News Category
From Date
To Date
Maximum Number of Result

අපේ අමෙරිකාවේ ජාතීන්ගේ එකමුතුකම බිඳදැමීමේ එක්සත් ජනපද කුමන්ත්‍රණයට ලතින් අමෙරිකානු ජාතීන් හසු නොවිය යුතුයි!-ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය

Oct 4, 2025 at 10:41 AM
|

කියුබාව නිකරගුවාව සහ වෙනිසියුලාව ඇමරිකානු රාජ්‍යයන්ගේ දසවන සමුළුවට සහභාගි කරගැනීමට ආරාධනා නොකිරීමට  ඩොමිනිකන් ජනරජය ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය සිය අප්‍රසාදය පල කර සිටියි. ඒ අනුව ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ,  මේ වන විට එක්සත් ජනපද අධිරාජ්‍ය විරෝධී කඳවුර තුළ විශාල භූමිකාවක් රඟ දක්වන වෙනිසියුලාව සම්බන්ධයෙන් එක්සත් ජනපද  අධිරාජ්‍යවාදියාගේ මානව විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්ථාවරය එලෙසින්ම ඩොමිනිකන් ජනරජයේ අනුමත කර තිබෙන බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය වැඩිදුරටත් පවසා සිටින්නේ එක්සත් ජනපදයේ සතුරෙකු වීම භායානකයි මිතුරෙකු වීම මාරාන්තිකයි යන සුප්‍රසිද්ධ කියමන  සිහිතබා ගෙන දෙසැම්බර් 4 සහ 5 යන දිනවල ඩොමිනිකන් ජනරජයේ පුන්ටා කානාහිදී පැවැත්වීමට නියමිත ඇමරිකානු රාජ්‍යයන්ගේ දසවන සමුළුවට සහභාගි වීම කියුබාව, වෙනිසියුලාව සහ නිකරගුවාව යන රාජ්‍ය වලට ආරාධනා නොකිරීමට ඩොමිනිකන් ජනරජය ගෙන ඇති තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටින බවයි.සම්පුර්ණ මාධ්‍ය නිවේදනයේ සිංහල පරිවර්තනය පහතින්...


අපේ  අමෙරිකාවේ ජාතීන්ගේ එකමුතුකම බිඳදැමීමේ එක්සත් ජනපද කුමන්ත්‍රණයට ලතින් අමෙරිකානු ජාතීන් හසු නොවිය යුතුයි!-ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය

අමෙරිකානු එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පැවැත්ම රඳා පවතින්නේ වෙනත් ජාතීන් සතු සම්පත් මංකොල්ල කෑම මතය යන්න අධිරාජ්‍ය විරෝධී ජනයා සෘජුවමත් අධිරාජ්‍ය ගැති ජනයා වක්‍රවත් පිළිගන්නා සත්‍යයකි. ඔවුන් වෙනත් ජාතීන් සතු සම්පත් මංකොල්ල කෑමට භාවිත කළ හැකි ඕනෑම තිරස්චීන ක්‍රියාවක යෙදෙන බව ඔවුන්ගේ වසර 250ක් වැනි වූ කෙටි ඉතිහාසය උඩින් පල්ලෙන් හැදෑරීමෙන් පවා කෙනෙකුට වටහා ගත හැකිය. එයට ඇති හොඳම උදාහරණය, කැරිබියානු කලාපයේ අමෙරිකාවට කිලෝ මීටර 90ක් දුරින් පිහිටි කියුබාවයි. කියුබානු විප්ලවය ජයග්‍රහණය කළ මොහොතේ සිටම අමෙරිකානු සම්බාධක වලට මුහුණ දීමට සිදුවිය. යම් කෙනෙකු කියුබානු විප්ලවයේ ඉතිහාසය හදාරන්නේ නම් කියුබාවට එරෙහි අමෙරිකානු සම්බාධක වල ඉතිහාසය හැදෑරීමම වනු ඇත. එලෙසම අමෙරිකානු ඉතිහාසයේ පහෙන් එක් කොටසක් වැය වී තිබෙන්නේ කියුබාවට එරෙහිව සම්බාධක පැනවීමේ ඉතිහාසයටය. ඒ අනුව රටක සම්පත් තිබීම පමණක් නොව ඒ රට අභිමානයෙන් ස්වාධීනව නැගී සිටීමට ගන්නා උත්සාහය පවා අධිරාජ්‍යවාදී අමෙරිකාව ඉවසන්නේ නැත. ඒ අනුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදියාට ලතින් අමෙරිකානු කැරිබියානු කලාපය දඩබිමක් ලෙස කෙතරම් වැදගත් දැයි  ලෝක ජනයාට පැහැදිලිය. එලෙසම අමෙරිකානු අධිරාජ්‍යවාදියා ඉදිරියේ දන නොනමන ලතින් අමෙරිකානු කැරිබියානු කලාපයක් ආසියානු අප්‍රිකානු අධිරාජ්‍ය විරෝධී ජනයාට ලබා දෙන උත්තේජනය විසින් සමස්ත ලෝක ජනයාගේම අධිරාජ්‍යවාදී එක්සත් ජනපදයෙන් නිදහස් වීමේ සිහිනය ඉක්මනින් සැබෑ වන බවද අවධාරණය කරමු.

අප මේ දීර්ඝ පුර්විකාව ලියනු ලැබුවේ එළඹෙන දෙසැම්බර් 4 සහ 5  දිනවල ඩොමිනිකන් ජනරජයේ පුන්ටා කානාහිදී පැවැත්වීමට නියමිත ඇමරිකානු රාජ්‍යයන්ගේ දසවන සමුළුවට සහභාගි වීම කියුබාව, වෙනිසියුලාව සහ නිකරගුවාව යන රාජ්‍ය වලට සහභාගි වීමට ඩොමිනිකන් ජනරජයේ විදේශ අමාත්‍යාංශයේ නිල සටහනක් මගින් ආරාධනා කර නොමැති බව තහවුරු කර ඇති බව දැනගැනීමෙන් පසුවය. ඩොමිනිකන් ජනරජයේ විදේශ අමාත්‍යාංශය සිය නිවේදනය මගින් පවසන දේ අනුව ඔවුන් මේ වන විට එක්සත් ජනපද අධිරාජ්‍ය විරෝධී කඳවුර තුළ විශාල භූමිකාවක් රඟ දක්වන වෙනිසියුලාව සම්බන්ධයෙන් එක්සත් ජනපද  අධිරාජ්‍යවාදියාගේ මානව විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්ථාවරය එලෙසින්ම අනුමත කර ඇත. එලෙසම ඩොමිනිකන් ජනරජයට කියුබාව සමඟ තිබෙන ඓතිහාසික බැඳීම අහක නොදමන බව ඩොමිනිකන් ජනරජයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශය මගින් වැඩිදුරටත් පවසා සිටී. එසේ නමුදු කියුබානු අසාහය විප්ලවවාදියා වන ෆිදෙල් කස්ත්‍රෝ වරක් බොලිවියානු ජනපතිවරයෙකු වූ ඉවෝ මොරලෙස්ට දේශපාලනය ඉගෙන ගත යුත්තේ ෆිදෙල් කස්ත්‍රෝවන තමාගෙන් නොව නව ලෝක පිළිවෙලෙහි තරුවක් වූ හියුගෝ චාවෙස්ගෙන් බව අවධාරණය කළේය. හියුගෝ චාවෙස්ගේ මරණයෙන් වෙනිසියුලාවේ ඇතිවූ හිඩැස මේ වන විට නිකොලොස් මදුරෝ ජනාධිපතිවරයා වඩාත් හොඳින් පුරවා ඇති බව කුහක නොවන ඕනෑම දේශපාලන චරිතයක් පිලිගන්නා සත්‍යයකි. ඔපෙක් සංවිධානයේ බලවත් රටක් ලෙස සිය අමෙරිකානු විරෝධී ස්ථාවරය මනා ලෙස පවත්වාගෙන යමින් වෙනිසියුලානු ජනයාගේ සුබ සෙත උදෙසා ගන්නා ක්‍රියා මාර්ග සයිමන් බොලිවාර් මෙන්ම හියුගෝ චාවෙස්ද පරයා යන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.  එක්සත් ජනපද බළල් අත් වෙනිසියුලාවේ නිර්මාණය කළ වර්ණ විප්ලව දෙකක් පරාජය කළ නිකොලොස් මදුරෝ සිය ජනයා අමෙරිකානු සම්බාධක හේතුවෙන් මුහුණ දුන් දැඩි ඖෂධ හිඟය පාලනය කර ඇත්තේ මේ වන විට වෙනිසියුලාවේ අක්‍රියව තිබූ ඖෂධ නිෂ්පාදනාගාර 24 න් 23ක්ම බල ගන්වමින් බව අවධාරණය කරමු. නිකරගුවාව සම්බන්ධයෙන් සලකන කළ දිගු කළක් අමෙරිකානු අධිරාජ්‍යවාදී යකඩ සපත්තුවට පෑගී සිට නැගී සිටින්නට සාර්ථක උත්සාහයක් ගන්නා රටක් ලෙස අවධාරණය කරමු. ඒ අනුව ඇමරිකානු රාජ්‍යයන්ගේ දසවන සමුළුව මෙම රාජ්‍යයන්ගේ සහභාගීත්වයෙන් තොරව පවත්වන්නේ නම් එය හුදු කථා සාප්පුවක් පමණක් වනු ඇත. එලෙසම කියුබාව, වෙනිසියුලාව සහ නිකරගුවාව යන රාජ්‍යයන් අතහැර තම ඉදිරිගමන යන බව අධිරාජ්‍යවාදියාට ඩොමිනිකන් රාජ්‍ය දෙනු ලබන සංඥාවෙන් එක්සත් ජනපද බලහත්කාරය ඉදිරියේ දන නමන බව තහවුරු කිරීමකි. එලෙස එක්සත් ජනපද බලහත්කාරකම ඉදිරියේ දන නැමීමේ ප්‍රතිවිපාක අසල්වැසි හයිටි රාජ්‍ය මනා ලෙස භුක්ති විඳින බව හයිටියෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් සිටින අපට  වඩා අසල්වැසි ඩොමිනිකන් රාජ්‍යයේ ජනයා අවබෝධකර ගෙන ඇතැයි සිතමු. එලෙසම එක්සත් ජනපද බලහත්කාරය ඉදිරියේ දන නොනමන කියුබාව තම ජනයා ඉතාම දුෂ්කර තත්තවයන් යටතේ රැක ගන්නා අන්දමද ශ්‍රී ලංකාවේ අපට වඩා ඩොමිනිකන් රාජ්‍යයේ ජනයා හොඳින් අවබෝධ කරගෙන තිබෙන බව අපගේ වැටහීමයි. අවසාන වශයෙන් එක්සත් ජනපදයේ සතුරෙකු වීම භායානකයි මිතුරෙකු වීම මාරාන්තිකයි යන සුප්‍රසිද්ධ කියමන ඩොමිනිකන් රාජ්‍යයේ රාජ්‍ය පාලකයන්ටත් එහි ජනයාටත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු. ඒ අනුව දෙසැම්බර් 4 සහ 5 යන දිනවල ඩොමිනිකන් ජනරජයේ පුන්ටා කානාහිදී පැවැත්වීමට නියමිත ඇමරිකානු රාජ්‍යයන්ගේ දසවන සමුළුවට සහභාගි වීම කියුබාව, වෙනිසියුලාව සහ නිකරගුවාව යන රාජ්‍ය වලට ආරාධනා නොකිරීමට ඩොමිනිකන් ජනරජය ගෙන ඇති තීරණය නැවත සලකා බලන ලෙස ගෞරව පූර්වකව ඉල්ලා සිටිමු. 

ජීවන්ත ජයතිස්ස,

ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය.


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.