කාන්තා අයිතිවාසිකම් පිළිබද ගෝලීය නායක සමුළුව චීන ජනපති ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ..
කාන්තා අයිතිවාසිකම් පිළිබද ගෝලීය නායක සමුළුව (Global Leaders’ Meeting on Women) චීන ජනපති ෂී ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 13 වැනිදා චීනයේ බීජිංහිදී පවත්වනු ලැබීය.
එහිදී එම සමුළුව අමතමින් අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා ගතවූ කාලය තුළ චීනයේ කාන්තාව අත්කරගෙන ඇති ප්‍රගතියත්, ලෝක මට්ටමින් කාන්තා අයිතීන් සුරැකීම සදහා චීනය දක්වන දායකත්වය ගැනත් කරුණු අනාවරණය කළේය.
අද වන විට, ස්ත්‍රී-පුරුෂ සමානත්වය ජාත්‍යන්තර සමාජයේ පිළිගත් එකඟතාවක් බවට පත්ව ඇත. නූතන ලෝකයේ කාන්තාවන් විශාල පිරිසක් සෑම ක්ෂේත්‍රයකම ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට පැමිණ ගෝලීය ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් සපයති. මීට සමගාමීව අද චීන කාන්තාව එරට සමාජ ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගයක් ලෙස කටයුතු කරයි. චීනය මිනිස් ඉතිහාසයේ විශාලතම දුප්පත්කමට එරෙහි අරගලය ජය ගත් අතර, එමඟින් කාන්තාවන් මිලියන 690කට මධ්‍යම මට්ටමේ ආර්ථික සම්පත් සහ සුභසාධන තත්ත්වයක් ලබා දීමට සමත් වී තිබේ. චීනයේ සේවා ශක්තියෙන් 40%කට වැඩි ප්‍රමාණයක්, අන්තර්ජාල නව සමාගම් පිහිටුවූ අධ්‍යක්ෂිකාවන්ගේ 50%කට වැඩි ප්‍රමාණයක්, සහ ගතවූ සමර් ඔලිම්පික් තරඟ 4ක දී සම්මාන ලැබූ අයගේ 60%කට වැඩි ප්‍රමාණයක් කාන්තාවෝ වෙති. 1995 සිට මේ දක්වා මාතෘ මරණ අනුපාතය සියයට 80කින් අඩු කර ඇති අතර, මාතෘ සහ ළමා සෞඛ්‍යයේ මූලික දර්ශකයන් අනුව චීනය අද උසස් මධ්‍ය ආදායම් රටවල් අතරට පැමිණ ඇත. 2000 වසර වන විට අවුරුදු 73.3ක්ව පැවති චීන කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව 2025 වන විට 80.9 දක්වා වර්ධනය වී තිබේ. චීන කාන්තාවන් විශාල පිරිසක් අද රාජ්‍ය හා සමාජ පාලනයේ සම්පූර්ණ ක්‍රියාවලියටම සක්‍රීයව සම්බන්ධ වී සිටිති.
එයට අමතරව, චීනය තම සංවර්ධනය මගින් ගෝලීය කාන්තා අයිතිවාසිකම් හා සමානාත්මතාව සුරැකීම සඳහාද සුවිශේෂී දායකත්වයක් සපයන අතර ඉදිරි වසර පහ තුළ
1. එක්සත් ජාතීන්ගේ කාන්තා ආයතනයට (U.N. Women) අමතරව ඩොලර් මිලියන 10ක පරිත්‍යාගයක් ලබාදීම.
2. ජාත්‍යන්තර සංවිධාන හා එක්ව කාන්තා සහ දැරියන් ඉලක්ක කරගත් සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා, චීනයේ ගෝලීය සංවර්ධන හා දකුණු-දකුණු සහයෝගීතා අරමුදලෙන් ඩොලර් මිලියන 100ක කොටසක් වෙන් කිරීම.
3. චීන සහාය යටතේ කාන්තාවන් හා දැරියන් ප්‍රමුඛ ප්‍රතිලාභීන් වන ජීවිකා වැඩසටහන් 1,000ක් ආරම්භ කිරීම.
4. හුවමාරු සහ පුහුණු වැඩසටහන් සඳහා විවිධ රටවල කාන්තාවන් 50,000කට චීනයට ආරාධනා කිරීම.
5. “කාන්තා හැකියාවන් සංවර්ධන ගෝලීය මධ්‍යස්ථානයක්” ස්ථාපනය කිරීම — මෙහි අරමුණ වන්නේ අදාල රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සමඟ එක්ව හැකියාවන් වර්ධනය කිරීම සහ සංවර්ධන සහයෝගීතා ක්‍රියාකාරකම් සිදු කරමින් වැඩි කාන්තා ප්‍රවීණයන් පුහුණු කිරීම.
යන ඉලක්ක කරා ළගාවීමට අපේක්ෂා කරන බව ෂී ජින් පින් මහතා මෙහිදී අවධාරණය කළේය.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්