ඇමති මණ්ඩලය සංශෝධනයෙන් මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනය කැඩී ගිහින් - උදය ගම්මන්පිල..
අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබද පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සිය පක්‍ෂ මූලස්ථානයේදී මෙම අදහස් පල කලේය.
"අමාත්‍ය මණ්ඩලය පත් කරලා යන්තම් මාස 10ක් ගත වුණු විගස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීම හරහා මේ ඇමති මණ්ඩලයට වැඩ බැරි බවට අපි කළ චෝදනාව පිලිගැනීම ගැන ජනාධිපතිතුමනි ඔබට බොහොම පිං.
විපක්ෂයේ සිටිය දී 2024 සැප්තැම්බර් 23 දින අතුරුදහන් වුණු අනුර දිසානායක මන්ත්‍රිතුමා ඇමති මණ්ඩල සංශෝධනයක් ගැන අදහස් දක්වමින් කිව්වේ ඔය කාඩ් කුට්ටමේ ඉන්නේ ජෝකර්ලා විතරක් නිසා කොච්චර ඇනුවත් අන්තිමට දාන්න වෙන්නේ ජෝකර් කාඩ් එකක් විතරයි කියලා. එතුමා අද අතුරුදහන් නිසා එතුමා වෙනුවෙන් මට කියන්න තිබෙන්නෙත් ජෝකර්ලා 159ක් ඉන්න කාඩ් කුට්ටම කොච්චර ඇනුවත් දාන්න වෙන්නේ ජෝකර්ලා විතරයි කියලා.
මාලිමා ආණ්ඩුවක නියෝජ්‍ය ඇමතිවරු ඉන්නේ 25ක් පමණයි කියලා මැතිවරණ ප්‍රකාශනයේ 194 පිටුවේ තිබෙනවා. නමුත් දැන් නියෝජ්‍ය ඇමතිවරු ගණන 30 දක්වා ඉහළ ගිහින් තිබෙනවා. ඒ නිසා මේ ඇමති මණ්ඩල සංශෝධනය හරහා ඇමතිවරු සීමා කිරීම ගැන දුන් පොරොන්දුවත් තවත් එක් පචයක් බවට පත් කරලා තිබෙනවා.
බහාලුම් 323 වංචාව පිළිබඳ අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කිරීමේ දී අපි කොමිසමට කිව්වා බහාලුම් පරික්ෂා නොකර නිදහස් කිරීමට උපදෙස් දුන් බිමල් රත්නායක ඇමතිතුමාව මුලින්ම ප්‍රශ්න කළ යුතුයි කියලා. එතුමා මේ බහාලුම් නිදහස් කිරීමට උපදෙස් දුන් බව එවකට හිටිය රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කරපු නිසා. ඒ වගේම අපි කිව්වා විමර්ශනය ස්වාධීනව සිදු වෙන්න නම් වරාය විෂය බිමල් ඇමතිතුමාගෙන් ඉවත් කළ යුතුයි කියලා. මාස නවයකට පස්සේ හරි අපේ ඉල්ලීමට ඇහුම්කන් දීම පිළිබඳ ජනාධිපතිතුමාට ප්‍රණාමය පුද කරනවා. එහෙම ඉවත් නොකලා නම් බිමල් ඉවත් කරනු කියන එක විපක්ෂයේ සටන් පාඨය වෙන බව ජනාධිපතිතුමා දන්නවා.
රංග දිසානායක මහතාට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ලබා දීමට බිමල් ඇමතිතුමා ව්‍යවස්ථාදායක සභාව බොරු කියලා නොමග යැව්වා කියලා මහචාර්ය දිනේෂා සමරරත්න මැතිනිය ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයකින් දැනුම් දී තිබෙනවා. ඒ නිසා ව්‍යවස්ථාදායක සභාවේ විශ්වාසය භංග කර ගත් බිමල් ඇමතිතුමාව එතැනින් ද ඉවත් කළ යුතු බව අපි ජනාධිපතිතුමාට සිහිපත් කරනවා.
1994 සිට පාර්ලිමේන්තුවේ සිටින ජවිපෙ ජනාධිපති අපේක්ෂක නිහාල් ගලප්පත්ති මන්ත්‍රිතුමාටත් 2004 සිට පාර්ලිමේන්තුවේ ඉන්න ලක්ෂ්මන් නිපුණආරච්චි මැතිතුමාටත් අඩුම ගණනේ නියෝජ්‍ය ඇමතිකමක්වත් දෙන්න මෙවරත් කටයුතු කරලා නෑ. ජනාධිපතිකමට සුදුසු ගලප්පත්ති මන්ත්‍රිතුමා නියෝජ්‍ය ඇමතිකමකට නුසුදුසු වුණේ කොහොමද කියන එක අපි ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..