ජිනීවාහිදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඡන්දය නොවිමසාම සම්මත කෙරේ..
ඊයේ (06) දින, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට අදාළ 60-L 01 දරණ යෝජනාව කිසිදු ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
ෙයෝජනාව සම්බන්ධයෙන් ඡන්දයක් අවශ්‍යද යනුවෙන් කවුන්සිලයෙන් විමසීමක් සිදු කළ අවස්ථාවේදී, එයට ප්‍රතිචාර දක්වමින් කිසිදු රටක් ඡන්දයක් ඉල්ලා නොසිටීම හේතුවෙන්, මානව හිමිකම් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශ කළේ අදාළ යෝජනාව ඡන්දයකින් තොරව සම්මත වූ බවයි.
මෙම යෝජනාවේ යාවත්කාලීන කරන ලද කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 01 වන දින ඉදිරිපත් කරන ලද අතර, එහි ප්‍රධාන සම-අනුග්‍රාහකයන් ලෙස එක්සත් රාජධානිය, කැනඩාව, මලාවී ඇතුළු රටවල් පහක් කටයුතු කරයි. යෝජනාව මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය, වගවීම සහ සංහිඳියාව තහවුරු කිරීම පිළිබඳ කරුණු වෙතය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කරමින් ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය සමුළුව අමතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව විසින් අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරන බවයි.
විශේෂයෙන්ම, යෝජනාවට ඇතුළත් කර ඇති ඇතැම් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් සම්පූර්ණ එකඟතාවකට පැමිණීමට නොහැකි වීම ගැන ඇය කණගාටුව පළ කළාය.
මීට අමතරව, ශ්‍රී ලංකාව බලහත්කාරී ජාත්‍යන්තර ක්‍රියාමාර්ග පිළිගැනීමට සූදානම් නොවන බවත්, වගවීම සඳහා යෝජනා කර ඇති බාහිර යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ඇය අවධාරණය කළාය.
රජය විසින් සංහිඳියාව සහ මානව හිමිකම් ක්ෂේත්‍රයන්හි සැලකිය යුතු තීරණාත්මක පියවර කෙටි කලක් තුළ ගෙන ඇති බවත්, දේශීය සන්දර්භය තුළ ජාතික ක්‍රියාවලීන් ශක්තිමත් වෙමින් පවතින බවත් ඇය පෙන්වා දුන්නාය.
එබැවින්, වඩාත් සාධාරණ වන්නේ දේශීය ක්‍රියාවලීන් මගින් ජනතාවගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවට ඉඩ ලබා දීම බවද ශ්‍රී ලංකා නියෝජිතවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
යෝජනාව මගින් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආරම්භ කර ඇති ක්‍රියාදාමය තවත් අවුරුදු දෙකක කාල සීමාවකට දීර්ඝ කිරීමට තීරණය කර ඇත. මෙම දීර්ඝ කිරීමට අදාළ යෝජනාවට රටවල් 22ක් සම-අනුග්‍රාහකයන් ලෙස අත්සන් තබා සහයෝගය පළ කර තිබේ.
මෙම යෝජනාවේ යාවත්කාලීන කරන ලද කෙටුම්පත ඔක්තෝබර් පළමු වන දින ජිනීවා නුවරදී ඉදිරිපත් කරනු ලැබුවා.
යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහකයන් අතරට එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ඇතුළත් වන අතර, අනෙකුත් අතිරේක අනුග්‍රාහකයන්ගෙන් වැඩි දෙනෙක් යුරෝපීය රාජ්‍යයන් වීම විශේෂත්වයකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..