හාල් ලූනු ගෙන්නනවා වගේ ඖෂධ ගෙන්වන්න බෑ.. ඖෂධ හිගයට හේතුව ගිය වසරේ හරියට ඇණවුම් නොකිරීමයි..
හාල් හිඟයක් ලූනු හිගයක් ඇතිවූ විට ආනයනය කරනවා මෙන් ඖෂධ හිඟයක් ඇති වූ විට එම ඖෂධ හෝ උපකරණ ක්ෂණිකව ආනයනය කිරීමේ හැකියාවක් රජයට නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි.
අමාත්‍යවරයා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව අවධාරණය කරමින් අවසා සිටියේ කවුරුන් පිළිගැනීමට කැමති වුවත් අකමැති වුවත් සැබෑ තත්ත්වය එය බවයි.
“සමහර අවස්ථාවලදී ඖෂධ වල මෙන්ම උපකරණවල හිගයක් පැන නගිනවා. ඖෂධයක් හිඟ වූ පමණින්ම අපට එය ආනයනය කිරීමේ හැකියාවක් නැහැ. ඖෂධයකට ටෙන්ඩරය ලබාදීමෙන් පසුවයි එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරෙන්නේ. එම සමස්ත ක්‍රියාවලියට මාස 09 ක් පමණ ගතවෙනවා.
ගිය වසරේ හිග ඖෂධ සඳහා හරි විදියට ඇණවුම් භාරදී තිබුණා නම් මේ වන විට ඖෂධ ඇවිදින්. නමුත් එසේ සිදුවී නැහැ. නමුත් මේ වසරට අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ වල ටෙන්ඩර 80%-85%ත් අතර ප්‍රමාණයක් අවසන් කොට තිබෙනවා. ඒ අනුව නොවැම්බර් මැද මාසය පමණ වන විට එම ඖෂධ ලංකාවට එනවා. එවිට දැනට පවතින ඖෂධ සහ උපකරණ හිගය මගහැරීී යයි.
මේ වන විට රුපියල් කෝටි 3500 ක් රෝහල්වලට ලබා දී තිබෙනවා වෛද්‍ය සැපයුම් ඒකකය මගින් සපයන්නැති ඖෂධ පිටතින් මිලදී ගැනීම සඳහා. මම මුදල් යොදවා පෞද්ගලික අංශයෙන් එම ඖෂධ ලබාගත ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් සමහර ඖෂධ රජයේ රෝහල්වල පමණක් නොවෙයි පෞද්ගලික අංශයේ වෙළඳපොලෙත් නැහැ.
මේ වනවිට වකුගඩු රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණවල හිගයක් පවතිනවා. ඊට හේතු වී ඇත්තේ ඒ සඳහා ටෙන්ඩරය ලබාගත් පුද්ගලයා ඒ සඳහා අවශ්‍ය උපකරණ නොවේ ලබාදී තිබෙන්නේ. එම ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රෝහල්වලට අවශ්‍ය මුදල් ලබා දී තිබෙනවා.
මේ වන විට රජය විසින් මත්ද්‍රව්‍ය හෙරොයින් අයිස් වැනි භයානක මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරමින් පවතිනවා. ඒ සමග අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් පවතිනවා. දැන් ඒ ජාලය නිරාවරණය වෙමින් පවතිනවා.
එසේම පාතාලයත් මර්ධනය කරමින් යවනවා. අත්අඩංගුවට ගැනීම් නිරන්තරයෙන් සිදුවෙනවා. මේ දෙපාර්ශ්වයෙන්ම ප්‍රශ්න කරන විට ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව වැදගත් තොරතුරු නිරාවරණය වෙමින්න් පවතිනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ප්‍රශ්න කොට ලබාගන්නා තොරතුරු පිළිබඳව දන්නා පසුගිය දේශපාලනඥයන් කියමින් යනවා දේශපාලන දඩයමක් ආරම්භ කොට තිබෙන බව. සම්පත් මනම්පේරි කියන පුද්ගලයාගෙන් ප්‍රශ්න කරන විට ඔහු ලඟින් ඇසුරු කළ දේශපාලකයන් විවිධ කතා කියන්න පටන් අරන් තිබෙනවා. ඔවුන් දන්නවා ඊලගට විමර්ශන ඔවුන්ගේ පැත්තට කැරකෙන බව.”
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ බිඳ වැටී තිබූ රටේ ආර්ථිකය, නීතිය ක්‍රියාත්මක නොවීම මෙන්ම ගොඩනැගෙමින් පැවතුණ අපරාධ රැල්ල දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද භුක්ති විඳීම එවැනි කරුණු කාරණා රජය විසින් මේ වන විට ජනතාවගේ විශ්වාසය රැකෙන ආකාරයට විසඳමින් යන බවයි.
- ADA
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..