News Category
From Date
To Date
Maximum Number of Result

2010 සිට 2020 දක්වා බ්‍රිතාන්‍ය අනුගමනය කළ LGBTQIA විෂය මාලාව නිසා බ්‍රිතාන්‍ය දරුවන් 500,000 ක් ව්‍යාකූලත්වයට පත් වෙයි. ශ්‍රී ලංකාවේ මිලියන 4.2 ක දරුවන්ට මෙම ඛේදවාචකය්ට මුහුණ දීමට ඉඩ නොදෙමු!

Oct 6, 2025 at 12:04 PM
|

පාසල්වල “ඇතුළත් කිරීම” සහ “ලිංගික විවිධත්වය” ආඩම්බරයෙන් ප්‍රවර්ධනය කළ රටවල් මේ වන විට පසුබසිමින් සිටී. බ්‍රිතාන්‍ය දරුවන් 500,000 කගේ ජීවිත විනාශ කිරීමෙන් පසු එක්සත් රාජධානිය එම ආපසු හැරීමට නායකත්වය දෙනු ලැබ තිබේ. එය “හිරිහැර කිරීම අවසන් කිරීමේ” ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ අතර නිහඬව දරුවන්ට තමන්ගේම ලිංගිකත්වය ප්‍රශ්න කිරීමට, ජීව විද්‍යාත්මකව ලැබී ඇති ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රතික්ෂේප කිරීමට සහ දෙමාපියන් විශ්වාස කිරීමට සහ වටිනාකම් වලින් ඈත් වීමට ඉගැන්වූ ව්‍යාපාරයක් බවට පත් විය. 2010 සහ 2020 අතර, එක්සත් රාජධානියේ රජය විදේශ අරමුදල් සපයන රාජ්‍ය නොවන සංවිධාන සහ ක්‍රියාකාරී කණ්ඩායම්වලට “LGBTQIA  අයිතිවාසිකම්” යන ධජය යටතේ බ්‍රිතාන්‍ය පාසල් ප්‍රතිපත්ති නැවත ලිවීමට ඉඩ දුන්නේය. ගුරුවරුන් නැවත පුහුණු කරන ලදී, විෂයමාලා නැවත ලියන ලදී, සහ වයස අවුරුදු පහක දරුවන්ට “වැරදි ශරීර කූඩුවක උපත ලැබීම” සාමාන්‍ය දෙයක් බව දන්වන ලදී. ශ්‍රී ලංකා රජය මෙම වැඩසටහනම දියත් කිරීමට උත්සාහ කරමින් සිට්යි.

මෙම ඉගැන්වීම් ක්‍රියාත්මක කළ බ්‍රිතාන්‍ය රජය ඒවා හානිකර, විද්‍යාත්මක නොවන සහ දරුවන්ට නුසුදුසු බව ප්‍රකාශ කර ඇත. බ්‍රිතාන්‍ය දෙමාපියන්, ගුරුවරුන් සහ වෛද්‍යවරුන් සමස්ත ළමා පරම්පරාවකටම සිදු වූ මානසික හා ශාරීරික හානිය පිළිබඳව අනතුරු ඇඟවීමක් කර ඇත.  බ්‍රිතාන්‍ය රජය ප්‍රතිපත්තිය ආපසු හරවනු ඇති නමුදු බ්‍රිතාන්‍ය දරුවන් 500,000 කට සිදු වූ හානිය ආපසු හැරවිය නොහැක.

ශ්‍රී ලංකාවේ මෙම අසාර්ථක අත්හදා බැලීම දියත් කිරීමට අපට ඉඩ දිය නොහැක්කේ එබැවිනි.

ආනයනික DEI හෙවත් විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම නම් ආකෘති යටතේ සමාන “ඇතුළත් කිරීම” සහ “ලිංගික අධ්‍යාපනය” අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවට එල්ල වන පීඩනයකට මුහුණ දෙන බැවින්, අපගේ දරුවන් එම හානියට නිරාවරණය වීමට පෙර අපි විරාමයක් ගෙන එක්සත් රාජධානියේ අත්දැකීම් වලින් ඉගෙන ගත යුතුය.

2015 සහ 2022 අතර, එක්සත් රාජධානියේ පාසල් සිසුන් මිලියන 9 කට අධික සංඛ්‍යාවකට “ඇතුළත් කිරීමේ” පාඩම් වල කොටසක් ලෙස ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදය ඉගැන්වීය.

වසර කිහිපයක් ඇතුළත, අවම වශයෙන් 20,000-25,000 ක් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ වෛද්‍ය යොමු කිරීම් සඳහා යවන ලද අතර, තවත් ළමුන් මිලියන භාගයක් ව්‍යාකූලත්වය, කාංසාව හෝ පීඩාවේ සලකුණු පෙන්නුම් කළහ.

එතැන් සිට එක්සත් රාජධානියේ රජය ටැවිස්ටොක් සායනය (ටැවිස්ටොක් මානව සබඳතා ආයතනය යනු කණ්ඩායම් හැසිරීම් අධ්‍යයනය කිරීම සඳහා විශේෂිත වූ බ්‍රිතාන්‍ය ලාභ නොලබන පර්යේෂණ සහ උපදේශන සංවිධානයකි.) වසා දමා, ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදය ඉගැන්වීම සීමා කර ඇති අතර, මෙම පාඩම් වයසට ගැළපෙන නොවන බවත් හානියක් සිදු කළ බවත් පිළිගෙන තිබේ.

1) බ්‍රිතාන්‍යයේ LGBTQIA ව්‍යසනය  ආරම්භ වූ ආකාරය

අ )2010–2015 පමණ වන විට, එක්සත් රාජධානියේ රජය LGBTQIA අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ අනන්‍යතා අධ්‍යාපනය යන ධජය යටතේ පාසල්වල “ඇතුළත් කිරීම සහ විවිධත්වය” ප්‍රවර්ධනය කිරීම ආරම්භ කළේය.

ආ )මෙය new Relationships and Sex Education" හෙවත් නව සබඳතා සහ ලිංගික අධ්‍යාපනය RSE) හරහා සිදු විය.

ඇ)  RSE “හිරිහැර කිරීම” අඩු කිරීමට සහ පාසල් “ආරක්ෂිත අවකාශයන්” බවට පත් කිරීමට උපකාරී වන බව පැවසූ රාජ්‍ය නොවන සංවිධාන, ක්‍රියාකාරී කණ්ඩායම් සහ විදේශ අරමුදල් සපයන සංවිධාන විශාල සහයෝගයක් අත්පත් කරගත් ව්‍යාපාරයක් විය.

ඈ ) 2020 වන විට, සියලුම බ්‍රිතාන්‍ය පාසල්වල සමලිංගික සබඳතා සහ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයද ඇතුළුව “විවිධ ආකාරයේ සබඳතා” පෙර පාසල් දරුවන්ට පවා ඉගැන්වීම අනිවාර්ය විය.

2) මෙම ප්‍රතිපත්ති මගින් ප්‍රායෝගිකව අදහස් කළ දේ

පාසල් වල දරුවන්න්ට අධ්‍යාපනය ලබා දීමේදී:

අ ) වයස අවුරුදු 5 ක් තරම් කුඩා දරුවන්ට “වැරදි ශරීරයක උපත ලැබිය හැකි” බව ඉගැන්විය යුතු යැයි පාසල්වලට අණ කර ලැබුවේය.

ආ )ලිංගභේදය යනු “වර්ණාවලියක්” බව පැහැදිලි කිරීමට  “The Genderbread Person” ("Gingerbread Man" යනු මිනිසුන්ගෙන් පලා යන විස්කෝත්තුවක් පිළිබඳ ඇමරිකානු සුරංගනා කතාවකි, අවසානයේ හිවලෙකු විසින් එම විස්කෝත්තුව අනුභව කරනු ලැබේ.) හෝ “ථෙ ඝෙන්ඩෙර් Uනිcඔර්න්” වැනි කාටූන් භාවිතා කරීමට අණ කරනු ලැබිණි.

ඇ ) “පිරිමි ළමයා” සහ “ගැහැණු ළමයා” වැනි වචන “ඉගෙන ගන්නන්” හෝ “මිතුරන්” ලෙස ප්‍රතිස්ථාපනය කිරිමට අණ කෙරුණි.

ඈ )දෙමාපියන්ට දැනුම් දීමකින් තොරව නව නම් හෝ සර්වනාම තෝරා ගැනීමට දරුවන්ට ඉඩ දෙන ලෙස අණ කෙරුණි.

ඉ ) ගුරුවරුන්ට “ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සංවේදීතාව” පුහුණුවට සහභාගී වීමට සැලැස්විය යුතු අතර ඔවුන් දරුවා කැමති සර්වනාම භාවිතා නොකළහොත් පැමිණිලි වලට මුහුණ දිය යුතුය.

ඊ ) සියළුම පන්ති කාමරවල එනම් පෙර පාසල් වල පවා Pride Flag (Pride Flag යනු LGBTQ  ප්‍රජාවේ හෝ එහි කොටසක් නියෝජනය කරන ඕනෑම ධජයකි. මෙම අවස්ථාවේ දී ආඩම්බරය යනු  LGBTQ   ආඩම්බරය පිළිබඳ සංකල්පයයි.) හෙවත් ආඩම්බර කොඩි සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ පෝස්ටර් ප්‍රදර්ශනය කළ යුතුය.

2.1) බ්‍රිතාන්‍ය දරුවන්ට සැබැවින්ම ඉගැන්වූ පාඩම්

i ) ප්‍රාථමික පාසල්වල (වයස 5–10):

අ ) “ඔබට පිරිමි ළමයෙකුගේ ශරීරයක් තිබිය හැකි නමුත් ගැහැණු ළමයෙකුගේ මොළයක් තිබිය හැකියි.” ඒ අනුව “ඔබ ඇත්තටම කවුදැයි දැනගත හැක්කේ ඔබට පමණි” යනුවෙන් දරුවන්ට උගන්වන ලැබුවේය.

ආ ) “පිරිමි ළමයින්ට දරුවන් වැදිය හැකිය” සහ “ගැහැණු ළමයින්ට පුරුෂ ලින්ගේන්ද්‍රියන් තිබිය හැකිය” යනුවෙන් පවසන ගීත සහ කථා සිසුන් ඉගෙන ගත්හ.

ඇ ) “ඔහු” හෝ “ඇය”— වෙනුවට “ඔවුන්” හෝ “මිතුරන්” යන වචන භාවිතා කරන ලෙස ගුරුවරුන්ට උපදෙස් දෙන ලදී.

ඈ )ජුනි මාසයේදී පමණක් නොව, පන්ති කාමරවල ආඩම්බර කොඩි සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සංකේත වසර පුරා ප්‍රදර්ශනය කරන ලදී.

ඉ ) “ටෙඩි හඳුන්වා දීම” (ලිංගභේදය වෙනස් කරන ටෙඩි බෙයාර්) සහ “ජූලියන් සුරංගනාවියක්” වැනි කතන්දර පොත් මුල් සාක්ෂරතා පාඩම්වල කොටසක් බවට පත් කරන ලදී.

ඊ ) ළමයින්ට විවිධ ඇඳුම් ඇඳීමට ඉඩ දී  “තමන්ගේ ලිංගික අනන්‍යතාවයට වඩාත් සුදුසු වන්නේ කුමක්දැයි තෝරා ගන්නා” ලෙස උගන්වන ලද්දේය.

උ ) “ලිංගභේදයෙන් තොර වැසිකිළි කැසිකිළි පද්ධති” හඳුන්වා දුන් අතර, එය දෙමාපියන්ගෙන් සහ සිසුන්ගෙන් පීඩා   සහ පැමිණිලි ඇති කිරීමට හේතු විය.

ii )ද්විතීයික පාසල්වල (වයස අවුරුදු 11–16):

අ ) දෙමාපියන්ගේ අනුදැනුමකින් තොරව, දරුවෙකුගේ ප්‍රකාශිත ස්ත්‍රී පුරුෂ භාවය සත්‍යයක් ලෙස සලකන ලෙස ගුරුවරුන්ට  උපදෙස් දෙන ලදී.

ආ ) “උපතේදී ලිංගිකත්වය පවරනු ලබන බව” සහ “ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ හැඟීම කලින් කලට වෙනස් විය හැකි” බවට පාඩම් ඉගැන්වීය.

ඇ ) සමහර පාසල් සිසුන්ගෙන් පන්තිය ආරම්භයේදී ඔවුන්ගේ “සර්වනාම” ලැයිස්තුගත කරන ලෙස ඉල්ලා සිටියේය (උදා: “ඇය/ඇය,” “ඔවුන්/ඔවුන්”).

ඈ ) පංතියේ පෙන්වන වීඩියෝ මගින් වෛද්‍යවරයෙකුගේ හෝ දෙමාපියන්ගේ මඟ පෙන්වීමකින් තොරව දෙමාපියන්ට “තමාගේ පපුව බැඳ ගන්නේ” හෝ “ආරක්ෂිතව පිටතට එන්නේ” කෙසේද යන්න පැහැදිලි කරන ලදී.

ඉ ) එකඟ නොවූ සිසුන් “ට්‍රාන්ස්ෆෝබික්” ලෙස හැඳින්වූ අතර “ඇතුළත් කිරීමේ උපදේශනය” සඳහා යවන ලදී.

ඊ ) “වැරදි සර්වනාමය” භාවිතා කිරීම සම්බන්ධයෙන් ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදු විය.

උ ) ජීව විද්‍යා ගුරුවරුන්ට “ගැහැණු ළමයින්” වෙනුවට “ඔසප් වන පුද්ගලයින්” යැයි පැවසීමට සිදු විය.

ඌ ) සමහර පාසල් “ස්ත්‍රී පුරුෂ භාවය යනු හැඟීමක් මිස සත්‍යයක් නොවේ” යැයි ප්‍රකාශ කළ ක්‍රියාකාරී කථිකයින්ට දේශන සඳහා ආරාධනා කරනු ලැබීය.

iii ) බ්‍රිතාන්‍ය දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ අත්දැකීම්

අ ) “මගේ දුව ගෙදර ආවේ අඬ අඬා. මොකද එයාගේ පන්තියේ ළමයින්  එයා ට්‍රක් රථවලට කැමති නම් එයා පිරිමි ළමයෙක් වෙන්න පුළුවන් කියලා කිව්වා.”

ආ ) “අපේ අවුරුදු 7ක දුවට අපිට නොකියා එයාගේ නම සහ සර්වනාම වෙනස් කරන්න පුළුවන් කියලා කිව්වා.”

ඇ ) “පාසලේ නීති රීති ප්‍රශ්න කිරීම වෙනස්කම් කිරීමක් බවට ගුරුවරුන්ට අනතුරු ඇඟෙව්වා.”

ඈ ) “පිරිමි ළමයින් ක්‍රීඩා කණ්ඩායම්වලට සම්බන්ධ වීම නැවැත්තුවේ ස්ත්‍රී ලිංගික අනන්‍යතාවයට සමාන යැයි කියනු ඇතැයි බියෙන්.”

ඉ ) “විද්‍යා පන්තිය පවා දේශපාලනීකරණය විය - ජීව විද්‍යාව ‘සමාජයීයව ගොඩනඟා ඇති’ බව ඔවුන් අපට පැවසුවා.”

ප්‍රතිඵලය

2023–2024 වන විට, එක්සත් රාජධානියේ නිලධාරීන් පවා මෙම පාඩම් විද්‍යාව හෝ ළමා මනෝවිද්‍යාව මත පදනම් නොවූ නුසුදුසු, ව්‍යාකූල සහ දෘෂ්ටිවාදාත්මකව මෙහෙයවනු ලැබූ ඒවා බව පිළිගනු ලැබුවේය.

"කැස් සමාලෝචනය"( Cass Review හෙවත් කැස් සමාලෝචනය යනු එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයෙ හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රශ්න කරන හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොගැලපීම අත්විඳින ළමයින්ට සහ තරුණයින්ට ලබා දෙන සේවාවන් සඳහා ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කළ ස්වාධීන සමාලෝචන කමිටුවකි.) මෙම පද්ධතිය හැඳින්වූයේ “දුර්වල සාක්ෂි, ක්‍රියාකාරී බලපෑම සහ සායනික ආරක්ෂණ නොමැතිකම මත ගොඩනගා ඇති” බවයි.

3) වැරදුණු දේ

වසර 5කටත් වඩා අඩු කාලයකදී, දෙමාපියන්, ගුරුවරුන් සහ වෛද්‍යවරුන් පවා මෙම ක්‍රියාවලිය පිළිබඳ බරපතල ගැටළු මතු කිරීමට පටන් ගත්හ:

අ ) ළමයින් ව්‍යාකූල විය - බොහෝ දෙනෙක් සිතුවේ සාමාන්‍ය ළමා හැඟීම් යනු ඔවුන් “සංක්‍රාන්ති ලිංගිකයන්” විය හැකි බවයි.

ආ ) ඉගැන්වූ දේ පිළිබඳව දෙමාපියන්ගෙන් උපදෙස් ලබා නොගත්හ.

ඇ ) “සංක්‍රාන්ති ලිංගිකයන්” ලෙස ලේබල් කරනු ඇතැයි යන බිය නිසා සැබෑ ගුරුවරුන්  තත්වය ප්‍රශ්න කිරීමට හෝ සාකච්ඡා කිරීමට බිය විය.

ඈ ) ටැවිස්ටොක් මධ්‍යස්ථානය වැනි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සායන වෙත සිය ගණනක් ළමුන් යොමු කරන ලද අතර, පරීක්ෂණවලින් බරපතල හානියක් සහ නිසි වෛද්‍ය අධීක්ෂණයක් නොමැති බව අනාවරණය කර ගැනීමෙන් පසුව එය පසුව වසා දමන ලදී.

ඉ ) ව්‍යාකූල සිසුන් අතර මානසික සෞඛ්‍ය ගැටලු මතු විය.

ඊ ) අතීත උරුමයන් මත පදනම් කරගත් පාසල්වලට හැඟුනේ ඔවුන්ගේ වටිනාකම් ඉක්මවා යන බවයි.

4 ) මහජන ප්‍රතිචාර සහ විමර්ශන

අ ) එක්සත් රාජධානියේ ප්‍රධාන සමාලෝචනයකින් (කැස් සමාලෝචනය, 2024) සොයා ගත්තේ ස්ත්‍රී පුරුෂ භාවය හඳුනාගැනීමේ සේවාවන් නිසි සාක්ෂි නොමැතිව වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවන් යොමු කිරීම ඉක්මන් කර ඇති බවයි. ඒ අනුව දරුවන්ට ආපසු හැරවිය නොහැකි සෞඛ්‍ය ගැටළු ඇති කර තිබේ. මේ හේතුවෙන් ජීවිත කාලය පුරාම මිල අධික ඖෂධ ලබා ගැනීමට සිදුවී තිබේ.

ආ ) එක්සත් රාජධානියේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදය, විශ්වාසයක් හෝ විවාදයක් ලෙස සලකා උගන්වනවා වෙනුවට එම  දෘෂ්ටිවාදය සත්‍යයක් ලෙස ඉගැන්වූ පාසල් පිළිබඳ විමර්ශනය කිරීම ආරම්භ කළේය.

ඇ ) දෙමාපියන් එක්සත් රාජධානිය පුරා විරෝධතා දැක්වූ අතර, විනිවිදභාවය සහ තම දරුවන් මේ සංකල්ප වලින් ඉවත් කරවීමේ අයිතිය ඉල්ලා සිටියහ.

5 ) දැන් ප්‍රතිපත්ති ආපසු හැරවීමට හේතුව

2024–2025 දී, එක්සත් රාජධානියේ රජය LGBTQIA-DEI ප්‍රතිපත්ති ආපසු හැරවීමට හෝ සීමා කිරීමට පටන් ගත්තේ:

අ ) ඉගැන්වීම් වයසට ගැළපෙන ඒවා නොවීම.

ආ ) ඒවා දරුවන් අතර මානසික ව්‍යාකූලත්වයක් ඇති කිරීම.

ඇ ) ඒවා පදනම් වූයේ විද්‍යාව මත නොව දෘෂ්ටිවාදය මත වීම.

ඈ ) දෙමාපියන්ගේ අයිතිවාසිකම් නොසලකා හැරීම.

ඉ ) ඔවුන් පාසල් බෙදා වෙන් කර සැබෑ අධ්‍යාපනයෙන් ඈත් කිරීම කරනු ලැබීම.

අද, එක්සත් රාජධානියේ බොහෝ පාසල් “ලිංගික අනන්‍යතා” පාඩම් ඉවත් කර ඇති අතර නව මාර්ගෝපදේශය මෙසේ කියනු ලබයි:

අ ) වයස අවුරුදු 9 ට අඩු දරුවන්ට ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදය ගැන ඉගැන්විය යුතු නැත.

ආ ) ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් විය හැකි බව හෝ මිනිසුන් “වැරදි ශරීරයක උපත ලබන” බව පාසල් ඉගැන්විය යුතු නැත.

ඇ ) ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ඕනෑම සාකච්ඡාවක් ඉදිරිපත් කළ යුත්තේ සත්‍යයක් ලෙස නොව විවාද සම්පන්න අදහසක් ලෙස ය.

6) ශ්‍රී ලංකාවට උගන්වන පාඩම

එක්සත් රාජධානියේ "ඇතුළත් කිරීම" ලෙස ආරම්භ වූ ක්‍රියාවලිය බ්‍රිතාන්‍ය සමාජය ව්‍යාකූලත්වය සහ පසුතැවීම ඇතිකර අවසානයේ ආපසු හැරවීමකින් අවසන් වී ඇත. ශ්‍රී ලංකාව, දරුවන්ට බ්‍රිතාන්‍යේ දරුවන්ට මෙන් මානසික සහ ශාරීරික හානිය ඇතිකරවීමට පෙර පාඩම නිවැරැදිව ඉගෙන ගත යුතුය. භීෂණය තේරුම් ගත හැක්කේ දෙමව්පියෙකුට පමණි.

අ ) අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැමට මානව හිමිකම් සහතික කරයි - විශේෂ කාණ්ඩ නිර්මාණය කිරීමට අවශ්‍ය නැත.

ආ ) අපගේ ආගම් සහ සංස්කෘතිය පෞද්ගලික ජීවන රටාවන් ප්‍රවර්ධනය නොකරන අතර ගෞරවය සහ සදාචාරය තහවුරු කරයි.

ඇ ) අපගේ දරුවන්, ඔවුන්ගේ නිර්මාපකයින් පවා දැන් ප්‍රතික්ෂේප කරන ආනයනික මතවාදයන්ගෙන් ආරක්ෂාව ලැබිය යුතුය.

එක්සත් රාජධානියෙන් ඉගෙන ගන්න:

අ )අපගේ දරුවන්, අපගේ සංස්කෘතිය,අපගේ පන්ති කාමර ආරක්ෂා කරන්න.

ශ්‍රී ලංකාව වෙත කෙරෙන අනතුරු ඇඟවීම

බටහිර රටවල් කළ වැරදි නැවත කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය නැත. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුද්ගල අනන්‍යතාවය නොසලකා දැනටමත් සෑම පුරවැසියෙකුටම සමානාත්මතාවය සහ මානව හිමිකම් සහතික කරනු ලැබ ත්බේ. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුද්ගලික ලිංගික හැසිරීම් හෝ අපගේ සංස්කෘතියට, ආගමට සහ ජාතික වටිනාකම්වලට පටහැනි ආනයනික මතවාදයන් මත පදනම් වූ විශේෂ වරප්‍රසාද ලබා දීම නොකරනු ලබයි.

එක්සත් රාජධානිය විනාශකාරි නව සබඳතා සහ ලිංගික අධ්‍යාපනය(RSE) ප්‍රතිපත්ති වලින් ආපසු හැරීම "ස්ත්‍රී පුරුෂ අධ්‍යාපනය" ඇතුළත් කිරීමක් නොවන බවට සාක්ෂියක් පමණක් නොව ව්‍යාකූලත්වය ඇති කරන ක්‍රියාවලියක්ද විය.

එය පන්ති කාමර බෙදා, ගුරුවරුන් නිහඬ කර, දෙමාපියන්ට හානි කළ අතර, දහස් ගණනක් දරුවන් චිත්තවේගීය කැළැල් සහ ජීවිත කාලය පුරාම පසුතැවිලි වීමට ඉඩ හැරි ක්‍රියාවලික් විය. අපගේ බාල පරම්පරාව මෙම ඉරණමෙන් ආරක්ෂා කර ගත යුතුය. ශ්‍රී ලංකාව පවුල, ආගමික විශ්වාස, සදාචාරාත්මක අධ්‍යාපනය සහ ජීව විද්‍යාත්මක සත්‍යය අගය කරන රටක් ලෙස පවතිනු මිස ඒවායේ නිර්මාපකයින් පවා දැන් අතහැර දමා ඇති ආනයනික න්‍යායන් මත පදනම් නොවිය යුතුය.

ශ්‍රී ලංකාව මෙම වැඩසටහන් අනුගමනය කළහොත්, මිලියන 4.2 ක් වන ලාංකේය සිසු පරපුරම එයට ගොදුරු වෞ ඇත. සමස්ථ සිසුගහනයෙන් 2-3% ක් පමණක් මෙම වැඩසටහන් මගින් ව්‍යාකූල වන්නේ යැයි අනුමාන කළද , එයින් අදහස් වන්නේ ළමුන් 80,000-120,000 ක් බරපතල මානසික හානියකට මුහුණ දිය හැකි බවයි.

එවැනි ඉගැන්වීම් ආරම්භ වූ පසු, එක්සත් රාජධානියේ අත් දැකීම පරිදි, ගැඹුරු හානියක් නොමැතිව එය ආපසු හැරවීම පවා කළ නොහැක්කකි.

ශෙනාලි වඩුගේ 

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 

සම්බන්ධිත පුවත් | Related News

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.
Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.