පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් කොළඹ සරසවියෙන්..
පිළිකාව යනු මිනිස් ජීවිතයේ පැවැත්මට දැඩි තර්ජනයක් එක්කර තිබෙන රෝගී තත්ත්වයකි.
එම නිසාම ඊට එරෙහිව ප්‍රතිකාර සෙවීමට මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී තිබේ.
එවැනි පසුබිමක පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් සොයාගැනීමට කොළඹ සරසවියේ ජෛව රසායන, අණුක ජීවවිද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත්වී තිබේ.
මිනිස් ශරීරයේ කොටසක අසාමාන්‍ය සෛල පාලනයකින් තොරව වර්ධනයවීම පිළිකාවක් ලෙස හැඳින්වෙන අතර එය මුල් අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් මරණය පවා ගෙනදිය හැකිය.
ගෝලීය වශයෙන් ගත්කළ වසරකට මිලියන 10කට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් පිළිකාව හේතුවෙන් මරණයට පත්වන අතර ශ්‍රී ලංකාවේ වසරකට පිළිකාව හේතුවෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව 15,000 ත් - 20,000ත් අතර වෙයි.
මෙම තත්ත්වය හමුවේ ගෝලීය වශයෙන් මෙන්ම දේශියවද දිනෙන් දින පිළිකාව පැතිරයාමේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර ඊට සමගාමීව පිළිකාවට එරෙහිව කටයුතු කිරීමේ අවශ්‍යතාවය කෙරෙහිද ලෝකයේම අවධානය යොමුවී තිබේ.
ඒ අනුව පිළිකාවට එරෙහිව ගෝලිය වශයෙන් සිදුකෙරෙන සටනේ වැදගත් සංධිස්ථානයක් සනිටුවන් කරමින් එන්ටරොමික්ස් නමින් සාර්ථක පිළිකා එන්නතක් නිෂ්පාදනය කිරීමට තමන් සමත් වූ බව රුසියාව පසුගියදා නිවේදනය කළේය.
මෙවැනි පසුබිමක 2008 වසරේ සිට වසර 17කට ආසන්න කාලයක් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් සොයාගැනීමට කොළඹ සරසවියේ ජෛව රසායන, අණුක ජීවවිද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත්වී තිබේ.
අණුක ජීවවේදය සහ ජාල ඖෂධවේදය වැනි නවීන විද්‍යාත්මක ක්‍රම භාවිත කරමින් පිළිකා සෛල නසන මෙම පෝෂක ඖෂධය සාදා ඇත්තේ ඖෂධීය ශාක 05ක් භාවිත කරමිනි.
මහාචාර්ය සමීර ආර්. සමරකෝන් ඇතුළු පරීක්ෂණයට සම්බන්ධ වූ පිරිස පවසන්නේ, වර්නෝනියා සෙයිලනිකා ( Vernonia zeylanica), නිගෙලා සටීවා (Nigella sativa), හෙමයිඩෙස්මන් ඉන්ඩිකස් (Hemidesmus indicus), ලුකාස් සෙයිලනිකා (Leucas zeylanica) සහ ස්මිලැක්ස් ග්ලැබ්රා (Smilax glabra) යන ශාකවලින් ලබාගත් ඖෂධ සම්මිශ්‍රණයකින් මෙලෙස පිළිකා සෛල විනාශ කළ හැකි බවය.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..