නීතිඥ – පොලිස් ගැටුම සමථ මණ්ඩලයට..
පසුගිය ඔක්තෝබර් 10 වැනි දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමීය තුළදී පොලිස් නිලධාරියෙකුට නීතිඥවරයෙකු විසින් බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ විශාල ලෙස හුවමාරු විය.
එහිදී අදාළ පොලිස් නිලධාරියා විසින් නීතිඥවරකුට පහර දුන් බවට චෝදනා කරමින් නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් කරන චෝදනාවක් එම වීඩියෝවේ අන්තර්ගත විය.
පසුව චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද එනම් ඔක්තෝබර් 13 දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
ඒ අනුව නඩුව නැවත කැඳවීම අද දිනයේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු වූ අතර සැකකාර පොලිස් නිලධාරියා රු. ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් විසින් නියෝග කරන ලදී.
එමෙන් ම එහි ඉදිරි කටයුතු සඳහා සමථ මණ්ඩලය වෙත යොමු කිරීමට ද නියෝග කර තිබේ.
මේ අතර ඇප ලබා අධිකරණ භූමියෙන් පිටතට පැමිණි පොලිස් නිලධාරියා පිළිගැනීමට ද පිරිසක් අධිකරණ භුමිය අසල එක්රැස් වී සිටියහ.
ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කළ නිල නිවේදනයක දැක්වෙන්නේ 2025 ඔක්තෝබර් 10 වන දින ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇතිවූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට පැමිණිල්ලක් ලැබීමෙන් පසුව එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව ය.
එම නිවේදනය නිකුත් කර තිබෙන්නේ ඔක්තෝබර් 11 වන දින ය.
එමෙන් ම සමාජ මාධ්‍යයේ හුවමාරු වූ වීඩියෝවක නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් ඒ මොහොතේ පොලිස් නිලධාරීන් හට බැණ වදින ආකාරය දැක්වේ.
එහිදී එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලෙස ඔහු පොලිස් නිලධාරීන්ට පවසන අතර, පොලිස්පතිවරයා විය හැකි අයෙකු ඇමතීමට උත්සහ කරන ආකාරයක් දැක්වේ.
ඒ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරන බවට පවසමින් ය.
අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනුණේ ඒ අනුව ය.
ඉන්පසුව ශ්‍රී ලංකා පොලිසිය විසින් ඔක්තෝබර් 12 වන දින නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කිසිඳු මැදිහත්වීමක් සිදු කර නොමැති බව යි.
“මෙම සිද්ධිය පොලිස්පතිවරයා දැන ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර කිසිඳු විටෙක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිතුමා විසින් නියෝගයක් ලබාදී නොමැත. නමුත් පොලිස්පතිතුමන් විසින් ඉහත නිලධාරින් අමතන විට ත් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර ගුණරත්න වන්නිනායක නීතිඥවරයාගේ බොරලැස්ගමුවේ පිහිටි නිවසට ද ඊයේ දින පොලීසිය විසින් පැමිණ තිබිණි.
– BBC
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..