ජිනීවා යෝජනාව දිනන්න බැරි බව දැනගෙන හිටියා.. සල්ලි වියදම් කරගෙන ඡන්ද හොයාගෙන ගියේ නෑ.. - ඇමති විජිත
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාවක් ජයග්‍රහණය කරන ලද්දේ 2010 වසරේ පමණක් බව විදේශ ඇමති විජිත හේරත් මහතා පවසයි.
එම යෝජනාවද ශ්‍රී ලංකා රජය පැත්තෙන් ශ්‍රී ලංකා රජය විසින්ම ගෙන ආ යෝජනාවක් යයිද පැවසූ ඔහු ඉන් පසු ගෙන ආ සියලු යෝජනා ඡන්ද විමසීමට සිදුවූ යොමු කළ අවස්ථාවල පරාජයට පත්ව ඇති බවද හෙතෙම කියා සිටී.
සාමූහික වශයෙන් යුරෝපා රටවල් එක් මතයක සිටින බැවින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනා පරාජයට පත් කිරීම ඉතා විරල බවද හෙතෙම කියා පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ලැබෙන ඡන්ද ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩුවන බව නිරීක්ෂණය වන බවද ඒ මහතා පැවසුවේය. ස්ථාවරයක් ප්‍රකාශයට පත් නොකරන රටවල් ගණණද ඉහළ ගොස් ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
නමුත් මෙහිදී විමතියට කරුණු වන්නේ පැවති රජයන් එම යෝජනාවන් පරාජයට පත්වන බව දැන දැනත් මහජන ධනය ඒ වෙනුවෙන් වියදම් කිරීම් බවත් පැවසූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ඡන්ද ලබාගැනීම සඳහා මෙරට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිස් එම රටවල සංචාර කළ බවද හෙතෙම චෝදනා කළේය.
එවන් තත්ත්වයක් යටතේ ඡන්දයක් ඉල්ලීමෙන් සිදුවන්නේ දැනටමත් ජාත්‍යන්තරීකරණය වී ඇති ප්‍රශ්නය දේශීය වශයෙන් විසඳා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවීම බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසම් සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කිරීම ගැන අද පාර්ලිමේන්තුවේදී විෂය විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ අදහස් පළ කළේය.
- lankacnews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..