නව මිල සූත්‍රය දේශීය ඔසු නිෂ්පාදනයට දැඩි තර්ජනයක්.. - ජාතික ඖෂධ නිෂ්පාදකයන්ගේ මණ්ඩලය කියයි..
අලුතින් ගැසට් කරන ලද මිල සූත්‍රය හේතුවෙන් දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වන බව පවසමින් ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයන්ගේ මණ්ඩලය එම නව මිල සූත්‍රය අත්හිටුවන්නැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
එම මණ්ඩලයේ සභාපති වෛද්‍ය ලෝහිත සමරවික්‍රම විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වෙත යොමු කරන ලද ලිපියක් මගින් මේ පිළිබඳව දැඩි කනස්සල්ල පළකර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවල සත්‍ය පිරිවැය ව්‍යුහය පිළිබිඹු කරන පරිදි මුල් ඖෂධයේ යොමු මිල සහ USFDA අනුමත නිෂ්පාදන මත පදනම් වූ වෙනස් කළ මිල නියම කිරීමේ රාමුවක් අනුගමනය කරන ලෙසත් රජයේ උපාය මාර්ගයට අනුකූලව දේශීය නිෂ්පාදකයන් විසින් කරන ලද ආයෝජන ආරක්ෂා කරන ඖෂධ ස්වයංපෝෂිතභාවය සහතික කරන ජාතික ප්‍රතිපත්තියක් ආයතනගත කරන ලෙසත් අදාළ ලිපිය මගින් ඉල්ලා තිබේ.
නව ගැසට් කරන ලද මිල සූත්‍රය ඉන්දියානු සහ දකුණු ආසියානු වෙළෙඳපොළ මිනුම් සලකුණු වලින් ව්‍යුත්පන්න කර ඇති අතර එය නැවත මිලදී ගැනීමේ ගිවිසුම් යටතේ සිටින දේශීය නිෂ්පාදකයන් සඳහා යෙදවීමට සම්පූර්ණයෙන්ම නුසුදුසු බවද ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයන්ගේ මණ්ඩලය සඳහන් කරයි.
තවද නව සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිවිපාක ලෙස එම මණ්ඩලය පෙන්වා දෙන්නේ රජයේ සහතික මත කරන ලද ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභ විනාශ කිරීම, දේශීය නිෂ්පාදකයන් ව්‍යාපාරයෙන් ඉවත් කිරීම මගින් ඖෂධ සුරක්ෂිතතාවට තර්ජනය කිරීම, ආනයන මත වැඩි යැපීම සහ විදේශ සංචිත ක්ෂයවීම මගින් ආර්ථික ස්ථාවරත්වයට හානි කිරීම ආදියයි.
එමෙන්ම 2025 අගෝස්තු 6 වැනිදා පැවැති මිල නියම කිරීමේ කමිටු රැස්වීමේදී පවා මෙම සූත්‍රය දේශීය නිෂ්පාදකයන්ට නුසුදුසු විය හැකි බව පිළිගන්නා ලද බවත් මෙම තත්ත්වය නිවැරැදි නොකළහොත් රජය සමග හවුල්කාරීත්වයෙන් ගොඩනගන ලද පහසුකම් කඩා වැටීමකට ලක්වනු ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.
ඒ අනුව මෙම ගැටලුව කඩිනමින් විසඳා නොගතහොත් එය ඖෂධ ක්ෂේත්‍රයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ පුළුල් නිෂ්පාදන අංශය පුරාම ආයෝජක විශ්වාසය දුර්වල කරනු ඇතැයි ද එම මණ්ඩලය අනතුරු අඟවා තිබේ.
මෙම ලිපියේ පිටපත් ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස වෙතද යොමු කර ඇත.
- අරුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..