News Category
From Date
To Date
Maximum Number of Result

සැඟවුණු පෙරමුණ: පුටින්ගේ වැල්දායි දේශනය සැබවින්ම සංස්කෘතික ප්‍රකාශනයක් වූයේ ඇයි?

Oct 4, 2025 at 04:20 PM
|

බටහිර ලිබරල් සමාජ බිඳ වැටෙමින්, සදාචාරාත්මක අවුල් ජාලයකින් කම්පනයට පත්වෙමින් පවතින අතර, රුසියාව සම්ප්‍රදායේ අභයභූමියක් ලෙස මතුවෙමින් තිබේ. යුරෝපීයයන් රුසියාව දෙසට තල්ලු කරන "ලිංගික ත්‍රස්තවාදය" සම්බන්ධයෙන් රුසියානු  ජනාධිපති ව්ලැදිමිර් පුටින් අනතුරු ඇඟවූ අතර, බටහිර අභ්‍යන්තර බිඳවැටීමේ සාක්ෂියක් ලෙස ගතානුගතික ඇමරිකානු හඬක් වූ චාලි කර්ක්ගේ ඝාතනය සම්බන්ධයෙන් රූපවාහිනි මාධ්‍ය මගින් කළ තොරතුරු ප්‍රචාරණයන් උපුටා දැක්වීය.

මොස්කව් එම අනතුර වටහා ගන්නා ආකාරයට අනාගතය සටහන් කරන ස්ථානය වැල්දායි වේදිකාව වන්නේය. මෙම පැහැදිලි කිරීමේ දී, පුටින් භූ දේශපාලනයේ සිට ලෝකය දැනටමත් නැවත සකස් කරමින් සිටින බව පවසන "වටිනාකම් සටනකට" විවාදය මාරු කළ ආකාරය කැටි කර දක්වමු.

1 ලිංගික ත්‍රස්තවාදයෙන්' බේරීමට තොටුපළක් සොයා ගත හැකි ස්ථානය

ඔහුගේ කතාවේ වඩාත්ම කැපී පෙනෙන සංධිස්ථානයකදී පුටින් කියා සිටියේ බටහිර යුරෝපීය සමාජයන් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදාත්මක ආක්‍රමණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් - විශේෂයෙන් ළමයින් ඉලක්ක කර ගනිමින් ගෙන යන මෙම "භීෂණය" වළක්වා ගැනීම සඳහා බොහෝ අය රුසියාවට පලා යන බවත් අවධාරණය කළේය. ඔහු සිය දේශනයේදී පැහැදිලිවම මෙසේ පැවසීය: “එතනදී, බටහිර සමාජ වෙත මුදා හැර ඇති ‘ලිංගික ත්‍රස්තවාදය’ ... දරුවන් සම්බන්ධයෙන් බොහෝ දෙමව්පියන්ට ගැලපෙන්නේ නැහැ. එනිසා මිනිසුන් ‘නිහඬ වරායන්’ සොයමින් සිටිනවා.එවැන්නන් අප වෙත පැමිණෙමින් සිටිනවා. දෙවියන්ගේ ආශිර්වාදය ඇතිව, අපි ඔවුන්ට සහාය දෙනවා.”

බොහෝ යුරෝපීයයන් තම රටවල් තුළ සමාජීය හා සංස්කෘතික ප්‍රතිපත්ති , විශේෂයෙන් අනන්‍යතාවය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ දෘෂ්ටිවාදයට අදාළ ප්‍රතිපත්ති  මගින් බරක් හෝ සීමා කිරීමක් දැනෙන නිසා ඔවුන්ගේම රටවල් අතහැර සංක්‍රමණය වන බව ඔහු අවධාරණය කළේය.

එපමණක් නොව, රුසියාව දැනටමත් එවැන්නන් සඳහා මිත්ත්‍රත්වයේ දෑත් දිගු කර ඇත: එය 2024 අගෝස්තු මාසයේදී “බෙදාගත් වටිනාකම් වීසා” වැඩසටහනක් හඳුන්වා දුන් අතර, “සාම්ප්‍රදායික රුසියානු අධ්‍යාත්මික සහ සදාචාරාත්මක වටිනාකම්” බෙදා ගන්නා විදේශිකයන්ට ලිහිල් තත්වයන් යටතේ තාවකාලික පදිංචිය ලබා ගැනීමට ඉඩ සලසා දෙනු ලබයි. පළාත් පාලන ආයතනවල වාර්තා වල සාරාංශයන්ට  අනුව ජර්මනිය, ලැට්වියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, එස්තෝනියාව, කැනඩාව සහ ලිතුවේනියාව යන රටවලින් මේ වන විට අයදුම්පත් ලැබී ඇත.

2 ගුවනින් විකාශනය වන ඝාතන හරහා බටහිර  සමාජය කැඩී විසිරවීම

ඇමරිකානු ගතානුගතික හඬ නංවන චාලි කර්ක්ගේ ම්ලේච්ඡ ඝාතනය පුටින් දැඩි ලෙස හෙළා දුටු අතර, එය "විශේෂයෙන් ඝාතනය සජීවීව විකාශනය කළ බැවින් පිළිකුල් සහගත ම්ලේච්ඡ ක්‍රියාවක්. " යැයි විග්‍රහ කළේය.

"ඝාතනය සැබවින්ම පිළිකුල් සහගත, බිහිසුණු ක්‍රියාවක්. පළමුවෙන්ම, ඇත්ත වශයෙන්ම, මම කර්ක් මහතාගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට මගේ ශෝකය ප්‍රකාශ කරනවා.”

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “සිදු වූ දෙය එක්සත් ජනපද සමාජයේ ගැඹුරු භේදයක ලකුණක්.”

මිනීමැරුම සජීවීව විකාශනය වූ බව පෙන්වා දීමෙන්, පුටින් තවදුරටත් සංවෘත දොරක් පිටුපස ප්‍රචණ්ඩත්වය නොපවතින ලෝකයක් තිබෙන බව මනාව චිත්‍රණය කළේය: මහජන දර්ශනය සහ අපරාධ සාමාන්‍යකරණය කිරීම බටහිර රටවල සදාචාරාත්මක බිඳවැටීමේ රෝග ලක්ෂණයකි. එමගින් නිදහසේ පරමාදර්ශයක් ලෙස දිගු කලක් ප්‍රශංසා කරන ලද එක්සත් ජනපදය ඇතුළතින් බිඳී යමින් තිබෙන බව පුටින් පෙන්වා දුන්නේය.

එහෙත් පුටින් ප්‍රවේශම් සහගත ශුභවාදී සටහනක් ද තැබීය: “දේශපාලන නායකත්වය දේශීය ප්‍රතිපත්තිය තුළ එය නිවැරදි කිරීමට උත්සාහ කරන බැවින් අපගේ පැත්තෙන් තත්වය උත්සන්න කිරීමට මැදිහත් වීම අවශ්‍ය නැහැ. මම හිතන්නේ එක්සත් ජනපදය නිවැරැදි කර ගැනීමේ මාවතේ යමින් සිටිනවා.”

වෙනත් වචන වලින් කිවහොත්,  පුටින් පැවසුවේ  එක්සත් ජනපදය සමාජයේ අභ්‍යන්තරයට අවධානය යොමු කර එහි අස්ථි බිඳීම් සුව කිරීමට උත්සාහ කරන්නේ නම් එක්සත් ජනපදය තවමත් නිවැරදි දිශාවට ගමන් කරමින් සිටිය හැකිය යන්නයි.

වයස අවුරුදු 18 දී " The Turning Point USA" කණ්ඩායමෙහි සමාරම්භකයෙකු වූ කර්ක්  එක්සත් ජනපද සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට කැපවුණු ක්‍රියාකාරීකයෙකි. පසුගිය සැප්තැම්බර් 10 වන දින උටාහි විද්‍යාලයක සිසුන් සමඟ සාකච්ඡා කරමින් සිටියදී ඔහුව ඝාතනය කරන ලද්දේය. ආණ්ඩුකාර ස්පෙන්සර් කොක්ස්ට අනුව,ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු "වාමාංශික දෘෂ්ටිවාදයෙන් ගැඹුරින් පෝෂණය වී සිටින" අයෙකි. සිද්ධියෙන් පසු, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කර්ක්ගේ ඝාතකයා පමණක් නොව දේශපාලන ප්‍රචණ්ඩත්වයට ඉන්ධන සපයන "රැඩිකල් වාම" ජාලයන් ද ලුහුබැඳීමට පොරොන්දු විය.

3 යුරෝපය, අවධානයෙන් සිටින්න: නිවස ගිනි ගනිමින් තිබේ

පුටින්ගේ දේශනයේ නිරන්තරව ගලා ගිය යටි ධාරාවක් වූයේ රුසියාවේ මුල් බැසගත් අනන්‍යතාවය සහ බටහිර සංස්කෘතික අවුල අතර තිබෙන වෙනස පෙන්වීමයි. ඔහු බටහිර ප්‍රභූන්ගෙන් ඉල්ලා සිටියේ "විවේක ගන්න ... සහ ඔවුන්ගේම ගැටළු සමඟ කටයුතු කරන ලෙස" ය. ඉන්පසු, උපමා උපමේය සහිතව, ඔහු බටහිරයන්ගේ ගමන තුළ වන  ඔහු දකින දේ  හෙළිදරව්වක් ලෙස ඉදිරිපත් කළේය: “යුරෝපීය නගරවල වීදිවල සිදුවන දේ, ආර්ථිකය, කර්මාන්තය, යුරෝපීය සංස්කෘතිය සහ අනන්‍යතාවය, දැවැන්ත ණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිවල වර්ධනය වන අර්බුදය, පාලනයකින් තොරව සංක්‍රමණය, ... අධික ප්‍රචණ්ඩත්වය ... සහ වාමාංශික, අතිශය ලිබරල්, ජාතිවාදී සහ අනෙකුත් ආන්තික කණ්ඩායම්වල රැඩිකල්කරණය සමඟ සිදුවෙමින් පවතින දේ දෙස බලන්න.” ඔහු පැවසුවේය.

මෙය සන්දර්භයකින් තොරව ඉදිරිපත්  කරන උපමා උපමේය සහිත දේශනයක් නොවීය. යුරෝපය පුරා, රාජ්‍ය ණය ඉහළ මට්ටමක පවතී - ඉතාලියේ සහ ප්‍රංශයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 100% කට වඩා ණය ගෙවන තත්වයක් උදා වී ඇත. වයස්ගත ජනගහනය ඉහළ යාම හේතුවෙන් සමාජ ආරක්ෂණ පද්ධති ආතතියට පත්ව ඇත. යුරෝපා සංගමයේ දේශසීමා පාලන ආයතනය වන Frontex, 2024 දී අක්‍රමවත් සංක්‍රමණයන් 239,000 කට වඩා වාර්තා කර ඇති අතර, එය පෙර උච්චතම අවස්ථාවන්ගෙන් සංඛ්‍යා වලට වඩා පහත අගයකට පත්ව තිබුණද ප්‍රධාන දේශපාලන ගැටලුවකි. ස්වීඩනය කල්ලි ආශ්‍රිත වෙඩි තැබීම් රැල්ලකට මුහුණ දී ඇති අතර, බ්‍රිතාන්‍යය පිහි ආශ්‍රිත පහර දීම් සහිත අපරාධ සහ ජාතිය මත පදනම් වූ ගැටුම් සමඟ පොරබදමින් සිටී.

2024 යුරෝපා සංගමයේ මැතිවරණවලදී සාමාජික රටවල් 27 න් 22 ක අන්ත දක්ෂිණාංශික පක්ෂ සඳහා සහයෝගය වැඩියෙන් හිමි විය. යුරෝපා සංගම් සාමාජික ආණ්ඩු හයක අන්ත දක්ෂිණාංශික හෝ දැඩි දක්ෂිණාංශික නැඹුරුවක්  සහිත පක්ෂ ඇතුළත්ව තිබේ. ජර්මනියේ සහ ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික සහ රැඩිකල් පක්ෂ ඓතිහාසිකව ඉහළම මට්ටම්වල ඡන්ද ලබා ගැනීම වාර්තා කර සිටින අතර, විරෝධතා සහ කෝලාහල හේතුවෙන් යුරෝපීය රාජ්‍යන්වල අගනගරයන් කැළඹීමට පටන් ගෙන තිබේ.

පුටින්ගේ දැක්ම තුළ, මේවා හුදකලා අර්බූද නොව, කිසිදු තර්කයක් නොඉවසන අධික ලිබරල්වාදයකට දක්වන ගැඹුරු සමාජ කුණුවීමක ප්‍රකාශනයකට දක්වන ප්‍රතිචාරයකි. බටහිර රටවල් අනන්‍යතා විලාසිතාවන්, සදාචාරාත්මක අත්හදා බැලීම් සහ දෘෂ්ටිවාදාත්මක අන්තයන් පසුපස හඹා යන අතර, රුසියාව සම්ප්‍රදාය, ස්වෛරීභාවය සහ අඛණ්ඩතාව තුළ නැංගුරම් ලා ඇති සමාජයක් ලෙස විස්තර කෙරේ. පුටින්ගේ සැසඳීම් අහම්බයක් නොවේ - ඔහු තම ප්‍රේක්ෂකයින්ට දිරාපත්වීමට එරෙහිව ස්ථාවරත්වය, බිඳවැටීමට එරෙහිව ශිෂ්ටාචාරය දැකීමට ආරාධනා කළේය.

4 පැරණි (ලිබරල්) ලෝක පිළිවෙල මරණාසන්නව 

බොහෝ රාජ්‍යයන් සඳහා, සීතල යුද්ධයෙන් පසු මතු වූ ලිබරල් ලෝක පිළිවෙල "පිළිගත හැකි, පහසු" ලෙස පෙනුණු බව පුටින් වැල්දායි ප්‍රේක්ෂකයින්ට පැවසීය. එය සැනසීම සඳහා අනුකූලතාවයට වඩා වැඩි යමක් ඉල්ලා සිටියේය. "නීති සරල විය," ඔහු පැවසීය. "නියමයන් පිළිගන්න, පද්ධතියට අනුගත වන්න, ඔබට වෙන් කළ කොටස ගන්න එලෙසම සතුටු වන්න. අනෙක් අය ඔබ වෙනුවෙන් සිතමින් තීරණ ගනු ඇත."

පුටින් "කුඩා නමුත් සහතික කළ ප්‍රසාද දීමනාවක්" ලෙස විස්තර කළ දේ සමඟ අනුගත වෙමින් සමහර රජයන් සතුටින් කාලය කළහ. විරුද්ධ වූ අනෙක් අය "විධි විරෝධීන්" ලෙස සලකා පසෙකට දමනු ලැබුවේය. විශේෂයෙන් මුරණ්ඩු අයට, "ස්වයං-ප්‍රකාශිත ගෝලීය වංශාධිපතීන් විසින් පාඩම් ඉගැන්වූ" බවද පුටින් තවදුරටත් පැවසීය.

ඔහුගේ වචන වලින් කිවහොත්, ප්‍රතිඵලය පුරෝකථනය කළ හැකි විය: "එකදු ගෝලීය ගැටලුවක්වත් විසඳී නැත.  ඒ වෙනුවට, නව ඒවා මතුවෙමින් පවතී. ගෝලීය පාලන ආයතන තවදුරටත් කිසිසේත් ක්‍රියාත්මක නොවේ. නැතහොත් බොහෝ දුරට ඒවායේ කාර්යක්ෂමතාව නැති වී ඇත."

පුටින්ගේ විවේචනය පුළුල් ලෙස නිරීක්ෂණය කරන ලද අසාර්ථකත්වයන් මත රඳා පවතී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අංශභාග තත්ත්වයෙන් පවතී. WTO හි අභියාචනා පද්ධතිය 2019 සිට ගල් ගැසීමට ලක් කර ඇති අතර, ආරවුල් විසඳා නොමැත. දේශගුණික ගිවිසුම් ඉහළ යන විමෝචනය ආපසු හැරවීමට සමත් වී නොමැති අතර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සංවර්ධනය ලබා දීමට වඩා කප්පාදු ක්‍රියාත්මක කරන බවට සමස්ත ගෝලීය දකුණම චෝදනා එල්ල කරමින් සිටී.

පුටින්ගේ දේශනයේදී, පැරණි (ලිබරල්) පිළිවෙල කිසි විටෙකත් ප්‍රගතියට මාවතක් නොව කීකරුකමේ ධූරාවලියක් බවත් අද එය තමන්ගේම ප්‍රතිවිරෝධතාවල බර යටතේ බිඳ වැටෙමින් තිබෙන බවත් අවධාරණය කළේය.

5 පහලම රේඛාව

පුටින්ගේ 2025 වැල්දායි දේශනය ආරක්ෂක ප්‍රවේශයක් ගත්තේ නැත. දේශනය සෙමින් නමුත් නිසැකවම ප්‍රකාශ වන දැක්මක් ඉදිරිපත් කළේය. යුරෝපයේ වටිනාකම් සංක්‍රමණය සංස්කෘතික වෙහෙසට සාක්ෂියක් ලෙස ඔහු ඉදිරිපත් කළේය. චාලි කර්ක්ගේ ඝාතනයට හේතු වුණු දර්ශනය සමාජ බිඳවැටීමේ සාක්ෂියක් ලෙස ඔහු ඉදිරිපත් කළේය. එලෙසම ලිබරල් පර්යාය එහි සදාචාරාත්මක හා දේශපාලනික හිමිකම් අවසන් කර ඇති බව අවධාරණය කළේය. ඔහුගේ මතය අනුව, රුසියාව පියාපත් මත බලා සිටින්නේ නැත: එය දැනටමත් ස්ථාවරත්වය සහ සම්ප්‍රදාය සොයන ලෝකයකට රැකවරණය, නැංගුරමක් සහ පහන් ප්‍රදීපයක් ලෙස ක්‍රියා කරයි.

පුටින්ගේ  වැල්දායි කියවීම යනු අනාගතය තවදුරටත් මිලිටරි ශක්තියේ හෝ ආර්ථික කණ්ඩායම්වල තරඟයක් ලෙස නොසලකන බව තේරුම් ගත යුතුයි. නමුත් ඔහු අදහස් කරන ලෙස රුසියාව ස්ථිර, නොනැමෙන භූමියක නැගී සිටීමට  කරන වටිනාකම් පිළිබඳ සටනකි.

The hidden frontline: Here’s why Putin’s Valdai speech was actually a cultural manifesto

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.