පස් වන සමාලෝචනයට IMF විධායක මණ්ඩල අනුමැතියට කොන්දේසි 2ක්..

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ පස්වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්ය මණ්ඩලය මට්ටමේ එකඟතාවකට එළඹි අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම පස්වන සමාලෝචනය අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 347 ක පමණ මූල්‍ය පහසුමක් ලබා ගැනීමට ප්‍රවේශය ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (09) ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ පස්වන සමාලෝචනය සඳහා එම අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් ප්‍රධාන කොන්දේසි දෙකක් ඉටු කළ යුතු බව එම අරමුදල පවසා තිබිණි.
මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව 2026 අයවැය සකස් කර සම්මත කරගැනීම, බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමග ප්‍රමාණවත් ප්‍රගතියක් තක්සේරු කිරීම සඳහා මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම යන කරුණු දෙක ශ්‍රී ලංකාව විසින් සැපිරිය යුතු වේ.
විධායක මණ්ඩල සමාලෝචනය අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 347 ක් පමණ මුදලක් ලැබෙන අතර එමගින් මෙම ණය ගිවිසුම යටතේ ලබා දෙන මුළු අයිඑම්එෆ් මූල්‍ය ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.04 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව ද එම අරමුදල පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව එළඹ ඇති විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ පස්වන සමාලෝචනය සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹි බව දැනුම් දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පැවැති අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අයිඑම්එෆ් විධායක මණ්ඩල අනුමැතියට යටත් වීම මේ කරුණු මත රඳා පවතින බව එහිදී සඳහන් කෙරුණි.
මේ මාධ්‍ය හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Martha Woldemichael ද එක්ව සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..