චිතගොන් බෞද්ධ ජීවිත රැක ගැනීමට වහා මැදිහත් වෙන්න - ආචාර්ය බෝදාගම චන්දිම හිමි
චිතගොන් බෞද්ධයන්ගේ ජීවිත සුරක්ෂාව වෙනුවෙන් වහාම මැදිහත්වන ලෙස ඉල්ලමින් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නායක හිමියෝ ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවා ඇත.
එම ලිපිය මෙසේය.
පාසල් ශිෂ්‍යාවක සමූහ දූෂණය කිරීම මුල්කරගෙන බංග්ලාදේශයේ චිතගොන් ප්‍රදේශයේ ඇති වූ මහජන නොසන්සුන්තාවක් මර්දනය කිරීම අතරතුර එරට සුළුවාර්ගික බෞද්ධ ප්‍රජාව ඉලක්ක කරගෙන බංගලිදේශ හමුදාවේ මැදිහත්වීමෙන් සිදුවන අමානුෂික බෞද්ධ සංහාරය අපි තරයේ හෙළාදකිමු. තවද මේ වනවිට සිදුවී ඇති වෙඩිතැබීම්, පහරදීම් හා ගෙවල් ගිනිතැබීම් නිසා විපතට පත් සහ ජීවිත අහිමි වූ ජනතාව වෙනුවෙන් අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කරන අතර බංගලිදේශයේ රාජ්‍ය මැදිහත්වීමෙන් සිදුවන එකී අමානුෂික සංහාරය පිටුදැකීම හා විපතට පත් එරට ජනතාවගේ ජීවිත සුරක්ෂා කිරීම වෙනුවෙන් බෞද්ධ ජාත්‍යන්තර ප්‍රජාව සහ රාජ්‍යයන් ඒකරාශී කිරීම සඳහා කටයුතු කිරීම, ථෙරවාද බෞද්ධ කේන්ද්‍රය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ වගකීමක් වන බව ද මෙහිදී අවධාරණය කරනු කැමැත්තෙමු.
එබැවින් ඉහත කරුණු සැලකිල්ලට ගෙන ඒ සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම සිදුකරන මෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ජනරජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමු.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..