බංග්ලාදේශයේ බෞද්ධ සහ හින්දු ජනයා ඉලක්ක කර කරනු ලබන ප්‍රහාර නතර කිරීමට මැදිහත් වන්නැයි ඉල්ලමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා වෙත ලිපියක්..
බංග්ලාදේශයේ සුළුතර බෞද්ධ සහ හින්දු ජනයා ඉලක්ක කර කරනු ලබන ප්‍රහාර නතර කිරීමට මැදිහත් වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
අදාළ සවිස්තරාත්මක ලිපිය පහළින්..
2025 10 03
ගරු මහලේකම් තුමා,
එක්සත් ජාතීන්ගේ සංවිධානය,
නිව්යෝක්.
බංග්ලාදේශයේ ප්‍රධාන වශයෙන් බෞද්ධ ජනයා ඉලක්කකර කරනු ලබන ප්‍රහාර නවතන ලෙස කරනු ලබන අවධාරණයයි
පහුගිය සැප්තැම්බර් 23 වැනි දා, ටියුෂන් පංතියකට සහභාගි වී ආපසු නිවස බලා එමින් සිටි ගැහැණු දැරිවියක පුද්ගලයන් තිදෙනෙකු විසින් සමූහ දූෂණයට ලක්කර තිබුණු අතර අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එම දැරිවිය අයත් බුදු දහම අදහන ජන කොටස් විසින් උද්ඝෝෂණයක යෙදී තිබුණි. කෙසේ වුවද බංග්ලාදේශ හමුදාව මැදිහත්වී අපරාධකරුවන් අත් අඩංගුවට ගන්නවා වෙනුවට උද්ඝෝෂකයන්ට පහර දීම හේතුවෙන් බංග්ලාදේශයේ චිතගොං පලාතේ ප්‍රධාන වශයෙන් බෞද්ධ ජනයාට දැඩි ලෙස හානි වී තිබෙන බව ඔබතුමා දන්න කාරණයකි. පසුගිය 29 වෙනිදා සිට බංග්ලාදේශයේ බෞද්ධයන් සහ හින්දු සුළුතරයන් ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර බංග්ලාදේශ හමුදාවේ අනුග්‍රහයෙන් සිදුවන බව වාර්තා පලවීම ඉතාමත්ම බරපතළ තත්වයකි.
ගිනිකොනදිග බංග්ලාදේශයේ චිතගොං කඳුකර ප්‍රදේශ වන රංගමති සහ කග්‍රචාරි දිස්ත්‍රික්කවල ජිවත් වන බංග්ලාදේශයේ මුල් පදිංචිකරුවන් වන ථෙරවාද බුදු දහම අදහන පවුල් සිය ගණනක් ආරක්ෂාව පතා වනාන්තරවල්ට ගොස් හෝ සැඟවී ජීවත් වීමට සිදුව තිබේ. මේ වන විට බංගලාදේශ හමුදාව චිතගොං ආශ්‍රිතව ජීවත් වන බෞද්ධ ජනයා සහ හින්දු ජනයා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් පිටස්තර ලෝකයට යාම වලක්වාලීමට තිරස්චීන උත්සහයක් ගනිමින් සිටියි. ඒ අනුව බංගලාදේශ හමුදාවෝ එම ප්‍රදේශ ආශ්‍රිතව මුරපොලවල් ස්ථානගත කර විශේෂයෙන්ම බෞද්ධ තරුණයන් සතුව තිබෙන ජංගම දුරකථන වල සටහන්ව තිබෙන බෞද්ධ සහ හින්දු ජනයාට එරෙහිව කරනු ලබන හිසන ක්‍රියා වල ඡායාරූප සහ වීඩියෝ දර්ශන පවා ඉවත් වීමට කටයුතු කරමින් සිටින බවද වාර්තාවේ.
චිතගොං ආශ්‍රිතව මේ ගැටුම් ආරම්භ වීමට පෙර ඇමෙරිකාව සහ බංග්ලාදේශය එකතුව Exercise Tiger Shark 2025 නමින් පැවැත්වූ යුද අභ්‍යාසයක් පහුගිය අගෝස්තු 2 වැනි දා සම්පූර්ණ කර තිබේ. ඉන්දු - ශාන්තිකර කලාපයේ “සාමය, ස්ථාවරභාවය සහ ආරක්‍ෂාව තහවුරු කිරීම” මේ මෙහෙයුමේ මුඛ්‍ය අරමුණ බව ඇමෙරිකානු පාර්ශවයෙන් මේ වන විටත් පවසා තිබේ.
ඒ අතර පහුගිය සැප්තැම්බර් 10 වැනි දා ඇමෙරිකානු පාබල සහ ගුවන් හමුදාවලට අයත් 120 ක පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් කිසිදු පෙර දැනුම්දීමක් තොරව චිතගොං නගරයට පැමිණ ඇති බවට වාර්තා පළවේ. එම පිරිස් චිතගොං නගරයේ Radisson Blu නම් හෝටලයේ කාමර 85 ක නවාතැන් ගෙන තිබුණු නමුදු කිසිවෙකු තමන්ගේ නම් හෝටලයේ ලියාපදිංචි නොකිරීමට වගබලාගෙන ඇති බවද ප්‍රවෘත්ති වාර්තා වලින් කිය වේ. එලෙසම සැප්තැම්බර් 14 වැනි දා, ඊජිප්තු ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් යානාවක්ද චිතගොං නගරයට පැමිණ තිබෙන බවද වාර්තා වේ. එලෙසම ඇමෙරිකානු ගුවන් හමුදාවේ Lockheed Martin C-130J Super Hercules ගුවන් යානා දෙකක්ද චිතගොං නගරයේ ෂහ් ඇමනට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බැස තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.
ඒ අනුව අමෙරිකානු හමුදාවේ මැදිහත් වීම මත චිතගොං ආශ්‍රිතව බෞද්ධ ජනයා ප්‍රමුඛ හින්දු සුළු ජනකොටස වලට ඉන්දු - ශාන්තිකර කලාපයේ “සාමය, ස්ථාවරභාවය සහ ආරක්‍ෂාව තහවුරු කිරීම” සඳ අමෙරිකානු හමුදාවල මැදිහත් වීම පලක් වී නොමැති බව තහවුරුව තිබේ. ඒ වෙනුවට සිදුව ඇත්තේ චිතගොං ආශ්‍රිත බෞද්ධ ජනයාගේ ජීවිත සහ දේපල වල අනාරක්ෂිත බව තව තවත් ඉහළ යාමය.
ඒ අනුව මෙම තත්වය තව තවත් නරක අතට හැරීමට පෙර එක්සත් ජාතීන්ගේ සෘජු මැදිහත් වීමක් කොට චිතගොං කළාපය ආශ්‍රිත බහුතර බෞද්ධ සහ හින්දු ජනයාගේ ජීවිත සහ දේපල ආරක්ෂා කර දීමට මැදිහත් වන ලෙස මහත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමි.
මෙයට විශ්වාසී,
වෛද්‍ය වසන්ත බණ්ඩාර,
මහ ලේකම්,
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..