News Category
From Date
To Date
Maximum Number of Result

සැඟවුණු පෙරමුණ: පුටින්ගේ වැල්දායි දේශනය සැබවින්ම සංස්කෘතික ප්‍රකාශනයක් වූයේ ඇයි?

Oct 4, 2025 at 04:20 PM
|

බටහිර ලිබරල් සමාජ බිඳ වැටෙමින්, සදාචාරාත්මක අවුල් ජාලයකින් කම්පනයට පත්වෙමින් පවතින අතර, රුසියාව සම්ප්‍රදායේ අභයභූමියක් ලෙස මතුවෙමින් තිබේ. යුරෝපීයයන් රුසියාව දෙසට තල්ලු කරන "ලිංගික ත්‍රස්තවාදය" සම්බන්ධයෙන් රුසියානු  ජනාධිපති ව්ලැදිමිර් පුටින් අනතුරු ඇඟවූ අතර, බටහිර අභ්‍යන්තර බිඳවැටීමේ සාක්ෂියක් ලෙස ගතානුගතික ඇමරිකානු හඬක් වූ චාලි කර්ක්ගේ ඝාතනය සම්බන්ධයෙන් රූපවාහිනි මාධ්‍ය මගින් කළ තොරතුරු ප්‍රචාරණයන් උපුටා දැක්වීය.

මොස්කව් එම අනතුර වටහා ගන්නා ආකාරයට අනාගතය සටහන් කරන ස්ථානය වැල්දායි වේදිකාව වන්නේය. මෙම පැහැදිලි කිරීමේ දී, පුටින් භූ දේශපාලනයේ සිට ලෝකය දැනටමත් නැවත සකස් කරමින් සිටින බව පවසන "වටිනාකම් සටනකට" විවාදය මාරු කළ ආකාරය කැටි කර දක්වමු.

1 ලිංගික ත්‍රස්තවාදයෙන්' බේරීමට තොටුපළක් සොයා ගත හැකි ස්ථානය

ඔහුගේ කතාවේ වඩාත්ම කැපී පෙනෙන සංධිස්ථානයකදී පුටින් කියා සිටියේ බටහිර යුරෝපීය සමාජයන් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදාත්මක ආක්‍රමණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් - විශේෂයෙන් ළමයින් ඉලක්ක කර ගනිමින් ගෙන යන මෙම "භීෂණය" වළක්වා ගැනීම සඳහා බොහෝ අය රුසියාවට පලා යන බවත් අවධාරණය කළේය. ඔහු සිය දේශනයේදී පැහැදිලිවම මෙසේ පැවසීය: “එතනදී, බටහිර සමාජ වෙත මුදා හැර ඇති ‘ලිංගික ත්‍රස්තවාදය’ ... දරුවන් සම්බන්ධයෙන් බොහෝ දෙමව්පියන්ට ගැලපෙන්නේ නැහැ. එනිසා මිනිසුන් ‘නිහඬ වරායන්’ සොයමින් සිටිනවා.එවැන්නන් අප වෙත පැමිණෙමින් සිටිනවා. දෙවියන්ගේ ආශිර්වාදය ඇතිව, අපි ඔවුන්ට සහාය දෙනවා.”

බොහෝ යුරෝපීයයන් තම රටවල් තුළ සමාජීය හා සංස්කෘතික ප්‍රතිපත්ති , විශේෂයෙන් අනන්‍යතාවය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ දෘෂ්ටිවාදයට අදාළ ප්‍රතිපත්ති  මගින් බරක් හෝ සීමා කිරීමක් දැනෙන නිසා ඔවුන්ගේම රටවල් අතහැර සංක්‍රමණය වන බව ඔහු අවධාරණය කළේය.

එපමණක් නොව, රුසියාව දැනටමත් එවැන්නන් සඳහා මිත්ත්‍රත්වයේ දෑත් දිගු කර ඇත: එය 2024 අගෝස්තු මාසයේදී “බෙදාගත් වටිනාකම් වීසා” වැඩසටහනක් හඳුන්වා දුන් අතර, “සාම්ප්‍රදායික රුසියානු අධ්‍යාත්මික සහ සදාචාරාත්මක වටිනාකම්” බෙදා ගන්නා විදේශිකයන්ට ලිහිල් තත්වයන් යටතේ තාවකාලික පදිංචිය ලබා ගැනීමට ඉඩ සලසා දෙනු ලබයි. පළාත් පාලන ආයතනවල වාර්තා වල සාරාංශයන්ට  අනුව ජර්මනිය, ලැට්වියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, එස්තෝනියාව, කැනඩාව සහ ලිතුවේනියාව යන රටවලින් මේ වන විට අයදුම්පත් ලැබී ඇත.

2 ගුවනින් විකාශනය වන ඝාතන හරහා බටහිර  සමාජය කැඩී විසිරවීම

ඇමරිකානු ගතානුගතික හඬ නංවන චාලි කර්ක්ගේ ම්ලේච්ඡ ඝාතනය පුටින් දැඩි ලෙස හෙළා දුටු අතර, එය "විශේෂයෙන් ඝාතනය සජීවීව විකාශනය කළ බැවින් පිළිකුල් සහගත ම්ලේච්ඡ ක්‍රියාවක්. " යැයි විග්‍රහ කළේය.

"ඝාතනය සැබවින්ම පිළිකුල් සහගත, බිහිසුණු ක්‍රියාවක්. පළමුවෙන්ම, ඇත්ත වශයෙන්ම, මම කර්ක් මහතාගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට මගේ ශෝකය ප්‍රකාශ කරනවා.”

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “සිදු වූ දෙය එක්සත් ජනපද සමාජයේ ගැඹුරු භේදයක ලකුණක්.”

මිනීමැරුම සජීවීව විකාශනය වූ බව පෙන්වා දීමෙන්, පුටින් තවදුරටත් සංවෘත දොරක් පිටුපස ප්‍රචණ්ඩත්වය නොපවතින ලෝකයක් තිබෙන බව මනාව චිත්‍රණය කළේය: මහජන දර්ශනය සහ අපරාධ සාමාන්‍යකරණය කිරීම බටහිර රටවල සදාචාරාත්මක බිඳවැටීමේ රෝග ලක්ෂණයකි. එමගින් නිදහසේ පරමාදර්ශයක් ලෙස දිගු කලක් ප්‍රශංසා කරන ලද එක්සත් ජනපදය ඇතුළතින් බිඳී යමින් තිබෙන බව පුටින් පෙන්වා දුන්නේය.

එහෙත් පුටින් ප්‍රවේශම් සහගත ශුභවාදී සටහනක් ද තැබීය: “දේශපාලන නායකත්වය දේශීය ප්‍රතිපත්තිය තුළ එය නිවැරදි කිරීමට උත්සාහ කරන බැවින් අපගේ පැත්තෙන් තත්වය උත්සන්න කිරීමට මැදිහත් වීම අවශ්‍ය නැහැ. මම හිතන්නේ එක්සත් ජනපදය නිවැරැදි කර ගැනීමේ මාවතේ යමින් සිටිනවා.”

වෙනත් වචන වලින් කිවහොත්,  පුටින් පැවසුවේ  එක්සත් ජනපදය සමාජයේ අභ්‍යන්තරයට අවධානය යොමු කර එහි අස්ථි බිඳීම් සුව කිරීමට උත්සාහ කරන්නේ නම් එක්සත් ජනපදය තවමත් නිවැරදි දිශාවට ගමන් කරමින් සිටිය හැකිය යන්නයි.

වයස අවුරුදු 18 දී " The Turning Point USA" කණ්ඩායමෙහි සමාරම්භකයෙකු වූ කර්ක්  එක්සත් ජනපද සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට කැපවුණු ක්‍රියාකාරීකයෙකි. පසුගිය සැප්තැම්බර් 10 වන දින උටාහි විද්‍යාලයක සිසුන් සමඟ සාකච්ඡා කරමින් සිටියදී ඔහුව ඝාතනය කරන ලද්දේය. ආණ්ඩුකාර ස්පෙන්සර් කොක්ස්ට අනුව,ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු "වාමාංශික දෘෂ්ටිවාදයෙන් ගැඹුරින් පෝෂණය වී සිටින" අයෙකි. සිද්ධියෙන් පසු, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කර්ක්ගේ ඝාතකයා පමණක් නොව දේශපාලන ප්‍රචණ්ඩත්වයට ඉන්ධන සපයන "රැඩිකල් වාම" ජාලයන් ද ලුහුබැඳීමට පොරොන්දු විය.

3 යුරෝපය, අවධානයෙන් සිටින්න: නිවස ගිනි ගනිමින් තිබේ

පුටින්ගේ දේශනයේ නිරන්තරව ගලා ගිය යටි ධාරාවක් වූයේ රුසියාවේ මුල් බැසගත් අනන්‍යතාවය සහ බටහිර සංස්කෘතික අවුල අතර තිබෙන වෙනස පෙන්වීමයි. ඔහු බටහිර ප්‍රභූන්ගෙන් ඉල්ලා සිටියේ "විවේක ගන්න ... සහ ඔවුන්ගේම ගැටළු සමඟ කටයුතු කරන ලෙස" ය. ඉන්පසු, උපමා උපමේය සහිතව, ඔහු බටහිරයන්ගේ ගමන තුළ වන  ඔහු දකින දේ  හෙළිදරව්වක් ලෙස ඉදිරිපත් කළේය: “යුරෝපීය නගරවල වීදිවල සිදුවන දේ, ආර්ථිකය, කර්මාන්තය, යුරෝපීය සංස්කෘතිය සහ අනන්‍යතාවය, දැවැන්ත ණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිවල වර්ධනය වන අර්බුදය, පාලනයකින් තොරව සංක්‍රමණය, ... අධික ප්‍රචණ්ඩත්වය ... සහ වාමාංශික, අතිශය ලිබරල්, ජාතිවාදී සහ අනෙකුත් ආන්තික කණ්ඩායම්වල රැඩිකල්කරණය සමඟ සිදුවෙමින් පවතින දේ දෙස බලන්න.” ඔහු පැවසුවේය.

මෙය සන්දර්භයකින් තොරව ඉදිරිපත්  කරන උපමා උපමේය සහිත දේශනයක් නොවීය. යුරෝපය පුරා, රාජ්‍ය ණය ඉහළ මට්ටමක පවතී - ඉතාලියේ සහ ප්‍රංශයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 100% කට වඩා ණය ගෙවන තත්වයක් උදා වී ඇත. වයස්ගත ජනගහනය ඉහළ යාම හේතුවෙන් සමාජ ආරක්ෂණ පද්ධති ආතතියට පත්ව ඇත. යුරෝපා සංගමයේ දේශසීමා පාලන ආයතනය වන Frontex, 2024 දී අක්‍රමවත් සංක්‍රමණයන් 239,000 කට වඩා වාර්තා කර ඇති අතර, එය පෙර උච්චතම අවස්ථාවන්ගෙන් සංඛ්‍යා වලට වඩා පහත අගයකට පත්ව තිබුණද ප්‍රධාන දේශපාලන ගැටලුවකි. ස්වීඩනය කල්ලි ආශ්‍රිත වෙඩි තැබීම් රැල්ලකට මුහුණ දී ඇති අතර, බ්‍රිතාන්‍යය පිහි ආශ්‍රිත පහර දීම් සහිත අපරාධ සහ ජාතිය මත පදනම් වූ ගැටුම් සමඟ පොරබදමින් සිටී.

2024 යුරෝපා සංගමයේ මැතිවරණවලදී සාමාජික රටවල් 27 න් 22 ක අන්ත දක්ෂිණාංශික පක්ෂ සඳහා සහයෝගය වැඩියෙන් හිමි විය. යුරෝපා සංගම් සාමාජික ආණ්ඩු හයක අන්ත දක්ෂිණාංශික හෝ දැඩි දක්ෂිණාංශික නැඹුරුවක්  සහිත පක්ෂ ඇතුළත්ව තිබේ. ජර්මනියේ සහ ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික සහ රැඩිකල් පක්ෂ ඓතිහාසිකව ඉහළම මට්ටම්වල ඡන්ද ලබා ගැනීම වාර්තා කර සිටින අතර, විරෝධතා සහ කෝලාහල හේතුවෙන් යුරෝපීය රාජ්‍යන්වල අගනගරයන් කැළඹීමට පටන් ගෙන තිබේ.

පුටින්ගේ දැක්ම තුළ, මේවා හුදකලා අර්බූද නොව, කිසිදු තර්කයක් නොඉවසන අධික ලිබරල්වාදයකට දක්වන ගැඹුරු සමාජ කුණුවීමක ප්‍රකාශනයකට දක්වන ප්‍රතිචාරයකි. බටහිර රටවල් අනන්‍යතා විලාසිතාවන්, සදාචාරාත්මක අත්හදා බැලීම් සහ දෘෂ්ටිවාදාත්මක අන්තයන් පසුපස හඹා යන අතර, රුසියාව සම්ප්‍රදාය, ස්වෛරීභාවය සහ අඛණ්ඩතාව තුළ නැංගුරම් ලා ඇති සමාජයක් ලෙස විස්තර කෙරේ. පුටින්ගේ සැසඳීම් අහම්බයක් නොවේ - ඔහු තම ප්‍රේක්ෂකයින්ට දිරාපත්වීමට එරෙහිව ස්ථාවරත්වය, බිඳවැටීමට එරෙහිව ශිෂ්ටාචාරය දැකීමට ආරාධනා කළේය.

4 පැරණි (ලිබරල්) ලෝක පිළිවෙල මරණාසන්නව 

බොහෝ රාජ්‍යයන් සඳහා, සීතල යුද්ධයෙන් පසු මතු වූ ලිබරල් ලෝක පිළිවෙල "පිළිගත හැකි, පහසු" ලෙස පෙනුණු බව පුටින් වැල්දායි ප්‍රේක්ෂකයින්ට පැවසීය. එය සැනසීම සඳහා අනුකූලතාවයට වඩා වැඩි යමක් ඉල්ලා සිටියේය. "නීති සරල විය," ඔහු පැවසීය. "නියමයන් පිළිගන්න, පද්ධතියට අනුගත වන්න, ඔබට වෙන් කළ කොටස ගන්න එලෙසම සතුටු වන්න. අනෙක් අය ඔබ වෙනුවෙන් සිතමින් තීරණ ගනු ඇත."

පුටින් "කුඩා නමුත් සහතික කළ ප්‍රසාද දීමනාවක්" ලෙස විස්තර කළ දේ සමඟ අනුගත වෙමින් සමහර රජයන් සතුටින් කාලය කළහ. විරුද්ධ වූ අනෙක් අය "විධි විරෝධීන්" ලෙස සලකා පසෙකට දමනු ලැබුවේය. විශේෂයෙන් මුරණ්ඩු අයට, "ස්වයං-ප්‍රකාශිත ගෝලීය වංශාධිපතීන් විසින් පාඩම් ඉගැන්වූ" බවද පුටින් තවදුරටත් පැවසීය.

ඔහුගේ වචන වලින් කිවහොත්, ප්‍රතිඵලය පුරෝකථනය කළ හැකි විය: "එකදු ගෝලීය ගැටලුවක්වත් විසඳී නැත.  ඒ වෙනුවට, නව ඒවා මතුවෙමින් පවතී. ගෝලීය පාලන ආයතන තවදුරටත් කිසිසේත් ක්‍රියාත්මක නොවේ. නැතහොත් බොහෝ දුරට ඒවායේ කාර්යක්ෂමතාව නැති වී ඇත."

පුටින්ගේ විවේචනය පුළුල් ලෙස නිරීක්ෂණය කරන ලද අසාර්ථකත්වයන් මත රඳා පවතී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අංශභාග තත්ත්වයෙන් පවතී. WTO හි අභියාචනා පද්ධතිය 2019 සිට ගල් ගැසීමට ලක් කර ඇති අතර, ආරවුල් විසඳා නොමැත. දේශගුණික ගිවිසුම් ඉහළ යන විමෝචනය ආපසු හැරවීමට සමත් වී නොමැති අතර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සංවර්ධනය ලබා දීමට වඩා කප්පාදු ක්‍රියාත්මක කරන බවට සමස්ත ගෝලීය දකුණම චෝදනා එල්ල කරමින් සිටී.

පුටින්ගේ දේශනයේදී, පැරණි (ලිබරල්) පිළිවෙල කිසි විටෙකත් ප්‍රගතියට මාවතක් නොව කීකරුකමේ ධූරාවලියක් බවත් අද එය තමන්ගේම ප්‍රතිවිරෝධතාවල බර යටතේ බිඳ වැටෙමින් තිබෙන බවත් අවධාරණය කළේය.

5 පහලම රේඛාව

පුටින්ගේ 2025 වැල්දායි දේශනය ආරක්ෂක ප්‍රවේශයක් ගත්තේ නැත. දේශනය සෙමින් නමුත් නිසැකවම ප්‍රකාශ වන දැක්මක් ඉදිරිපත් කළේය. යුරෝපයේ වටිනාකම් සංක්‍රමණය සංස්කෘතික වෙහෙසට සාක්ෂියක් ලෙස ඔහු ඉදිරිපත් කළේය. චාලි කර්ක්ගේ ඝාතනයට හේතු වුණු දර්ශනය සමාජ බිඳවැටීමේ සාක්ෂියක් ලෙස ඔහු ඉදිරිපත් කළේය. එලෙසම ලිබරල් පර්යාය එහි සදාචාරාත්මක හා දේශපාලනික හිමිකම් අවසන් කර ඇති බව අවධාරණය කළේය. ඔහුගේ මතය අනුව, රුසියාව පියාපත් මත බලා සිටින්නේ නැත: එය දැනටමත් ස්ථාවරත්වය සහ සම්ප්‍රදාය සොයන ලෝකයකට රැකවරණය, නැංගුරමක් සහ පහන් ප්‍රදීපයක් ලෙස ක්‍රියා කරයි.

පුටින්ගේ  වැල්දායි කියවීම යනු අනාගතය තවදුරටත් මිලිටරි ශක්තියේ හෝ ආර්ථික කණ්ඩායම්වල තරඟයක් ලෙස නොසලකන බව තේරුම් ගත යුතුයි. නමුත් ඔහු අදහස් කරන ලෙස රුසියාව ස්ථිර, නොනැමෙන භූමියක නැගී සිටීමට  කරන වටිනාකම් පිළිබඳ සටනකි.

The hidden frontline: Here’s why Putin’s Valdai speech was actually a cultural manifesto

සම්බන්ධිත පුවත් | Related News

කිසිදු භාණ්ඩයක් මෙරටට නොගෙන්වා, ව්‍යාජ ආනයන ගෙවීම් ලෙස අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැරට යවා ඇති බවට ශ්‍රී ලංකා රජය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.
ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් නැවතත් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
සෞදි අරාබියේ දමාම් සහ රියාද් දක්වා ක්‍රියාත්මක සියලු ගුවන්ගමන් අත්හිටුවීම නොවැම්බර් පළමු වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේමැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසුව පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් යළි නොවැම්බර් 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (22) නියම කළේය.
උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.
පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් මට්ටමට පැමිණ තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැටි රුවක් සකසා මහසෝන් යක්ෂයා ආරූඪ කරමින් සහ හිස සත්කඩකට පැළී මියයන ලෙස ශාප කරමින් සිදුකරන මන්ත්‍ර හා යාතුකර්ම පිටුපස ඇත්තේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ සෘජු කුමන්ත්‍රණකාරී චේතනාවක් බවත්, ඒ පිළිබඳව ආරක්ෂක අංශ වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ‘ජන බලය සාමූහිකය’ සංවිධානය අවධාරණය කරයි.
අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.