වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලියේදී සිදු වන දේශපාලණික මැදිහත්වීම්වලට විරෝධය පළකරමින් GMOA නිවේදනයක්.. උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටත් තීරණයක්..
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රෝහල් පරිපාලන කටයුතු සහ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලින්හට සිදු වන දේශපාලණික අතපෙවීම් පිලිබදව විරෝධතාවය තවදුරටත් තීව්‍ර කිරීම.
රටපුරා පවතින රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල පරිපාලන කටයුතු සහ සියලුම වෛද්‍යවරුන් කාණ්ඩ වල ස්ථානමාරු කටයුතු මේ වෙනතෙක් දේශපාලන බලපෑම් වලින් ස්වායක්තව නියමිත ක්‍රමවේදය ඔස්සේ, නීත්‍යානුකූල ආකාරයට සිදුවිය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අප සැමවිටම නිශ්චිත නීතිමය ක්‍රමවේදය අනුගමනය කරමින් සිදුකරන, වෛද්‍යවරුන් ගේ ස්ථානමාරු ක්‍රියාවලියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරිම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නෙමු.
නමුත් මේ වන විට දෙහිඅත්තකණ්ඩිය මුලික රෝහල මුල් කරගනිමින් මීට හාත්පසින්ම වෙනස් තත්වයක් උද්ගතවී ඇති අතර රෝහල් පරිපාලනය සහ වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලීන් උල්ලංඝනය කරමින් එම කටයුතු සදහා සෘජුවම දේශපාලනික මැදිහත් වීම් සිදුකරගෙන යන ආකාරයක් දක්නට ලැබේ.
මෙම ගැටලුව විසදීම සදහ පියවරගන්නා ලෙස දිගින් දිගටම අප විසින් සෞඛ්‍ය බලධාරීන්ට යෝජනා කලද ඔවුන් මේ සදහා කඩිනමින් විසදුම් ලබාදීම වෙනුවට අනවශ්‍ය ලෙස කල්මරමින් විසදුමක් ලබාදීම හිතා මතා කල් දමන බව අපට නිරීක්ෂණය වී තිබේ.
ස්ථානමාරු මණ්ඩල වල සහ අදාල පාර්ශවයන්ගේ එකගතා මත සිදුවිය යුතු වෛද්‍යරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය වෙනුවට, සියලු දුෂ්කරතා මධ්‍යයේ අඛණ්ඩ සෞඛ්‍ය සේවාවන් රටපුරා පවත්වා ගැනීමට කැපවී සිටින වෛද්‍යවරුන්ට අසාධාරණයක් වන ආකාරයෙන් දේශපාලණික අතපෙවීම් හරහා අනීතික සහ අත්තනෝමතික ලෙස සිදුකරන ස්ථානමාරුවීම් වලට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අපගේ දැඩි විරෝධය ප්‍රකාශකර සිටින්නෙමු.
එමෙන්ම මෙම විරෝධතාවය පිලිබදව ඉදිරි කටයුතු සහ දැනට අම්පාර දිස්ත්‍රික්කයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුල ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිලිබදව සාකච්ඡා කිරීම සදහා හදිසි විධායකය කමිටු රැස්වීමක් හෙට, 2025.10.07 දින උදෑසන 9 ට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට තීරණය කර ඇත.
එහිදි ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමර්ග සහ දැනට අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකවන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමස්ථ නැගෙනහිර පලාතම ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට අදාල තීරණාත්මක තීන්දු තීරණ වලට එලබීමට නියමිතය. මෙයට සමගාමීව හෙට දිනයේ නැගෙනහිර පලාතේ සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු ද සූදානම් කෙරෙමින් පවතී.
මේ හරහා වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලීන් දේශපාලණීකරණය කිරීම වැලැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අතිගරු ජනාධිපතිතුමන්, සෞඛ්‍ය අමාත්‍යතුමන් සෞඛ්‍ය ලේකම්තුමන් සහ සමස්ත සෞඛ්‍ය බලධාරීන්ටත් දැඩි ලෙස අවධාරණය කර සිටින්නෙමු.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුලින් යම් සේවා බිදවැටීමක් හෝ මහජන අපහසුතාවයක් ඇතිවන්නේනම්, එහි පූර්ණ වගකීම මෙම දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ගැටලුව සදහා සාධනීය විසදුමක් දීමට මැලි වන සහ අපොහොසත් වන සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් බාරගත යුතු බවටද සිහි කැදවීමට කැමැත්තෙමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..