ලෝක ආධිපත්‍යය ප්‍රක්ෂේපණය කිරීම සමඟ සමපාත වේ.

අපේක්ෂිත ලෙසම, ආයතනික මාධ්‍ය බොහෝ දුරට USAID ගලවා ගැනීමට පැමිණ තිබේ. ඔවුන් ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වන්නේ සමහර රටවලට එහි අලාභයන් නරක ලෙස බලපානු ඇතැයි යන හැඟීම ඇති කිරීමට උත්සාහ කිරීමටය. ඇත්ත වශයෙන්ම, USAID යනු අධිරාජ්‍යවාදී මෙවලම් කට්ටලයේ කොටසක් බව ඒ මාධ්‍ය තේරුම් ගෙන තිබේ.

Los Angles Times සහ Bloomberg යන දෙකම පෙන්වා දුන්නේ USAID වසා දැමීම චීනයට "දොර විවෘත කරන" බවයි. The Associated Press විස්තර කළේ ආධාර ඉවත් කිරීම ලතින් ඇමරිකානු කලාපයට " දැවැන්ත පසුබෑමක්" ලෙසයි; BBC මෙම හැඟීම් ප්‍රතිරාවය කළේය. The New York Times සහ අනෙකුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පෙන්වා දෙන්නේ එහි වැඩ සටහන් බොහොමයක්, ලතින් ඇමරිකාවෙන් පිටතට සංක්‍රමණය වීම වැළැක්වීමට උපකාරී වන බවට ඇති උත්ප්‍රාසයයි. එය ට්‍රප්ගේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම ඇති ගැටලුවකි.

මානුෂීය ආධාර ආයුධ කරණය

මෙම මාධ්‍ය, ඒක පාර්ශ්වික චිත්‍රයක් ලබා දීම පුදුමයට කරුණක් නොවේ. ඇත්ත වශයෙන්ම. USAID හි කාර්යයේ එක් අංගයක් මානුෂීය බව සත්‍යයකි. නමුත්, ජෙෆ්රි සැක්ස් පැහැදිලි කළ පරිදි, " සත්‍ය සහ හදිසි, මානුෂීය ආධාර " යනු විශාල " මෘදු බල ' උපාය මාර්ගයක ("soft power" strategy) එක් අංගයක් පමණි. ආරම්භයේ සිටම, USAID හි මෙහෙයුමෙහි මානුෂීයත්වයට වඩා වැඩි දෙයක් විණි.

1961 දී ජනාධිපති ජෝන් කෙනඩි USAID නිර්මාණය කිරීමෙන් වසරකට පසු, ඔහු එහි අධ්‍යක්ෂවරුන්ට පැවසුවේ " නිදහසට ප්‍රහාරයක් එල්ල විය හැකි බොහෝ ප්‍රදේශ වලට ඇමරිකානු හමුදා යැවීමට අපට අවශ්‍ය නැති නිසා, අපි ඔබව යවමු" යනුවෙනි.

ජෙෆ්රි සැක්ස්ට අනුව, මෙම සංවිධානය "එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ මෙවලමකි. සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වු ආයතනයකි. 2020 දී විනාශකාරි කුණාටු දෙකකින් පීඩාවට පත් වූ නිකරගුවාව හැර, The New York Times විසින් උපුටා දක්වන ලද මධ්‍යම ඇමරිකාවේ සුළි කුණාටු හානි සීමා කිරීමේ වැඩසටහනේදී මෙන් එය ප්‍රධාන වශයෙන් එක්සත් ජනපද සහචරයින්ට ප්‍රතිලාභ ලබා දී ඇත. නිකරගුවාව එක්සත් ජනපද සහචරයෙකු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

ගෝලීය වශයෙන් USAID සියලුම මානුෂීය ආධාර වලින් 42% ක් පමණ සපයන නමුත්, Quixote Center වාර්තා කරන්නේ බොහෝ අරමුදල් වැය වන්නේ දේශීය වෙළෙඳ පොළට උදව් කිරීමට සහ දේශීය සැපයුම්කරුවන් දිරිමත් කිරීමට වඩා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ආහාර සැපයුම් ලබා දීමට හෝ එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට බවයි. Quixote Center තර්ක කරන්නේ "USAID සමාලෝචනයක් අවශ්‍ය " බවයි. නමුත් එය ට්‍රම්ප්ගේ හෝ එලොන් මස්ක්ගේ හෝ සිතේ ඇති ආකාරයේ සමාලෝචනයක් නොවේ.

සහනාධාර සහිත එක්සත් ජනපද ආහාර නිෂ්පාදන වලින් කෙටිකාලීනව කුසගින්න සමනය කළ හැකි වුවද, දිගු කාලීන බලපෑම යැපීම (dependency) ඇති කිරීම වන්නේය. එය එවැනි ආධාර වල පළමු අරමුණයි. කෙටියෙන් කිව හොත්, එක්සත් ජනපදය ගෝලීය වශයෙන් ස්වාධීනත්වය ප්‍රවර්ධනය නොකරන නමුත් සදාකාලික යැපුම් සබඳතා වලට රටවල් ඇද දැමීමට උත්සාහ කරයි.

පාලන තන්ත්‍රය වෙනස් කිරීම

ජෙෆ්රි සැක්ස් විසින් හඳුනාගෙන ඇති තුන්වන සහ වඩාත්ම මතභේදාත්මක අංගය නම්, USAID "ගැඹුරු රාජ්‍ය ආයතනයක්" ("deep state institution") බවට පත්ව ඇති අතර, එය පැහැදිලිවම පාලන තන්ත්‍ර වෙනස් කිරීම ප්‍රවර්ධනය කරයි. එය එක්සත් ජනපද අවශ්‍යතා වලට සේවය කිරීමට අපොහොසත් වන ආණ්ඩු අතුගා දැමීම අරමුණු කරගත් ඊනියා " වර්ණ විප්ලව" ("color revolutions") හෝ කුමන්ත්‍රණ හෝ දිරිමත් කරන බව ඔහු සඳහන් කරයි.

රාජ්‍ය දෙපාර්තමේන්තුව සමහර විට මේ පිළිබඳව තරමක් විවෘත ය. 2022 ජූලි මාසයේදී එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් නිකරගුවාවේ තානාපතිවරයෙකුගෙන් ප්‍රශ්න කළ විට, ඔහු පැහැදිලි කළේ නිකරගුවාවේ රජයට විරුද්ධ වන රට තුළ සහ ඉන් පිටත USAID සහාය දක්වන කණ්ඩායම් සමඟ තමා කටයුතු කරන බවයි. නිකරගුවාව ඔහුගේ පත්වීම පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම පුදුමයක් නොවේ. එතැන් සිට ප්‍රගතිශීලී රජය පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ අරමුදල් ලබා ගන්නා කණ්ඩායම් වසා දමා ඇත.

ලතින් ඇමරිකාවේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ එක්සත් ජනපද උත්සාහයන්ගේ ඉතිහාසය දිගු එකක් වන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් CIA හි රහසිගත මෙහෙයුම්වලට ආරෝපණය කර ඇත. නමුත් 1990 සිට, USAID සහ National Endowment for Democracy වැනි සහයෝගිතා ආයතන විශාල කාර්යභාරයක් ඉටු කිරීමට පැමිණ තිබේ. උදාහරණයක් ලෙස, ඔවුන් 1990 සිට කියුබානු විප්ලවය අඩපණ කිරීමට උත්සාහ කිරීම සඳහා අවම වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 300 ක් වියදම් කර ඇත.

කියුබාවේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ උත්සාහයන් අතරට Creative Associates International (CREA) නමින් හැඳින් වෙන විශාල සංවිධානයක් සම්බන්ධ වූ අතර, පසුව Alan MacLeod විසින් ලතින් ඇමරිකාව පුරා එක හා සමාන USAID වැඩසටහන් මෙහෙයවන බව පෙන්වා දෙන ලදී. වර්තමානයේ, CREA හොන්ඩුරාස් හි සේවය කරන අතර, එහි ප්‍රගතිශීලී රජය එක්සත් ජනපද රජයෙන් සැලකිය යුතු පීඩනයකට ලක්ව ඇත. එහෙත් CREA යනු 2024 දී ඇමරිකානු ඩොලර් මිලියන 32 සිට ඇමරිකානු ඩොලර් බිලියන 1.56 දක්වා විශාල මුදලක් උපයා ගත් කොන්ත්‍රාත්කරුවන් 25 දෙනාගෙන් එක් අයෙකු පමණි.

සංස්කෘතික යුද්ධ

USAID හි පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ කටයුතු සැබෑ න්‍යාය පත්‍රය වන අතර, මෙහිදී බොහෝ විට රාජ්‍ය විරෝධී හෝ එක්සත් ජනපද ගැති ආකල්ප ඇති කිරීමට දේශපාලනික නොවන සංස්කෘතික, කලාත්මක, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හෝ අධ්‍යාපනික රාජ්‍ය නොවන සංවිධාන පෝෂණය කරයි. මේ සඳහා උදාහරණ කොතෙකුත් තිබේ.

කියුබාවේ, USAID හිප්- හොප් දර්ශනයට රිංගා, ට්විටර් හි දේශීය අනුවාදයක් නිර්මාණය කිරීමට උත්සාහ කළ අතර, ඔවුන් සිරගත කිරීමේ අවදානමක් ඇති වූ නිසා, විශේෂයෙන් අකාර්යක්ෂම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කොස්ටාරිකාව, පේරු සහ වෙනිසියුලාවෙන් තරුණයින් බඳවා ගත්තේය.

වෙනිසියුලාවේ. 2002 දී ජනාධිපති හියුගෝ චාවේස්ට එරෙහිව අසාර්ථක වූ එක්සත් ජනපද පිටුබලය ලත් කුමන්ත්‍රණ උත්සාහයෙන් පසුව USAID වැඩ ආරම්භ කළේය. 2007 වන විට, එය කණ්ඩායම් 360 කට සහාය දක්වමින් සිටි අතර, ඉන් සමහරක් විභව "ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් ප්‍රසිද්ධියේ පුහුණු කරන ලදී. මෑතකදී ග්‍රැමී සම්මානයක් දිනාගත් වෙනිසියුලානු රොක් සංගීත කණ්ඩායම වන Rawayana. ඔවුන්ගේ ප්‍රසිද්ධ පෙනී සිටීම් වලදී වෙනිසියුලා පාලනයට විරුද්ධ එක්සත් ජනපදයට පක්ෂපාතී පණිවිඩ ප්‍රකාශ කිරීම සඳහා USAID විසින් අරමුදල් සපයනු ලැබේ.

2007 දී සැන්ඩිනිස්ටා රජය නැවත බලයට පත්වීමෙන් පසු, නිකරගුවාවේ. තරුණයින් 5,000 ක් දක්වා ළඟා වන පුහුණු වැඩසටහන් USAID විසින් ආරම්භ කරන ලදී. පසුව, ඒ පුහුණුව ලැබූ බොහෝ දෙනෙක් 2018 දී කුමන්ත්‍රණ උත්සාහයකට සම්බන්ධ වූහ.

මානව හිමිකම් සහ මාධ්‍ය සංවිධාන

තවත් උපක්‍රමයක් වන්නේ එක්සත් ජනපද සතුරන් ලෙස සැලකෙන දේශපාලන නායකයින් අඩපණ කිරීමයි. 2004 දී, USAID " ප්‍රාදේශීය ආණ්ඩු ශක්තිමත් කිරීමේ" සහ ප්‍රගතිශීලී ජාතික රජය දුර්වල කිරීමේ අරමුණින් බොලිවියානු සංවිධාන 379 කට අරමුදල් සැපයීය.

2007 දී "විමධ්‍යගත කරණය ' පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රාදේශීය නගරාධිපතිවරුන් 50 දෙනෙකු සමඟ සමුළුවක් පැවැත්වීම සහ ජනාධිපති චාවේස්ට සහ ඔහුගෙන් පසුව ජනාධිපති නිකොලස් මධුරෝට එරෙහිව " ජනප්‍රිය ජාල * නිර්මාණය කිරීම ඇතුළුව වෙනිසියුලාවේ ද ඒ හා සමාන කාර්යයක් කළේය. Juan Guaidó ගේ ස්වයං ප්‍රකාශිත "අන්තර් කාලීන ජනාධිපති ධුරයට ” සහාය දැක්වීම සඳහා USAID ඩොලර් මිලියන 116 ක් පවා වියදම් කළේය.

ඒ හා සමානව, නිකරගුවාව එහි 2021 මැතිවරණයේ විශ්වසනීයත්වයට පහර දීමට අදහස් කරන ලද USAID වැඩසටහනක මාතෘකාව විය. එලෙසම. හොන්ඩුරාස් හි Xiomara Castro තේරී පත්වීමෙන් පසු. USAID විසින් "රජය වග වීමට " ප්‍රජාතන්ත්‍රවාදී පාලන වැඩසටහනක් ස්ථාපිත කළේය.

තමන්ට අනුකුල "මානව හිමිකම්" සංවිධාන නිර්මාණය කිරීම හෝ පවත්වාගෙන යාම ද USAID හි කාර්යයේ ප්‍රධාන අංගයකි. කොලොම්බියාවේ සෑම වසරකම වැය කරන ඩොලර් මිලියන 400 න් අඩක් එවැනි ආයතන සඳහා ය. USAID වාර්ෂිකව ඩොලර් මිලියන 200 ක් වැය කරන වෙනිසියුලාවේ, කොටසක් Provea වැනි විපක්ෂය කේන්ද්‍ර කරගත් 'මානව හිමිකම්" කණ්ඩායම් සඳහා ය. USAID නිකරගුවාවේ විපක්ෂය කේන්ද්‍ර කරගත් "මානව හිමිකම්" කණ්ඩායම් තුනටම අරමුදල් සැපයුවේ ඒවා වසා දැමීමට පෙර වන අතර, දැන් කොස්ටාරිකාවේ පිටුවහල් කිරීමේදී ඔවුන්ට සහාය දක්වයි.

අවසාන වශයෙන්, USAID විපක්ෂ මාධ්‍ය නිර්මාණය කරන්නේ හෝ පවත්වා ගෙන යන්නේ. ජෙෆ්රි සැක්ස් පැවසූ පරිදි, රජයක් පෙරලා දැමීමට ඉලක්ක කරන විට " ඉල්ලුම මත පැන නගින " බව පෙන්වමිනි. දේශ සීමා නොමැති වාර්තා කරුවන්" (එහි ප්‍රංශ මුලකුරු වලින් ගත් විට RSF) වාර්තා කළේ " ට්‍රප්ගේ විදේශ ආධාර ඒක රාශී කරගැනීම ලොව පුරා පුවත්පත් කලාව අවුල් ජාලයකට ඇද දමයි.” යනුවෙනි. USAID මාධ්‍ය ආයතන 707 ක් හරහා මාධ්‍යවේදීන් 6,200 කට වැඩි පිරිසකට අරමුදල් සපයන බව හෙළි විය. 2018 නිකරගුවාවේ කුමන්ත්‍රණ උත්සාහයට පෙර, USAID ප්‍රධාන විපක්ෂ මාධ්‍ය ආයතන සියල්ලටම සහාය දක්වමින් සිටියේය.

ස්වාධීන පුවත්පත් කලාවට " සහාය දැක්වීමට අදහස් කරන අතරේ. RSF සඳහා අරමුදල් සපයනු ලබන්නේ දැඩි ලෙසම උදාසීන බව පෙන්වන පාර්ශ්ව වන National Endowment for Democracy (NED), ජෝර්ජ් සොරෝස්ගේ Open Society Foundations සහ යුරෝපීය සංගමය විසිනි.

පොඩි කනගාටුවක් (?)

ඇමරිකා එක්සත් ජනපදය විසින් පීඩා කරනු ලැබූ ආණ්ඩු අතර ලතින් ඇමරිකාවේ USAID හි අභාවය පිළිබඳව සුළු කනගාටුවක් තිබිය හැක්කේ මේ නිසා ය. ඇත්ත වශයෙන්ම, වෙනිසියුලාවේ සහ නිකරගුවාවේ විපක්ෂ කණ්ඩායම් ඔවුන්ගේ අරමුදල් කප්පාදු කිරීමෙන් පසු "අර්බුදයක " සිටින බව පිළිගනී.

ට්‍රප්ගේ සගයා වන ජනාධිපති නයිබ් බුකෙල් පවා USAID ගැන සැක පහළ කරයි. "සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සඳහා සහාය දැක්වීම ලෙස අලෙවි කරන අතර, මෙම අරමුදල් වලින් බහුතරය විපක්ෂ කණ්ඩායම්, දේශපාලන න්‍යාය පත්‍ර සහ අස්ථාවර කිරීමේ ව්‍යාපාර සහිත රාජ්‍ය නොවන සංවිධාන වෙත යොමු කෙරේ."

USAID ඊනියා මානුෂීය ආධාර ආයුධයක් ලෙස භාවිත කර ඇති බවට සාක්ෂි අවිවාදිත ය. එහෙත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Marco Rubio ට අනුව, පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වොෂින්ටනය ඉලක්ක කර ඇත්තේ ලතින් ඇමරිකානු රටවල් - නිකරගුවාව, කියුබාව සහ වෙනිසියුලාව -"මනුෂ්‍යත්වයේ සතුරන්" ලෙස දක්වමිනි. ඊට ප්‍රතිචාර වශයෙන් වෙනිසියුලානු විදේශ අමාත්‍ය Yvan Gil ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, "මනුෂ්‍යත්වයේ එකම සතුරන් වන්නේ, ඔවුන්ගේ යුද යන්ත්‍රෝපකරණ සහ අනිසි යෙදවීම සමඟින්. දශක ගණනාවක් තිස්සේ ලෝකයෙන් භාගයක අවුල් සහගත හා දුක්‍ඛිතභාවය වැපිරූ අය * බවයි.

කණගාටුවට කරුණක් නම්, USAID මෙම අනිසි යෙදවීම්වලට විරුද්ධ වීමට වඩා ඒවාට දායක වී ඇත. USAID හි තාවකාලිකව වසා දමා තිබෙන නමුත්, අධිරාජ්‍යයේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම වෙනත් සහ සමහර විට අප්‍රකට ආකාර වලින් නිසැකවම අඛණ්ඩව පවතිනු ඇත.

Roger D. Harris සහ John Perry විසින් Counter Punch වෙබ් අඩවියට ලියන ලද The Demise of USAID: Few Regrets in Latin America ලිපිය ඇසුරෙනි.

- ප්‍රභාත් චින්තක මීගොඩගේ

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.