බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න හදනවා.. - නාමල් රාජපක්ෂ
වත්මන් ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ පැල්මඬුල්ල, බෝපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.
“ජනාධිපතිතුමා ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා ඇවිල්ලා හරියන්නෙ නෑ. රට යන එක හොඳයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ, රාජ්‍ය නායකයා රට නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළුවලට යන්න ඕනෙ. අපි ඔවුන් හිටපු මානසිකත්වයේ නෑ. හැබැයි ජාත්‍යන්තර සමුළුවකට යනකොට, ඒ රාජ්‍ය නායකයො මුණගැහෙනකොට ඒවායින් අපිට ලැබෙන ප්‍රතිඵල ගැනත් කියන්න ඕනෙ.
හොරාට ගිවිසුම් අත්සන් කරලා කඩේ වහලා ඉන්න එපා. දැන් සමහර රටවල් එක්ක ආණ්ඩුව හොර ගිවිසුම් අත්සන් කරලා තියෙනවා කියලා ආණ්ඩුවෙන්ම කියලා තියෙනවා ගිවිසුම දෙන්න බෑ කියලා. දෙන්න බැරිනම් ඒකෙ හංගන්න දෙයක් තියෙනවානෙ ? ඇයි කොලේ වහලා දේශපාලනය කරන්නෙ?
දැන් මේ ආණ්ඩුවට වැඩ බැරිවෙනකොට ආණ්ඩුව උත්සාහ කරනවා අපේ කටවල් වහන්න, හිරගෙවල් පෙන්වන්න, ජීවිතේ නැතිකරන්න. ඒවාට බයේ දේශපාලනය කරන්නෙ නැහැ අපි. බොරු සාක්ෂි හදලා අපිව හිරගෙවල්වල දාන්න උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නෙ නෑ.
මොකද අපි දන්නවා හෘදසාක්ෂියට එකඟව අපි වැරැද්දක් කරලා නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න, අනවශ්‍ය ඇඟිලි ගැසිලි නවත්වන්න, දේශපාලනීකරණය නවත්වන්න.
මේ ආයනවල ව්‍යුහගන්ගේ ගෞරවය, නිලධාරීන්ගේ ගෞරවය කෙළසන්න එපා. මොකද ආණ්ඩුව රෑට නින්දට යනකොට හීනයක් දකිනවා, ඒ හීනෙ දකින කෙනා බලලා පහුවදා නඩුවක් හදනවා. වැඩිපුරම හීනෙන් පේන්නෙ මාවයි තාත්තාවයි. ඒකයි ප්‍රශ්නෙ. අනේ මංදා ඇයි කියලා”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..