නොවැ. 1 සිට පොලිතීන් බෑග් නොමිලේ ලබානොදීමට ගැසට් පත්‍රයක්..
ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබාදීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වනදා සිට කිසියම් මුදලක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
පොලිතින් භාවිතය තුළින් පාරිසරික විනාශයක් සිදුවන හෙයින් ඒවා භාවිත කිරීම අවම කිරීමේ වැඩපිලිවෙලක් සකස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.
මෙම නඩුකරයට අදාළව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මෝසමක් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් අබේකෝන් යන මහත් මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
සුපිරි වෙළෙඳසැල් ඇතුළු වෙළෙඳ ආයතනවලින් පාරිභෝගිකයින්ට නිකුත් කරනු ලබන ෂොපිං මලු භාවිතය අවම කිරීම සඳහා ඒ මත කිසියම් බද්දක් පැනවීමට කටයුතු කරන බවට පරිසර අමාත්‍යවරයා විසින් 2024 වසරේ මාර්තු මස 28 වනදා පරිසර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට එකඟතාවයක් පළ කර තිබු බව එම මෝසමේ සඳහන් කර තිබුණි.
එම එකඟතාවය අනුව වගඋත්තරකරුවන් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම මෝසම ඉදිරිපත් කිරීමට සිදුවූ බව පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය සඳහන් කළේ නොවැම්බර් මස පළවනදා සිට ෂොපිං මලු සඳහා කිසියම් ගාස්තුවක් අයකිරීමට හැකිවන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..