අම්පාරෙන් වාර්තා වූ හඳුන්කූරු පිරමීඩ ජාවාරම ගැන දකුණෙනුත් පැමිණිලි..
අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ හඳුන්කූරු පිරමීඩ ජාවාරම සම්බන්ධයෙන් තවත් ප්‍රදේශ කිහිපයකින් පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි.
දැනට අම්පාර, දමන, උහන ඇතුලු ප්‍රදේශ කිහිපයකින් මෙම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇති අතර දකුණු පළාතේ බෙලිඅත්ත සහ තංගල්ල යන ප්‍රදේශවලින් ද මෙම ජාවාරමට හසුවූවන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ.
යම් පුද්ගලයෙකු විසින් මුල් අදියර යටතේ රුපියල් 50,000 ක වැනි මුදලක් අදාළ ආයතනයේ තැන්පත් කිරීමෙන් පසු හඳුන්කූරු පෙට්ටි දහසක් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදී තිබෙනවා.
පසුව ඒවා නිෂ්පාදනය කර අදාළ ආයතනය වෙත ලබාදීමේදී රුපියල් 75,000 ක වැනි මුදලක් ලබාදී ඇති බව සඳහන්.
අනතුරුව එම ආයතනය විසින් ජනතාවට තැන්පත් කරන මුදල මෙන් දෙගුණයක් ද ලබාදීමටයි පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් ජනතාව අතර තොරතුරු හුවමාරු වීමත් සමඟ ඊට සම්බන්ධ වන පිරිස් ඉහළ ගොස් ඇති නමුත් එක්වරම ජනතාව මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී ඒවා ලබාදීමට නොහැකිවීමෙන් අදාළ ආයතනයේ නියෝජිතයින් මේ වන විට ප්‍රදේශවලින් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..