සෙවනගල ලාභ ලැබුවා ගෝඨා ආණ්ඩුව කාලේ.. අද ඉන්දියාවට තුට්ටු දෙකට විකුණන්න හදනවා - විමල් වීරවංශ (වීඩියෝ)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව සමයේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ලාභ ලැබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.
එමෙන්ම එය අද කුණුකොල්ලයට ඉන්දියාවට විකිණීමට සූදානම්වන බවයි ඔහු පැවසුවේ.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (30) හිරු සලකුණ වැඩසටහන සමග එක්වෙමින්,
''ආර්ථික අර්බුදය අංක එක. මේ රටේ මිනිස්සු දුක් විඳිනවා ජීවත් වෙන්න විදියක් නැතුව. වතුර ටික කපනවා. නාගන්න විදිහක් නෑ. වැසිකිළියට ගිහිල්ලා පස්ස පැත්ත හෝදගන්න විදිහක් නෑ. විදුලිය කපනවා බිල එහෙට මෙහෙට යන්තම් පැන්න ගමන්. මේ රටේ මිනිස්සු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න බැරුව හූල්ලනවා.
ලක්ෂ ගාණක් ඒ වදවේදනා විඳිනවා. මෙහෙන් රාජ්‍ය ආයතන තියෙන ඒවා කුණු කොල්ලෙට විකුණන්න ලෑස්ති වෙනවා. මේ ඔක්කොම වෙද්දි අර සෙවනගල ලාභ ලැබුවා ගෝඨාභය ආණ්ඩු කාලේ. අද තුට්ටු දෙකට ඉන්දියාවට විකුණන්න ලැහැස්ති වෙනවා.
එතකොට මේ ඔක්කොම වෙද්දි මේ පීඩාවෙන් පීඩාවට මහා ජන සමාජය ඇදගෙන ගොදුරු වෙලා තියෙද්දි මධ්‍යම පන්තිය මේ ජීවන රටාව සම්පූර්ණයෙන් කඩා බිඳ වැටිලා තියෙද්දි ඔලුව උස්ස ගන්න බැරි තත්ත්වෙකට පත් කරලා තියෙද්දි බදු පිට බදු ගහලා මිනිස්සුන්ව ජීවත් වෙන්න විදිහක් නැති කරලා තියෙද්දි ඒවට උත්තර දෙන්නේ නැතුව, ඒවට උත්තර හොයන් නැතුව මේ නිකන්, බලය ගත්තේ ඕවා කියලා. මේ ආර්ථික අර්බුදයෙන් අපි ගොඩ ගන්නවා. අගමැතිකමයි, කැබිනට් මණ්ඩලේ දුන්නොත් මාස හයෙන් රට ගොඩදානවා කියලා කිව්වේ. කිව්වේ නැද්ද? කෝ ඒවා? දැන් මේ වෙන මොකද්ද වලිගයක් අල්ලගෙන ඒගොල්ලෝ මේ එළියට දාලා ඒගොල්ලොම අල්ල අල්ල ඉන්නවා.''
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..